slc
logo
Home   |    News
ජූනි 15, 2025
පෙරැළිකාර පානදුර සමඟ අත්දැකීම් බහුල සීසීසි හෙට අවසන් මහා ගැටුමේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල අතර හෙට (15) පස්වරු 7.30ට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) ඊයේ  (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල ලකුණු 48කින් පරාජය කිරීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුවර්ස් පිල කඩුලු 8කින් පරාජය කිරීමට සීසීසී පිල සමත් වූවේය.

සීසීසී හා පානදුර කණ්ඩායම් මෙවර තරගාවලියේ පළමු වටයේදී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී හමුවූ අතර, එහිදී පානදුර පිල ලකුණු 7ක පෙරැළිකාර ජයක් වාර්තා කොට ඇති පසුබිමක යළි දෙපිල අවසන් මහා තරගයේදී හමුවීම විශේෂත්වයකි.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් සීසීසී පිල පිටියට පිවිසෙන අතර, දුෂාන් හේමන්ත පානදුර පිලට නායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකා පිල නියෝජනය කළ  පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකුගේ නායකත්වයෙන් මෙම අවසන් මහා තරගය පැවැත්වෙන බැවින් උණුසුම් තරගයක් දැක බලා ගැනීමේ හැකියාව උදාවනු ඇත.

සීසීසී පිලට ශ්‍රී ලංකාව නි‍යෝජනය කළ නිශාන් මධූෂ්ක, චතුරංග ද සිල්වා, නුවන් තුෂාර, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු හා නිශාන් පීරිස් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතර, ලසිත් කෘස්පුල්ලේ හා දුල්නෙත් සිගේරා ඇතුලු දක්ෂ තරුණ ක්‍රීඩක පිරිසක් සිටිති. නිශාන් මධුෂ්ක මෙම තරගාවලියේ තරග 6කට මුහුණදී පන්දු 127කදී හයේ පහර 12ක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 204ක් ලබා ඇති අතර, කෘස්පුල්ලේ තරග 6කදී පන්දු 82කට මුහුණදී හයේ පහර 7ක් හා හතරේ පහර 13ක් සමඟ ලකුණු 137ක් ලබා ඇත.

හ්‍රී ලංකා 19න් පහළ පිල නියෝජනය කළ පානදුර පිලේ යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ මෙවර තරගාවලියේ පෙරළිකාරී පිතිකරුවෙකු බවට පත්වෙමින් තරග 8කට මුහුණදී පන්දු 161කදී ලකුණු 283ක් ලබා පෙරමුණේ පසුවේ. ඔහු හයේ පහර 13ක් හා හතරේ පහර 35ක් එල්ලකොට ඇති අතර, දුෂාන් හේමන්ත තරග 8කට මුහුණදී පන්දු 121කදී හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 136ක් ලබා සිටී.

පන්දු යැවීමේදී පානදුර පිලේ නායක දුෂාන් හේමන්ත තරග 8කදී කඩුලු 13ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, සීසීසී පිලේ අත්දැකීම් බහුල ක්‍රීඩක ඉසුරු උදාන තරග 6කදී කඩුලු 9ක් ලබා ඇත.

පානදුර පිල මෙවර තරගාවලියේදී සීසීසී, බඳුරලිය, කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් කණ්ඩායම් පරාජය කළ අතර, එන්සීසී හා මුවර්ස් කණ්ඩායම් ඉදිරියේ පරාජයට පත්විය.

සීසීසී පිල කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් කණ්ඩායම් පරාජය කළ අතර, පානදුර හා මුවර්ස් ඉදිරියේ පරාජයවී එන්සීසී හා බඳුරලිය සමඟ තරග දෙක අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට රුපියල් 750,000ක මුදල් තෑගි සමඟ ශූරතා කුසලානය හිමිවන අතර, අනුශූරයින්ට රුපියල් 500,000ක් ප්‍රදානය කෙරේ. අවසන් මහා තරගයේ වීරයාට, තරගාවලියේ හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නාට මෙන්ම තරගාවලියේ වීරයාට කුසලාන සමඟ වටිනා මුදල් තෑගි ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.

මෙම උණුසුම් තරගය ඩයලොග් ටීවී හරහා ද පපරේ චැනල් 63 ඔස්සේ සජීව ලෙස විකාශය වන අතර, පියෝ ස්පෝට්ස් චැනල් 151 හා ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube චැනලය ඔස්සේ ද එසැනින් දැක බලා ගැනීමේ හැකියාව උදාකර දී ඇත. ඉන්දියාවේ India: OTTPlay හා Rest of the World (Excl. SL & India): Sporty LK YouTube චැනලය ඔස්සේ ද සජීවී විකාශය නැරැඹිය හැක.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee