slc
logo
Home   |    News
ජූනි 28, 2025
මේජර් එක්දින තරගාවලියේ දී කණ්ඩායම් හයකට ජයග්‍රහණ

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ පන්දුවාර 50 එක්දින තරගාවලිය අද (27) ආරම්භ වු අතර එහිදී සී.සී.සී., පොලීසිය, ටැමිල් යුනියන්, හලාවත මේරියන්ස්, නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් යන කණ්ඩායම් හය ජයග්‍රහණ අත්කර ගත්හ.

 සී.සී.සී. කඩුලු හතකින් කෝල්ට්ස් ද පොලීසිය කඩුලු අටකින් එන්.සී.සී. ද ටැමිල් යුනියන් කඩුලු තුනකින් ඒස් කැපිටල් ද හලාවත මේරියන්ස් ලකුණු 18කින් බදුරලිය ද නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය ලකුණු 23කින් බී.ආර්.සී. ද මුවර්ස් ලකුණු 54කින් බ්ලුම්ෆීල්ඩ් ද පරාජයට පත් කළහ.

  • පොලීසිය කඩුලු 8කින් එන්.සී.සී. පරාජය කරයි

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු එන්.සී.සී. තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. පොලීසියේ නදීර බාලසූරිය ලකුණු 26කට කඩුලු හතරක් දවාලමින් දැක් වු දක්ෂතා මත එන්.සී.සී. ඉනිම ලකුණු 143කට සීමා විණි.

 පොලීසිය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැළුණු ධනුජ ඉඳුවර පන්දු 88කට මුහුණ දී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 61ක් රැස් කළේය. ඉඳුවර සහ විෂාඩ් රන්දික නොදැවී (ලකුණු 30) සිව්වන කඩුල්ලට නොදැවී ලකුණු 51ක සබඳතාවයක් තබා ගත්තේ පන්දුවාර 6.3ක් තුළදීය.

 එන්.සී.සී. පන්දුවාර 37.2ක දී සියල්ල දැවී 143යි – (සහන් ආරච්චිගේ 43, දිනෙත් ගුණවර්ධන 22, ජීවක ශෂින් 18, රවින් ෂෙයර් 16, නදීර බාලසූරිය 26/4, චාරුක ප්‍රමෝද් 11/2, මනුජ චතුකි 20/2)

 පොලීසිය පන්දුවාර 28.2ක දී කඩුලු 2ට 144යි – (ධනුජ ඉඳුවර නොදැවී 61, චතුරංග ජයතිලක 38, විෂාඩ් රන්දික නොදැවී 30, රනුක මලවිආරච්චි 34/1, කමිල් මිෂාර 1/1යි)

  • සී.සී.සී. කඩුලු හතකින් කෝල්ට්ස් පරාජය කරයි

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී සී.සී.සී. කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

 සී.සී.සී. කණ්ඩායමේ දුවිඳු රණතුංග ලකුණු 20කට කඩුලු හතරක් දවාලමින් සහ ආරම්භක පිතිකරු ඩෙවන් විශ්මික පන්දු 38ක දී හතරේ හයක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 51ක් ද රැස් කරමින් සී.සී.සී. ජයග්‍රහණයට වැඩිම දායකත්වය දැක්වීය.

  කොල්ට්ස් පන්දුවාර 33.2ක දී සියල්ල දැවී 103 – (සංගීත් කුරේ 51, මනුල කුලරත්න 09, ඇන්ජලෝ මැතිව්ස් 08, දුනිඳු රණතුංග 20/4, චතුරංග ද සිල්වා 22/2, නිශාන් පීරිස් 16/2)

සී.සී.සී. පන්දුවාර 15.1ක දී කඩුලු 3ට 104යි – (ඩෙවන් විශ්මික 51, පවන් සංදේශ් නොදැවී 39, කවිශ්ක අංජුල 16/1, හර්ෂණ වික්‍රමසිංහ 27/1යි)

  • ටැමිල් යුනියන් කඩුලු තුනකින් ඒස් කැපිටල් පරාජය කරයි

 වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ටැමිල් යුනියන් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට ඒස් කැපිටල් පිලට පැවරීය.

 ටැමිල් යුනියන් කණ්ඩායමේ විජය කාන්ත් වියස් කාන්ත් ලකුණු 45කට කඩුලු තුනක් දවාලමින් සහ ආරම්භක පිතිකරු සිතාර හපුහින්න ලකුණු 60ක් රැස් කරමින් වැඩිම දක්ෂතා දැක් වුහ. මීට අමතරව ඔවුනගේ අංක හත පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 21ක දී හතරේ තුනක් හයේ තුනක් සමග කඩිනමින් නොදැවී ලකුණු 41ක් ලැබීය.

 ඒස් කැපිටල් පන්දුවාර 50දී කඩුලු 8ට 193යි – (නිමේෂ ගුණසිංහ 43, දනාල් හේමානන්ද 31, තනූජ රාජපක්ෂ 30, හිමාෂ ලියනගේ 27, රවීන් ද සිල්වා නොදැවී 20, විජය කාන්ත් වියස් කාන්ත් 45/3, කළණ පෙරේරා 20/2යි)

 ටැමිල් යුනියන් පන්දුවාර 43.1ක දී කඩුලු 7ට 199යි – (සිතාර හපුහින්න 60, ෂරුජන් ෂන්මුගනාදන් 40, භානුක රාජපක්ෂ නොදැවී 41, මිනෝද් භානුක 23, සචිත ජයතිලක 20, අනුක විජේවර්ධන 45/2, වනුජ සහන් 26/2)

  • හලාවත මේරියන්ස් – බදුරලිය තරගයෙන් හලාවත මේරියන්ස් ලකුණු 18කින් ජය ලැබීය

 එන්.සී.සී. පිටියේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු බදුරලිය මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

 බදුරලිය කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා පන්දු 100ක දී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 60ක් රැස් කර තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුව ද ඔහු දුවද්දී දැවීමට හසුව දැවී ගියේ.

 හලාවත මේරියන්ස් පන්දුවාර 49.5දී සියල්ල දැවී 213 – (රවිඳු රත්නායක 36, සකුන ලියනගේ 36, ෂම්මු අෂාන් 33, හර්ෂ කුරේ නොදැවී 32, තරිඳු අමරසිංහ 31, කසුන් විදුර 26, සොනල්ද සිල්වා 34/2, චානක කොමසාරු 45/2, කේසර නුවන්ත 38/2, රුචිර කෝසිත 38/2)

 බදුරලිය පන්දුවාර 47.1ක දී සියල්ල දැවී 198යි – (දිල්ෂාන් ද සොයිසා 68, අලංකාර අසලංක 31, යෙනුල දෙව්තුසා 31, කේසර නුවන්ත 15, තනුක දාබරේ 43/3, නිම්සර අතරගල්ල 40/2, ඉරුෂ්ක තිමිර 23/2, ෂම්මු අෂාන් 37/2)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ලකුණු 23කින් බී.ආර්.සී. පරාජය කරයි

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කාසියේ වාසිය දිනු බී.ආර්.සී. මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 නුගේගොඩ කණ්ඩායමේ සඳුන් මෙන්ඩිස්, තිලකරත්න සම්පත් සහ කවික දිල්ෂාන් වැඩි දක්ෂතා දැක්වුහ.

 නුගේගොඩ ක්‍රීඩා සහ සබ සාධක සමාජය කඩුලු 9ට 233 (පන්දුවාර 50) – ( සඳුන් මෙන්ඩිස් 44, පැතුම් කුමාර 43, තිලකරත්න සම්පත් 35, කෙවින් පෙරේරා 35, පුළිඳු පෙරේරා 19, මොහමඩ් ශිරාෂ් 45/3, මොවින් සුබසිංහ 40/3, ශෂික දුල්ෂාන් 39/2)

 බී.ආර්.සී. පන්දුවාර 45දී සියල්ල දැවී 210යි – (මොවින් සුබසිංහ 59, රිසිර වීරසූරිය 40, කුසල් විජේතුංග 20, චමීර දිසානායක 19, මොහමඩ් ශිරාෂ් 17, තිලකරත්න සම්පත් 37/2, කවික දිල්ෂාන් 34/2, අබ්දුල් හකීම් 34/2යි)

  • මුවර්ස් ලකුණු 54කින් බ්ලුම්ෆීල්ඩ් පරාජය කරයි

 මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

 මේ තරගයේ දී මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සහ මල්ෂා තරුපති කැපී පෙනුණු දක්ෂතා දැක්වීය.

 මුවර්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 251 – (රමේෂ් මෙන්ඩිස් 49, හිවින් කෙනුල 35, ෂෙහාන් ප්‍රනාන්දු 31, රවිෂාන් ද සිල්වා 28, මල්ෂා තරුපති 25, ශිරාන් ප්‍රනාන්දු 24, තරිඳු ගුරුගේ 44/3, ළහිරු මධුශංක 28/2, ආදිත්‍ය රණවීර 50/2යි)

 බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 49.2දී සියල්ල දැවී 197 – (නිපුන් කරුණානායක 84, මිනෙත් ප්‍රේමරත්න 32, තරිඳු හර්ෂණ 24, ළහිරු මධුශංක 17, මල්ෂා තරුපති 23/4, හිවින් කෙනුල 23/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee