slc
logo
Home   |    News
ජූනි 25, 2025
සොනාල් ට ටෙස්ට් වරම්

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සමත්වූවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 170 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු සොනාල්” ටෙස්ට් වරම් හිමිවීම වෙනුවෙන් සංඛේතාත්මකව පිරිනැමෙන ටෙස්ට් හිස්වැස්ම කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පිරිනමන ලදී.

වමතින් දඟ පන්දු යවන සොනාල් වමතින්ම පිත්ත හසුරුවනු ලබයි. සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සොනාල් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. මේ වන විටත් පළමු පෙළ තරග 48 කට ක්‍රීඩා කර ඇති සොනාල් කඩුලු 99 ක් බිඳ හෙළීමට සමත්ව සිටින අතර පිත්තෙන් ලකුණු 2478 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

ඔහුගේ නම ඉදිරියෙන් සටහන්ව ඇති ශතක සංඛ්‍යාවකි 7 කි. පිතිකරණයේදී ඉනිමක සාමාන්‍ය 40.62 ක් රඳවා තබා ගැනීමට සමත් කඩුල්ලක් දවා ගැනීමේදී 24.79 සාමාන්‍යයක් රඳවාගෙන සිටියි.

අවසන් වතාවට ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට සොනාල් දිනූෂ ඇතුළත්ව සිටියද තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය.

අද තරගයේ කාසියේ වාසිය යළිත් තමන් සතු කරගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. අද තරගය සඳහා දෙපිළම වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණව සිටිති. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමඟින් අවතීර්ණව සිටිති. ගාල්ල තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සහ මිලාන් රත්නායක වෙනුවට අද තරගයේදී පිළිවෙළින් සොනාල් දිනූෂ සහ විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කරති. බංග්ලාදේශය වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා කළ ජේකර් අලී මෙහෙදි හසන් මිරාස් සහ එබොදත් හොසේන් එක්ව සිටිති.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee