slc
logo
Home   |    News
ජූනි 26, 2025
ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ තරග සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සිම්බාබ්වේ රාජ්‍ය බලා පිටත්ව යනු ඇත.

සුදු පන්දුව භාවිතයෙන් සිදුකෙරෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 2 කට සහ පන්දුවාර විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. . මෙම තරගාවලියේ සියලුම තරග හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු මස 29 වැනිදා සහ 31 වැනිදා පැවැත්වන අතර පළමු විස්සයි-20 තරගය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙනු ඇත. දෙවැනි තරගය 06 වැනිදාද තෙවැනි තරගය 07 වැනිදාද පැවැත්වේ.

තරග කාලසටහන

අගෝස්තු 29 – පළමු එක්දින තරගය හරාරේහිදී

අගෝස්තු 31 – දෙවැනි එක්දින තරගය හරාරේහිදී

සැප්තැම්බර් 03 – පළමු විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 06 – දෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

සැප්තැම්බර් 07 – තෙවැනි විස්සයි-20 තරගය හරාරේහිදී

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee