slc
logo
Home   |    News
ජූනි 18, 2025
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 500 සීමාව ආසන්නයට

sinhala editor

උදෑසන කාල සීමාවේදී බංග්ලාදේශ පිතිකරුවන් තරගයේ පාලනය ගෙන  පන්දුවට පහර දෙමින් සිටියද පැය දෙකකට ආසන්න කාලයකදී වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් පසු ආරම්භ වුණු තරගයේදී යළිත් තරගයට පිළිපන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 61 ක් ඇතුළත බංග්ලාදේශ ඉනිමේ කඩුලු 5 ක් දවා ගනිමින් ගිලිහී ගිය තරගය යළිත් තමන් වෙත නතු කර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව හේතුවෙන තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 423 ක් ලබා සිටි බංග්ලාදේශ ලකුණු පුවරුව දිනය නිමා වන විට සටහන්ව තිබුණේ කඩුලු 9 කට ලකුණු 484 ක් ලෙසිනි.

ශතක ලාභීන් වූ ෂැන්ටෝ සහ රහීම් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුනු 264 කදී නවතාලීමට අසිත ප්‍රනාන්දු සමත් වුවත්, රහීම්ට එකතු වූ ලිටන් දාස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් යළිත් ලකුනු 149 ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූහ.

දිවා ආහාරයෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගයට පැය දෙකක පමණ කාලයක් අහිමිවූ නමුත් නැවත ඇරැඹි තරගයේ වැඩිම ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්වූයේ මිලාන් රත්නායකය. සමස්ථ පන්දු යවන්නන් අතර අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නා වූ මිලාන් රත්නායකගේ මෙතෙක් තරගයේ යවන ලද පන්දුවාර 22.4 දී ලබා දී තිබුණේ ලකුණ 38 ක් පමණි. ඒ අතරට ඇතුළත් වුණු කඩුලු 3 ද සමගිනි.

තණතීරුව මත තෙතමණය නැවත පැමිණීමෙන් පසු සාර්ථක ඵල නෙළා ගත් දකුණත් මද වේග පන්දු යවන්නා පළමුවෙන්ම ජේකර් අලීවද, අනතුරුව නයීම් හසන් සහ ටයිජුල් ඉස්ලාම්ගේ කඩුල දවා ගනිමින් ශ්‍රී ලංකාවට වාසි ගෙන දුන්නේය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම හානිය කළ පන්දු යවන්නා වූයේ අසිත ප්‍රනාන්දුය. මුලු ලකුණු සංඛ්‍යාව 303 ක්ව තිබියදී අසිතගේ පන්දුවක් හමුවේ නායක ෂොන්ටෝ කඩුල්ල මුවා කරමින් දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රධාන විනිසුරු ලෙසින් කටයුතු කළ ඇලෙක්න් වොෆ් මහතා තීරණය කළේය. එහෙත් විතීවී ක්‍රමවේදය දක්වා යොමුවුණු එම තීරණයේ වාසිය බංග්ලාදේශ නායකයා සතුවූයේ පන්දුව පාදයේ වැදීමට මත්තෙන් පිත්තේ පිටත දාරයේ වැදී ගිය බැවිනි. එහෙත් එම වාසිය හරියට මිට මොලවා ගැනීමට ශොන්ටෝට නොහැකි වූයේ අසිත ප්‍රනාන්දු විසින්ම වේගය අඩාල කොට එවන ලද පන්දුවක් මිඩ් ඕන් කළාපයේ පන්දු රකිම්න් සිටි ඇන්ජලෝ මැතිව්ස් විසින් රැක ගැනීම හේතුවෙනි. ඒ අතරතුර කාලයේදී ශොන්ටෝ ට රැස් කර ගත හැකි ව තිබුණේ ලකුණු 06 ක් පමණි.

පන්දු 279 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලකුණු 148 ක් ලබා සිටියදී දැවී යන විටත් තම ඉනිම හතරේ පහර 15 කින් සහ එක් හයේ පහරකින් සරසාගෙන සිටියේය. අනතුරුව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක රහීම් ද දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. කිසිදු කලබලකාරීත්වයක් නොපෙන්වූ දකුණත් පරිණත පිතිකරුවා දැවී යන විට ලබා සිටි ලකුණු 163 සඳහා හේ පන්දු 350 කට මුහුණ දී තිබුණේය. හතරේ සහ හයේ පහර එල්ල කිරීමට වඩා කඩුලු අතර දිව යමින් වෙහෙසකාරී ලෙස ලකුණු රැස් කිරීමට වඩාත් උනන්දුවක් දැක්වූ රහීම් දැවී යන විටත් සිය ඉනිමට එල්ල කර තිබුණේ හතරේ පහර 9 ක් පමණි.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිදු රත්නායක කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 48 ඇතුළත ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 154 ක් උදුරා ගැනීමට සමත්ව සිටියහ.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 151 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 484 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, ලිටන් දාස් 90, ජකර් අලී 08, නයීම් හසන් 11, ටයිජුල් ඉස්ලාම් 06, හසන් මහමුදු 00*, නහිඩ් රානා 00*, තරිඳු රත්නායක 196/3, අසිත ප්‍රනාන්දු 80/3, මිලාන් රත්නායක 38/3, ප්‍රභාත් ජයසූරිය 154/0, ධනංජය ද සිල්වා 07/0

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee