slc
logo
Home   |    News
ජූනි 23, 2025
දෙවැනි ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට ගේට්ටු අංක 3-4 න් එන්න

sinhala editor

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ජුනි මස 25 වැනිදා සිට කොළඹ, එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් වෙත ක්‍රීඩාංගණය වෙත නොමිලේ ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ගේට්ටු අංක 03 සහ 04 හරහා තරගය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණය වෙත ඇතුළුවීමේ අවස්ථාව උදාවනු ඇත.

දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජුනි මස 25 වැනිදා පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත. මෙම තරගය එදින සිට 29 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝක ටෙස්ට් ශූරතා 2025-27 තරගාවලියේ කොටසක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar