slc
logo
Home   |    News
ජූනි 27, 2025
ඩිල්ෂාන් – සදීර – මිලාන් එක්දින සංචිතයට

sinhala editor

ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය අහිමිවූ ළහිරු කුමාරට බංග්ලාදේශයට එරෙහිව ලබන ජූලි මස 02 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව තිබුණද පළමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කට මිලාන් රත්නායක ක්‍රීඩා කර තිබුණත් ඔහුව එක්දින කණ්ඩායමකට මෙවර කැඳවා ඇත්තේ පළමු වතාවට වේ.

බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා මිලාන් රත්නායක ක්‍රීඩා කළ ද ඇළපත ප්‍රදේශයේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් ඔහුට මේ වන විටත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද සංචිතයෙන් ඉවත් කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහුව එක්දින සංචිතයට එක් කොට ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත් වුවහොත් පමනි.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට රත්නායකට අමතරව පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සදීර සමරවික්‍රමවත් වේග පන්දු අංශය ශක්තිමත් කිරීම සඳහා වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක සහ එෂාන් මාලිංගව නම් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මොවුන් තිදෙනා කණ්ඩායමට පැමිණීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දුට සහ මොහොමඩ් ශිරාස්ට සිය ස්ථානය අහිමිවී තිබේ.

සදීර අවසන් වතාවට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති තුන් කොන් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් තරග 4 කදී ඉනිමක ලකුණු 197 ක් රැස් කළේය. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 98.5 ක් රඳවා තබා ගැනීමට සමත් වූ දකුණත් පිතිකරුවා එම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා බවට පත්වූවේය. එම තරගාවලියේදී නොදැවී රැස් කරන ලද ලකුණු 129 ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන ජූලි මස 02 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 05 වැනිදා පැවැත්වෙනු ඇත. ජූලි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, වනිඳු හසරංග, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග.

තරග කාලසටහන

ජූලි 02 – පළමු එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ජූලි 05 – දෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ජූලි 08 – තෙවැනි එක්දින තරගය – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar