ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වීිමට පොලිස් ක්‍රීඩා සමාජයේ නායක අෂේන් බණ්ඩාර අද (01 දා) සමත්වූවේය.ෙ තරගාවලියේ දෙවැනි දිනය බවට පත් වුණු අද (01 දා) පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙදී බණ්ඩාර පන්දු 98 කදී නොදැවී ලකුණු 107 ක් රැස් කිරීමට සමත්වූවේය.
හතරේ පහර 11 ක් සහ හයේ පහර ක් ඇතුළත් වුණු බණ්ඩාරගේ මෙම ඉනිම ප්‍රධාන කොට පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමටද පොලිස් කණ්ඩායමට හැකියාව ලැබිණ. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී බණ්ඩාරගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුනු 307 ක් රැස් කිරීමට පොලිස් කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙහිදී බණ්ඩාරට අමතරව නදීර බාලසූරිය පන්දු 55 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස් කර ගත්තේය.
එම ඉලක්කය හඹා යෑමේදී පානදුර ක්‍රීඩා සමාජයට පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි.
මෙදින පැවැති තරග අතුරින් සී.සී.සී. කඩුලු දෙකකින් බී.ආර්.සී. ද බදුරලිය ලකුණු 30කින් ඒස් කැපිටල් ද එන්.සී.සී. කඩුලු පහකින් ටැමිල් යුනියන් ද පොලීසිය ලකුණු 140කින් පාණදුර ක්‍රීඩා සමාජය ද බ්ලුම්ෆීල්ඩ් ලකුණු 119කින් කුරුණෑගල තරුණ ද කෝල්ටස් කඩුලු 7කින් මුවර්ස් ද පරාජයට පත් කළහ.
තරග ප්‍රතිඵල
පොලීසිය පන්දුවාර 50ක දී කඩුලු 7ට 307යි – (නායක අෂේන් බණ්ඩාර 107, නදීර බාලසූරිය 59, විෂාඩ් රන්දික 37, මනුජ චන්තුක 28, චතුරංග ජයතිලක 24, ප්‍රියමල් පෙරේරා 20, නිමේෂ් විමුක්ති 61/2, අසංක මනෝජ් 82/2, සහන් මිහිර 50/2)
පානදුර පන්දුවාර 44.5ක දී සියලු දෙනා දැවී ලකුණු 169යි – (කවිඳු අමාමෙත් 40, සසිඳු මල්ෂාන් 30, චාර්ය පරණවිතාන 28, විෂේන් හැළඹගේ 15, දිලුම් සුධීර 30/3, ප්‍රියමල් පෙරේරා 36/2)
සී.සී.සී. කඩුලු 2කින් බී.ආර්.සී. පරාජය කරයි
බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ චමිඳු විජේසිංහ ලකුණු 20කට කඩුලු දෙකක් දවා පසුව අසීරු අවස්ථාවක ලකුණු 30ක් රැස් කරමින් සී.සී.සී. ජයග්‍රහණයට මුල් විය. සී.සී.සී. ජයග්‍රහණය සඳහා ලකුණු 134ක් හඹායද්දී ලකුණු 69කට කඩුලු පහක් දැවී අසීරු තත්ත්වයක සිටිය දී චමිඳු විජේසිංහ (30) සහ ඉනුක කරන්නාගොඩ (30) හත්වන කඩුල්ලට ලකුණු 51ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
බී.ආර්.සී. පන්දුවාර 29.4ක දී සියල්ල දැවී 133යි – (මොවින් සුබසිංහ 44, දිනුර අබේවික්‍රමසිංහ 22, රවිජ සඳරුවන් 18, චමීර දිසානායක නොදැවී 11, සචිර වැලිවත්ත 11, රිසිර වීරසූරිය 11, චතුරංග ද සිල්වා 30/3, චමිඳු විජේසිංහ 20/2)
සී.සී.සී. පන්දුවාර 33.2ක දී කඩුලු 8ට 139යි – (ඉනුක කරන්නාගොඩ 30, චමිඳු විජේසිංහ 30, සහන් කෝසල 20, ඉසුරු උදාන නොදැවී 14, මුවින් අභිනාෂ් 37/4, චමීර දිසානායක 49/2, මොවින් සුබසිංහ 19/2)
බදුරලියට ලකුණු 30 ක ජයක්
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති බදුරලිය ඒස් කැපිටල් තරගයේ දී බදුරලිය කණ්ඩායමේ රොස්කො තටිල් පන්දු 72ක දී හතරේ පහර හයක් හයේ පහරක් සමග ලකුණු 70ක් රැස් කරමින් ද අලංකාර අසලංක ලකුණු 48කට කඩුලු හතරක් දවාලමින් ද බදුරලිය ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයට මුල් විණි. ඊට අමතරව දිල්ෂාන් ද සොයිසා පන්දු 77ක දී හතරේ හතරක් සමග ලකුණු 51ක් ද රැස්කර කණ්ඩායමේ තෙවන කඩුල්ලට ලකුණු 113ක සබඳතාවයක් ද තබා ගත්හ.
බදුරලිය පන්දුවාර 49.4ක දී සියල්ල දැවී 267යි – (රොස්කො තටිල් 70, දිල්ෂාන් ද සොයිසා 51, ජනෙත් කෞෂාල් 29, කේසර නුවන්ත 20, අලංකාර අසලංක 15, ශේෂාන් මධුශංක 15, සීක්කුගේ ප්‍රසන්න 15, ට්‍රවීන් මැතිව්ස් 42/5, නිමේෂ ගුණසිංහ 36/3)
ඒස් කැපිටල් පන්දුවාර 49.3ක දී සියල්ල දැවී 237යි – (හිමාෂ ලියනගේ 68, තනුජ රාජපක්ෂ 41, නිමේෂ ගුණසිංහ 17, ළහිරු අබේසිංහ 14, අලංකාර අසලංක 48/4, යෙනුල දෙව්තිසා 31/2)
එන්.සී.සී. කඩුලු පහකින් ටැමිල් යුනියන් පරාජය කරයි
වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී එන්.සී.සී. ලකුණු 199ක ජයග්‍රහණයක් හඹායද්දී අංක හත පිතිකරු චාමික කරුණාරත්න පන්දු 72ක දී හතරේ පහක් හයේ හයක් සමග නොදැවී ලකුණු 86ක් ද අංක හය පතිකරු විනුක රූබසිංහ පන්දු 58ක දී හතරේ හතරක් සමග නොදැවී ලකුණු 36ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනා එන්.සී.සී. හයවන කඩුල්ලට නොදැවී ලකුණු 121ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ටැමිල් යුනියන් (පන්දුවාර 48යි) ලකුණු 198යි – (සචින්ත ජයතිලක 53, විජය කාන්ත් වියස් කාන්ත් 34, මොහමඩ් ෂමාෂ් 22, සරුජන් ෂන්මුගනාදන් 22, මිනෝද් භානුක 17, අෂේන් ඩැනියල් 39/3, රනුක් මලවිආරච්චි 40/2)
එන්.සී.සී. පන්දුවාර 33.4ක දී කඩුලු 5ට 199යි – (චාමික කරුණාරත්න නොදැවී 86, නිරෝෂන් දික්වැල්ල 49, විනුක රූබසිංහ නොදැවී 36, තරිඳු රත්නායක 50/3, විජය කාන්ත් වියස් කාන්ත් 20/2යි)
බ්ලුම්ෆීල්ඩ් ලකුණු 119කින් කුරුණෑගල තරුණ පරාජය කරයි
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ජයග්‍රාහී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත (59) සහ තරිඳු හර්ෂණ (52) අර්ධ ශතක වාර්තා කළහ. මොවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට පන්දුවාර 26ක දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 117කි.
බ්ලුම්ෆීල්ඩ් කඩුලු 9ට 271යි (පන්දුවාර 50යි) – ( රොන් චන්ද්‍ර ගුප්ත 59, තරිඳු හර්ෂණ 52, ළහිරු මධුශංක 46, නිපුන් කරුණානායක 37, දිනෙත් ප්‍රේමරත්න 18, දුලාජ් සමුදිත 20, රවිඳු ප්‍රනාන්දු 17, දිනුක තෙන්නකෝන් 53/3, අයේෂ් මධුශංක 72/2)
කුරුණෑගල තරුණ කණ්ඩායම පන්දුවාර 37.4ක දී සියල්ල දැවී 152යි – (දිල්හාර පොල්ගම්පළ 36, රශ්මික මධුශංක 19, අයේෂ් මධුශංක නොදැවී 17, අරවින්ද ප්‍රේමරත්න 16, රවිඳු ප්‍රනාන්දු 27/2, දුලාජ් සමුදිත 19/2, ආදිත්‍ය රණවීර 46/2, අසිත වන්නිනායක 12/2)
කොල්ට්ස් කඩුලු 7ක ජයක්
මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කෝල්ට්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා රවිඳු රසන්ත ලකුණු 71ක් ද (පන්දු 91යි හතරේ 8යි) සංගීත් කුරේ ලකුණු 88ක් ද (පන්දු 90, හතරේ 09යි හයේ තුනයි) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 30.4ක දී ලකුණු 167ක් රැස් කළහ. මීට අමතරව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් රැස් කළේ පන්දු 53ක දී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගය.
මුවර්ස් කඩුලු 9ට 249යි (පන්දුවාර 50) – (සිතාර ගිම්හාන 73, රමේෂ් මෙන්ඩිස් 53, ෂෙෂාන් ප්‍රනාන්දු 37, ජනිෂ්ක පෙරේරා 29, ලසිත් අබේරත්න 20, මනුල කුලරත්න 23/4, අකිල ධනංජය 49/1)
කොල්ට්ස් 47.4ක දී කඩුලු 3ට 250යි – (රවිඳු රසන්ත 71, සංගීත් කුරේ 88, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 52, හිවින් කෙනුල 19/2)