නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මසදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය.
මෙරට දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට මෙම තරග සංචාරය යටතේ විවිධ ක්‍රීඩා තත්ත්වයන්ට මෙන්ම තරගකාරී පරිසරයකට ක්‍රීඩා කිරීමේ අවකාශ උදාවනු ඇත. එය ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයින්ට විශාල පිටිවහලක් වනු ඇත.
ජූලි මස 04 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියෙන් පසු තරග 2 කින් සම්නිවත සිව්දින ක්‍රිකට් තරගාවලිය ජූලි මස 13 වැනිදා ආරම්භ වනු ඇත. මෙම සියලුම තරග ඩාර්වින්හිදී පැවැත්වේ.
දිනය | තරගය | ස්ථානය |
ජූලි 04 | පළමු එක්දින තරගය | ඩාර්වින් |
ජූලි 06 | දෙවැනි එක්දින තරගය | ඩාර්වින් |
ජූලි 09 | තෙවැනි එක්දින තරගය | ඩාර්වින් |
ජූලි 13-16 | පළමු සිව්දින තරගය | ඩාර්වින් |
ජූලි 20-23 | දෙවැනි සිව්දින තරගය | ඩාර්වින් |