slc
logo
Home   |    News
ජූලි 26, 2025
ගාල්ල බාළිකාවෝ පිට පිටම තෙවැනි ජයත් ලබති

sinhala editor

ගාල්ල කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීිඩිකා රිශ්මි සංජනා විසින් ලකුණු 11 ක් ඇතුළත දඹුලු කණ්ඩායමේ පිතිකාරිණියන් 5 දෙනෙකු දවාලීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්සං සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) පැවැති තරගයකදී ජය වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙය ගාල්ල කණ්ඩායම තරග 4 කදී පිට පිටම ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. මීට අමතරව මහනුවර පිලට එරෙහිව පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය.

කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරග වලදී පෙරවරුවේ පැවැති තරගය වූ මහනුවර පිලට එරෙහිව පැවැති තරගයේදී කොළඹ ක්‍රීඩිකාව ලකුණු 02 ක තියුණු ජයක්ද, පස්වරුවේ පැවැති තරගයේදී දඹුලු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 44 ක ජයක් ගාල්ල ක්‍රීඩිකාවන්ද වාර්තා කළේය.

පන්දුවාර 15 කට සීමා වෙමින් පැවැති පළමු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 14.4 කදී සියලු දෙනා ලකුණු 66 කට දැවී ගියද එම ඉලක්කය හඹා යෑමේදී මහනුවර කණ්ඩායමට පන්දුවාර 15 දී රැස් කර ගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 64 ක් පමණි.

පස්වරුවේ පැවැති අනෙක් තරගයේ දී ගාල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු 144ට පිළිතුරු ලෙස දඹුල්ල පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී රැස් කළේ ලකුණු 100ක් පමණකි.

 ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය සංජානා කාවින්දි පන්දු 55කට මුහුණ දී හතරේ පහක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුවාය. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු රිශ්මි සංජනා තම පන්දුවාර 4 දී ලකුණු 11 කට ප්‍රතිවාදී පිලේ පිතිකාරිණියන් 5 දෙනෙකු දවා ලමින් මෙවර තරග වාරයේ කඩුලු 5 ක් ලද පළමු පන්දු යවන්නිය බවට පත්වූවාය.

කොළඹට ලකුණු 02 ක ජයක්

කොළඹ පන්දුවාර 14.4 කදී සියලු දෙනා දැවී ලකුණු 66 යි – (ශෂිනි පෙරේරා 10, ලිමී තිලකරත්න 17, ධරණි දිසානායක 07/3, මිතලි අයෝද්‍යා 02/2)

මහනුවර පන්දුවාර 15 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 64 යි – (ප්‍රමුදි මෙත්සරා 18, අසේනි තලගුණේ 15, දිනිති නාගසිංහ 13/3)

ගාල්ලට ලකුණු 44 ක ජයක්

ගාල්ල බාලිකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ට 144යි – (සංජානා කාවින්දි නොදැවී 57, නෙතගි ඉසුරංජලී 30, ලක්නි නිම්සරා 12, සෙත්මි නෙහාරා 11, චලනි කවීෂා 18/2)

 දඹුල්ල පන්දුවාර 20දී කඩුලු 8ට 100යි – (චතුනි සඳකිරණි 25, දිනායා ගමගෙදර 20, වගීෂා ජයවර්ධන 13, රිස්මි සංජානා 11/5)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar