ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (05 දා) පැවැත්වෙන මෙම තරගයේදී දෙපිළම වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණව සිටිති.
තරගාවලියේ පළමු තරගය ජය ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට නම් අද තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වන අතර තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් බංග්ලාදේශ පිලට මෙම තරගයේ ජය තීරණාත්මක වනු ඇත.
එවන් අසීරු අභියෝගයකට බංග්ලාදේශ පිල මුහුණ දී සිටියද අද තරගයේදී ඔවුන් සතු හොඳම වේග පන්දු යවන්නා වන ටස්කින් අහමඩ්ව විවේක ගන්වා තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවට දකුණත් වේග පන්දු යවන හසන් මහමූද්ව කැඳවා තිබෙන අතර ඊට ලිටන් දාස්ගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශමීම් හොසේන් කැඳවීමට එම තේරීම් වලදී පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී මිලාන් රත්නායක වෙනුවට දඟ පන්දු යවන්නකු ලෙස දුනිත් වෙල්ලාලගේ සහ පෙර තරගයට ක්‍රීඩා කරන ලද එෂාන් මාලිංග වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවමින් අවතීර්ණව සිටිති. පළමු තරගයේදී දෙපිළම වේග පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබමින් ක්‍රීඩා කළද මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට සහායක් දෙනු ඇතැයි අපේකෂාවෙන් තරගයට අවතීර්ණ ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. නිශාන් මදුෂ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක (නායක), 6. ජනිත් ලියනගේ, 7. දුනිත් වෙල්ලාලගේ, 8. වනිඳු හසරංග, 9. මහීෂ් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. අසිත ප්‍රනාන්දු.
බංග්ලාදේශ කණ්ඩායම – 1. ප්‍රර්වේස් හොසේන්, 2. ටන්සිඩ් හසන්, 3. නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4. ටව්හිඩ් රිඩෝයි, 5. ශමීම් හොසේන්, 6. මෙහෙදි හසන් මිරාස් (නායක), ජෙකර් අලී, ටන්සිම් හසන්, 9. හසන් මහමුදු, 10. ටන්වීර් ඉස්ලාම්, 11. මුස්ටෆිසුර් රෙහ්මාන්.