slc
logo
Home   |    News
ජූනි 27, 2025
අවසන් මහ සටනට සුදුසුකම් ලබන්න කැන්ඩි – කොළඹ දකුණ සහ ගාල්ල – කොළඹ උතුර සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්හ.

තරගාවලියේ මූලික වටයේ පැවැති තරග 4 න් 4 ම ජයගත් කැන්ඩි කණ්ඩායම අපරාජිතව මෙම පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගත් නමුත් තරගාලියේ පළමු තරග 2 ම ජයගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වුණු කොළඹ දකුණු කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කරන ලද තරග 2 ම පරාජයට පත්වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැනට පත්වෙමින් අවස් 4 දෙනා අතර තරග වටයට තේරී පත්විය.

මෙම තත්ත්වය නිසා හෙට (28 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග වලදී ප්‍රබල කැන්ඩි කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත් වීමට කොළඹ දකුණු කණ්ඩායමට සිදුවි තිබේ. අවසාන මොහොතේ කොළඹ දකුණු පිල පරාජයට පත් කළ ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහෙන් තෙවැනි ස්ථානයට පත්වීම නිසා ඔවුන් කොළඹ උතුරු කණ්ඩායම සමග අවසන් පූර්ව තරගයේදී තරග වදිනු ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 152 කට සීමා කළ කොළඹ උතුරු පන්දු යවන්නෝ එම ඉලක්කය රැස් කර ගත්තේ 23 වැනි පන්දුවාරයේදී පස්වැනි පන්දුවේදීය. එම ඉලක්කය හඹා යෑමේදී ඔවුන්ගේ කඩුලු 7 ක් ප්‍රතිවාදීන් විසින් දවා ගැනීමට සමත් වුවත් එය උතුරු කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට තරම් ප්‍රමාණවත් නොවීය.

මේ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කරන ලද්දේ කොළඹ දකුණු පිලට එරෙහිවය. පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු පිල පන්දුවාර 45.1 කදී ලකුනු 148 කට සීමා කිරීමට ගාලු පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම වැය කරන ලද්දේ පන්දුවාර 22.2 ක් පමණි. කඩුලු 4 ක් දැවී එම ඉලක්කය ඔවුන් සපුරා ගන්නා විට විරාන් චමුදිත ලකුණු 72 ක් ලබමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.

කොලඹ උතුරට කඩුලු 3 ක ජයක්

දඹුල්ල පන්දුවාර 47.4 කදී සියලු දෙනා දැවී ලකුනු 152 යි – (කුගදාස් මාතුලන් 13, හිමාල් රවිහංස 11, දිමත් අබේසිංහ 11, මහීෂ් සිතුම් 19, චන්දූප අබේසිංංහ 13, රජිත් නවෝද්‍ය 10, දිනුග මෙත්විරු 13, මානස මදුභාෂණ 26/2, ශ්‍රීරාම් ජීවහන් 33/2, චාමික හීනටිගල 20/2, දුනික් පෙරේරා 28/2)

කොළඹ උතුර පන්දුවාර 22.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 157 යි – (අවිශ සමාෂ් 34, කිත්ම විදානපතිරණ 60, සෙනුජ වෙකුණගොඩ 22, මානස මදුභාෂණ 15*, හිමාල් රවිහංස 16/2, මෙනුර නිරෝෂණ 25/2, කුගදාස් මාතුලන් 42/2) 

ගාල්ලට කඩුලු 6 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 45.1 කදී ලකුණු 148 යි – (ජොෂුවා සෙබස්තියන් 23, දහම් නිර්මාල් 60, ලිදුන නෙත්මින 15/3, සදෙව් නෙත්මිණ 21/3, යූරි කොත්තිගොඩ 23/2)

ගාල්ල පන්දුවාර 22.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 149 යි – (අරෝෂ් සිතුමින 31, චාර්යය පරණවිතාන 10, විරාන් චමුදිත 72*, චමරිඳු නෙත්සර 21*, දහම් නිර්මාල් 26/2)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee