ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට අද (06 දා) සමත්වූවේය. මේ සමඟම තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයර රැගෙන ඒමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයන්ට හැකියාව ලැබිණ.
ඩාර්වින්හි මරාරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු ‘ඒ‘ නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩඩායම කඩුලු 7 කට ලකුණු 294 ක් රැස් කර ගැනීමට සමත්විය. ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුනු 243 ක් පමණි.
පළමු තරගයට ක්‍රීඩා නොකරන ලද නුවනිඳු ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර කැඳවමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කිරීමට ළහිරු උදාර සහ ලසිත් කෘෘස්පුල්ලේ සමත්වූහ. පෙර තරගයේ අර්ධ ශතක ලාභියා වූ කමිල් මිශාර වේලාසනම දැවී ගය නමුත් කෘෘස්පුල්ලේට එක් වුණු නුවනිඳු ප්‍රනාන්දු සිව්වැනි වෙනුවෙන් ලකුණු 78 ක් රැස් කිරමින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ස්ථාවරත්වයකට රැගෙන ආහ.
එම සම්බන්ධතාව බිඳී යන්නේ කෘෘස්පුල්ලේ පන්දු 70 කදී ලකුණු 63 කට දැවී යෑමත් සමඟිනි. අනතුරුව නුවනිඳු ප්‍රනාන්දුට එක් වන සහන් ආරච්චිගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් එක් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 300 ආසන්නයට රැගෙන යෑමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළහ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන නුවනිඳු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 90 කදී ලකුණු 82 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සොනාල් දිනූෂ සහ පවන් රත්නායක යළිත් 6 වැනි කඩුල්ල ට ලකුණු 59 ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්වූහ. මෙහිදී පවන් පන්දු 29 කදී ලකුනු 30 ක් ද සොනාල් පන්දු 29 කදී ලකුණු 34 ක්ද රැස් කිරීමට සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් මැට් රේන් ෂෝ පන්දු 75 කදී වේගවත් ලකුණු 106 ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, ප්‍ර මෝද් මදුෂාන් පමුඛ ‘ඒ‘ පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 41.1 කදී සියලු දෙනා ලකුණු 243 කට සීමා විය. මෙහිදී මදුෂාන් ලකුණු 37 කට කඩුලු 4 ක් ලබා ගනිද්දී සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත සහ මොහොමඩ් ශිරාස් කඩුලු දෙක බැගින් බිඳ හෙළූහ.
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 294 යි – (ළහිරු උදාර 27, ලසිත් කෘෘස්පුල්ලේ 63, නුවනිඳු ප්‍රනාන්දු 82, පවන් රත්නායක 30, සොනාල් දිනූෂ 34, ජැක් නිබෙට් 28/2, සෑම් එලියට් 30/2)
ඔස්ට්‍රේලියා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලකුණු 243 යි – (මැතිව් ගිල්ක්ස් 38, ලියම් ස්කොට් 53, මැට් රෙන්ෂෝ 106, මොහොමඩ් ශිරාස් 35/2, සහන් ආරච්චිගේ 29/2, ප්‍ර මෝද් මදුෂාන් 37/4, දුෂාන් හේමන්ත 32/2)