slc
logo
Home   |    News
ජූනි 30, 2025
‘ඒ‘ කණ්ඩායම් වල නායකත්වය පසිඳු සහ ළහිරුට

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එක්දින සහ සිව්දින කණ්ඩායම් වල නායකත්වය සදහා පිළිවෙලින් ළහිරු උදාර සහ පසිඳූ සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙහිදී එක්දින කණ්ඩායම සදහා ක්‍රීඩකයින් ක්‍රීඩකයින් 16 දෙනෙකුද සිව්දින කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුද නම් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ජුනි මස 30 වැනිදා (අද) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට මෙම තරග සංචාරය යටතේ විවිධ තත්ත්වයන්ට මෙන්ම තරගකාරී පරිසරයක සිට ක්‍රීඩා කිරීමේ අවකාශ උදාවනු ඇත. එය ජාතික කණ්ඩායමට පැමිණීමේදී ක්‍රීඩකයින්ට විශාල පිටිවහලක් වනු ඇත.

මෙම තරග සංචාරය යටතේ පළමුවෙන්ම එක්දින තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන අතර අනතුරුව තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ඩාර්වින් නුවරදී පැවැත්වෙනු ඇත.

සිව්දින කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, රවිඳු රසාන්ත, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, විශාද් රන්දික, සොහාන් ද ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන්  ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍ර මෝද් මදුෂාන්, වනුජ සහන්, නිශාන් පීරිස්.

එක්දින කණ්ඩායම – ළහිරු උදාර (නායක), කමිල් මිශාර, ලසිත් කෘෘස්පුල්ලේ, පසිඳූ සූරියබණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුෂාන්, මොහොමඩ් ශිරාස්, දුෂාන් හේමන්ත, වනුජ සහන්.

තරග කාලසටහන

ජූලි 04 – පළමු එක්දින තරග – ඩාර්වින්

ජූලි 06 – දෙවැනි එක්දින තරගය – ඩාර්වින්

ජූලි 09 – තෙවැනි එක්දින තරග – ඩාර්වින්

ජූලි 13-16 – පළමු සිව්දින තරගය – ඩාර්වින්

ජූලි 20-23 – දෙවැනි සිව්දින තරගය – ඩාර්වින්

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee