slc
logo
Home   |    News
ජූනි 28, 2025
ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීම එකම අපේක්ෂාවයි – ධනංජය ද සිල්වා

sinhala editor

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 78ක ජයක් ශ්‍රී ලංකා පිල අද (28) සතුකර ගත්තේය. තරගයේ සිව්වැනි දින පෙරවරුවේදී ශ්‍රී ලංකා පිල මෙම අනගි ජයග්‍රහණය සහතික කර ගැනීමට සමත් වූවේය.

දෙවැනි ටෙස්ට් තරගය නිමාවීමත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවැසූවේ මෙවර ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් සාර්ථක ගමනක් ආරම්භ කිරීමට හැකි වූ බවය. මෙම මාධ්‍ය හමුවට තරගාවලියේ හා අවසන් තරගයේ වීරයා සම්මානය දිනාගත් පැතුම් නිශ්ශංක ද එක්ව සිටියේය.

“ප්‍රශ්නය: පහුගිය ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ළගටම ආවා. අපි ක්‍රීඩා කළාට ලකුණු සටහනේ පොයින්ට අරන් උඩට යා යුතුයි. අපිට පොයින්ට් ආවෙ නැත්තං අපි ගේම් එකෙන් එළියට යනවා. ඉතිං අපි ගොඩක් මිස්ටේක්ස් අඩුවෙන්ම කරන වෙලාවට තමයි අපි තරග දිනලා පොයින්ට එකතු කරගෙන උඩට ගිහින් තියෙන්නේ. දැන් කතා වෙලා ඉන්නේ අතපසුවීම් අඩුකරගෙන යන්න.

ප්‍රශ්නය: පැතුම් ඔබ එක්දින ජාත්‍යන්තර තරගවලදී ද්විත්ව ශතකයක් ලබා ගත්තා. මේ ටෙස්ට් තරග දෙකේදීම අවස්ථාව ගිලිහුණා. මොකද හිතන්නේ?

පැතුම්ගේ පිළිතුර: ඇත්තටම ලොකු අවස්ථාවක් තිබුණා මට දෙසීයක් ගහන්න. ඉතින් මං හිතනවා මට තව මැචි තියෙනවා. ඒ නිසා මම ලොකුවට ඒ ගැන හිතන්නේ නෑ.

ප්‍රශ්නය: පැතුම් ඔබ එක්දින තරගවලදී හොදින් ක්‍රීඩා කළ. දැන් ටෙස්ට් තරගවල හොද තත්ත්වයක ඉන්නවා. මේ තත්ත්වයට එන්න ඔබ මොනවද කළේ?

පැතුම්ගේ පිළිතුර: ලොකුවට දෙයක් වෙනස් කලේ නෑ. පුහුණු වුණ දේ හරියට කළා. මම මාව විශ්වාස කරනවා.

ප්‍රශ්නය: ගොඩක් අය කියනවා ඔබ තිරෙන් පිටුපස බොහෝ දේ කරනවා කියලා. එකක් දෙකක් කියන්න පුළුවන් මොන වගේ දේවල් ද කළේ කියලා?

පැතුම්ගේ පිළිතුර: ගොඩක් වෙලාවට මං නෙට් එකේ බැට් කරන එක තමයි කළේ. හොඳ පුහුණුවක් ලබනවා බැට් කරන්න. ඉතින් මගේ අඩුපාඩු හදාගන්න පුළුවන් වුණා කියා හිතනවා.

ප්‍රශ්නය: එක්දින හා විස්සයි20 හ්‍රේණිගත කිරීමේ උඩට එන්න ඔබට හැකියාව තිබුණා. ටෙස්ට්වලත් එහෙම හිතනවාද ඉදිරියට එන්න?

පැතුම්ගේ පිළිතුර: ඔව් ඇත්තටම ලොකු ආසාවක් තියෙන මට ෆෝමැට් තුනේම ටොප් ටෙන් වෙලා ඉන්න. කවදා හරි මම උත්සහා කරනවා. මම හිතනවා මට කරන්න පුළුවන් වෙයි කියලා.

ප්‍රශ්නය: පැතුම් ජාත්‍යන්තර ක්‍රිකට් වල හොද එක්දින ක්‍රීඩකයෙක් හා විස්සයි20 ක්‍රීඩකයෙක්. දැන් ටෙස්ට් තරගවලදී අපි දකිනවා හොඳ සම්මිශ්‍රනයක්. කව්ද උදව් කළේ මේ තැනට එන්න?

පැතුම්ගේ පිළිතුර: ඇත්තම කිව්වොත් දැන් ටෙස්ට් ක්‍රිකට්වල ගොඩක් වෙලාවට අපේ ලකුණු වේගය උඩින් තියාගෙන පහර දෙන්න ඕනේ. මං හිතනවා මට ටෙස්ට්වලදී ඒ දේකරන්න පුළුළුන් වුණා කියලා. ඒකට පුහුණුකරුවන්ගේ උදව් ලැබුණා.

ප්‍රශ්නය: ධනංජය තරගාවලිය ජයග්‍රහණය කර තියෙන්නේ. ඉදිරියේ ටෙස්ට් තරග නැති විරාමයක් එනවා. ඒ ගැන මොකක්ද අදහස?

ධනංජයගේ පිළිතුර: ඇත්තටම සතුටුයි. පැතුම්, කමිදු, කුසල් ලකුණු අතර හිටියා. වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් හොදින් කළා. හැමෝම ටීම් එකට ඕන දේවල් කළා. මා හිතනවා ඒක තමයි වෙන්න ඕන. තව ටික කාලෙකට ටෙස්ට් මැච් අපිට නෑ. නමුත් ක්‍රිකට් ආයතනය උත්සහ කරනවා තව තරග ටිකක් ගන්න. එහෙම වුණොත් හොදයි.

ප්‍රශ්නය: ටෙස්ට් තරග නැතිවීමෙන් මේ රිද්මය දිගටම තියා ගන්න ප්‍රශ්නයක් වෙනවා නේද?

පැතුම්ගේ පිළිතුර: තරග නැති වුණාම පිතිකරුවෙක් විදිහට ප්‍රශ්නයක් තියෙනවා. මං හිතනවා ඒ වෙනුවට අපිට තියෙනවා අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්. අපිට ඒ තරගවලදී සෙල්ලම් කරන්න පුලුවන්.

ප්‍රශ්නය: පන්දු 34ක් තුලදී කඩුලු 4 දවාගෙන ඉක්මණින් තරගය නිමා කළා. විශේෂ සැලසුමක් තිබුණද?

ධනංජයගේ පිළිතුර: විශේෂ සැලසුමක් තිබුණේ නෑ. අපි හැම තිස්සේම තරගයට එන්න කලින් සැලැස්මක් හදාගන්නවා. අපි ගොඩක් වෙලාවට කලින් අපේ ටෙස්ට් සීරිස් ටික විශ්ලේෂණය කළාම පෙනුන ‍දෙයක් කමයි ලකුණු නොදුන් ඕවර් අපේ අඩු වෙලා තිබුණා. අපි බැලුවේ මේ වතාවේ එහෙම ලකුණු නොදී ඉන්නයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ රිද්මයක් තියාගෙන ගිහින් තමයි පීඩනයක් දෙන්න පුළුළුන්.

ප්‍රශ්නය: ක්‍රිකට් ආයතනය සමඟ කතා කළාද ටෙස්ට් තරග තව ටිකක් ගන්න?

ධනංජයගේ පිළිතුර: අපිට දේශීය තරගාවලි තියෙනවා. දැන් එක්දින තරගාවලියක් යනවා. තුන් දින තරග තියෙනවා. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඉල්ලීමක් කළා. ඔවුන් ඒ ගැන බලනවා. තව තරග තුන හතරක් හරි ගන්න.

ප්‍රශ්නය: ටෙස්ට් පිටියට ආවාට පසු කඩුලු 20ක් ගැනීමට ප්‍රභාත් ‍විශාල බලාපොරොත්තුවක් වුණා. ඔහුට පන්දුව අතට දෙද්දී නායකයා ලෙස ඔබ මොනවාද කිව්වේ?

ධනංජයගේ පිළිතුර: විශේෂ දෙයක් නෑ. හැම තිස්සේම කියන්නේ තමන් තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න කියලා. තමන් හොඳ නම් තමයි තමන්ට යමක් කරන්න පුලුවන්. ඉතින් අපි හැම තිස්සෙම කතා වෙනවා. ප්‍රභාත් සෑහෙන දේවල් රට වෙනුවෙන් ලබාදී තිබෙනවා.

ප්‍රශ්නය: ‍ටෙස්ට් නායකයෙක් හැටියට හිතන්නේ ලොක ටෙස්ට් ශූරතාවලි ආකෘතිය පිළීබඳ?

ධනංජයගේ පිළිතුර: ඒක සෑහෙන්න හොඳ දෙයක්. මොකද අපිට ගිය ශූරතාවලිය බැලුවාම දකුණු අප්‍රිකාව වගේ ටීම් එකක් අවසන් කාලයේදී හොදින් කළා. පැතුම් කිව්වා වගේ දැන් ලකුණු වේගයත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත්. දැන් තරගකාරීත්වය වැඩියි. ඉතින් මා හිතනවා ටෙස්ට් ලෝක ශූරතාවලිය ලොකු දෙයක් කියලා.

ප්‍රශ්නය: මෑත කාලයේ තිබූ ප්‍රශ්නයක් තමයි යටින් එන පිතිකරුවන් ලකුණු අතර නැතිවීම. ඔබ හිතනවාද ඒ ගැටලුව දැන් විසදා ගන්න පුළුවන් කියලා?

ධනංජයගේ පිළිතුර: ඔව් කුසල් මෙන්ඩිස් නොම්මර හතේ ක්‍රීඩා කරන එක සෑහෙන්න වැදගත් කණ්ඩායමට. මොකද ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක් එයා. ඉතින් එයා එතැන ඉන්න එකෙන් අපිට ඔය කියන ප්‍රශ්නයටත් විසඳුමක් එනවා. කුසල් ලකුණු අතර ඉන්නවා.

ප්‍රශ්නය: පැතුම් ගාල්ලේදී හා කොළඹදී හොදින් ක්‍රීඩා කළා. ඔබ කව්රු හරි ක්‍රීඩකයෙක් අනුගමණය කරනවාද?

පැතුම්ගේ පිළිතුර: මා ඇත්තටම ලොකුවට කව්රුත් අනුගමණය කරන්නේ නෑ. ඒ වුණත් විරාත් කෝලි පන්දුවට පහරදෙන රටාවට මා කැමැතියි. තණතිල්ලට ගියාම බලන්නේ මට පුළුවන් දේ උපරිමව කරන්න.

ප්‍රශ්නය: අපිට අවුරුද්දක් ටෙස්ට් නැති වුණාට ඊළඟ අවුරුද්දේ ටෙස්ට් තරග 10ක් තියෙනවා. කාර්ය බහුල තත්ත්වයක් එනවා. ඉන්දියාව මුලින්ම මුණ ගැහෙන්නේ. ඒක කොහොම වේවිද?

ධනංජයගේ පිළිතුර: ඔව් අපි අර කිව්වා වගේ ටෙස්ට් තරග නැති වෙලාවට ඒක ටිකක් අපහසුයි. නමුත් එක දිගට තරග තියනකොටත් ඒක ලේසි වෙන්නේත් නෑ. නමුත් අපි වෘත්තිමය ක්‍රීඩකයෝ විදිහට ඕනෑම දේකට සූදානම් විය යුතුයි. රෝහිත්, කෝලි දෙන්නම ඉන්දියාවට නෑ. අපිට හොද ක්‍රීඩකයෝ ඉන්නවා. පැතුම්, කමිදු වගේ අය රෑන්කින් වල උඩට යනවා. අපි ඉන්දියාවට හොඳ තරගයක් දෙනවා.

ප්‍රශ්නය: පැතුම් ඔබ ආකෘති තුනේදීම සාර්ථකයි. කොහොමද ටෙස්ට් ශතකයක වටිනාකම?

පැතුම්ගේ පිළිතුර: ටෙස්ට් කියන්නේ සෑහෙන වටින දෙයක්. ඒකේදී ලබා ගන්නා ශතකයත් හරිම වටිනවා. ඒක වචනයකින් කියන්න අමාරුයි.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee