slc
logo
Home   |    News
ජූලි 29, 2025
සත්කාරක සී.සී.සී. අභියෝගයට පොලිස් ප්‍රහාරය කෙසේ වේවිද…?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ එක්දින ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ අවසන්න මහ තරගය මේ මස 30 වැනි බදාදා  සී.සී.සී. සහ පොලීස් කණ්ඩායම් අතර ‍කණ්ඩායම් අතර පැවැත්වේ. මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම අවසන් මහ තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

ප්‍රථම අවසන් පූර්ව තරගයේදී පොලිස් කණ්ඩායම විසින් කෝල්ට්ස් ක්‍රීඩා සමසාජයද, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී සී.සී.සී. පිල ටැමිල් යුනියන් කණ්ඩායම ද පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම දිනා ගත්හ.

ප්‍රධානම අන්තර් සමාජ 14ක සහභාගිත්වයෙන් මේ තරගාවලිය ජූනි 27 වැනිදා ආරම්භ වුයේ ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට කණ්ඩායම් හත බැගින් සහභාගි කරවමිනි.

 ‘ඒ ‘ කොටසේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා පොලීසිය ද ‘බී‘ කොටසේ ප්‍රථම ස්ථානය සී.සී.සී. කණ්ඩායම ද හිමිකර ගන්නා ලදී. මූලික වටයේ දී පොලීසිය ‘ඒ‘ කොටසේ දී තරග හයකට සහභාගි වී තරග පහක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු දහයක් හිමිකර ගත් අතර සී.සී.සී. කණ්ඩායම ද ‘බී‘ කොටසේ දී මූලික වටයේ තරග හයකට සහභාගි වී තරග පහක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු දහයක් ලැබීය.

 ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කෝල්ට්ස් රැස් කළ ලකුණු 143 පිළිතුරු ලෙස පොලීසිය කඩුලු හයකට ලකුණු 144ක් රැස්කර කඩුලු හතරක ජයක් ලැබීය. දෙවන අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී. කඩුලු 7කට රැස් කළ ලකුණු 309ට පිළිතුරු ලෙස ටැමිල් යුනියන් පන්දුවාර 41.1ක දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 241කි.

අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම් මෙසේය.

සී.සී.සී. – නිශාන් මධුෂ්ක, ලසිත් කෘෘස්පුල්ලේ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සොනල් දිනුෂ (නායක) සහන් කෝසල, චමිඳු විජේසිංහ, නිශාන් පීරිස්, විශ්ව ප්‍රනාන්දු  සහ නුවන් තුෂාර

පොලීසිය – ධනුජ ඉඳුවර, නදීර බාලසූරිය, කුසල් පෙරේරා, විෂාඩ් රන්දික, අෂේන් බණ්ඩාර (නායක) ප්‍රියමල් පෙරේරා, ජේසන් ප්‍රනාන්දු, නවීන් ප්‍රනාන්දු, දිලුම් සුධීර, චාරුක ප්‍රමෝද් සහ නලින් ප්‍රියදර්ශන

තරග විනිසුරුවන් – ප්‍රගීත් රඹුක්වැල්ල සහ රුචිර පල්ලියගුරු

තරග තීරක – වෙන්ඩල් ලැබ්‍රෝයි.

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee