slc
logo
Home   |    News
ජූනි 30, 2025
ප්‍රධානතම ක්‍රීඩා සමාජ එක්දින තරග හයක් අඟහරුවාදා

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025 මේජර් අන්තර් සමාජ පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් ජූලි මස 01 වැනිදා (අඟහරුවාදා) පැවැත්වේ.  තරග හයෙන් තරග පහක් කොළඹ නගරයේ ක්‍රීඩාංගණ පහකදීත් තරගයක් කොළඹින් පිට පැවැත්වීමට නියමිතය.

ඒම තරගය වනුයේ බදුරලිය ක්‍රීඩා සමාජය සහ ඒස් කැපිටල් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයයි.

 ටැමිල් යුනියන් – එන්.සී.සී., පොලීසිය – පාණදුර, බී.ආර්.සී. – සී.සී.සී., මුවර්ස් – කෝල්ට්ස් සහ බ්ලුම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් අතර තරග කොළඹ නගරයේදී පැවැත්වීමට නියමිතය.

 මේ තරගාවලිය පසුගිය සති අන්තයේ ආරම්භ වු අතර එහිදී ටැමිල් යුනියන් කඩුලු තුනකින් ඒස් කැපිටල් ද හලාවත මේරියන්ස් ලකුණු 18කින් බදුරලිය ක්‍රීඩා සමාජය ද පොලීසිය කඩුලු අටකින් එන්.සී.සී. ද සී.සී.සී. කඩුලු හතකින් කෝල්ට්ස් ද නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ලකුණු 23කින් බී.ආර්.සී. ද මුවර්ස් ලකුණු 54කින් බ්ලුම්ෆීල්ඩ් ද පරාජය කළහ.

ඒක් සතියක් පමණක් පැවැති මෙම තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පොලිස් ක්‍රීඩා සමාජයත් බී කාණ්ඩය යටතේ සී.සී.සී. කණ්ඩායමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.

 අඟහරුවාදා (ජූලි 01) පැවැත්වෙන තරග මෙසේය.

  • බදුරලිය ක්‍රීඩා සමාජය – ඒස් කැපිටල් – මග්ගොන සරේ ක්‍රීඩාංගණය
  • ටැමිල් යුනියන් – එන්.සී.සී. – පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය
  • පොලීසිය – පාණදුර ක්‍රීඩා සමාජය – පොලිස් ක්‍රීඩාංගණය
  • බී.ආර්.සී. – සී.සී.සී. – බී.ආර්.සී. ක්‍රීඩාංගණය
  • මුවර්ස් – කෝල්ට්ස් – මුවර්ස් ක්‍රීඩාංගණය
  • බ්ලුම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් – කෝල්ට්ස් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee