දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසින්, මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ සහ ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ වෙත පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 14 වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කෙරුණු අතර අනතුරුව ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ 10 වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරි නැමිණ.
කොළඹ ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැති මෙම චාම් උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව ලේකම් බන්දුල දිසානායක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධිත අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙරට දේශීය ක්‍රිකට් පද්ධතියේ තරගකාරීත්වය තවදුරටත් ඉහළ නංවමින් ජාතික කණ්ඩායමට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් බිහි කර ගැනීමේ අරමුණ ඇතිව මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් බව මේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් බන්දුල දිසානායක මහතා පවසා සිටියේය.
ප්‍රමුඛ පෙළ කොටසේ ක්‍රීඩා සමාජ – බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය, නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, බී.ආර්.සී. ක්‍රීඩා සමාජය.
ටියර් B ක්‍රීඩා සමාජ – මැලේ ක්‍රිකට් සමාජය, සිංහල ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය, රාගම ක්‍රිකට් සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය.