ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ 10 ක සහසභාගිත්වයෙන් හෙට (30 වැනිදා) කොළඹ, මග්ගොන, කටුනායක සහ ගාල්ල යන ප්‍රදේශවලදී ආරම්භ වනු ඇත.
චිලව් මේරියන්ස්, බදුරලිය, ගුවන් හමුදාව, කෝල්ට්ස්, සී. සී. සී., යුද හමුදාව, නාවික හමුදාව, එස්. එස්. සී., ඒස් කැපිටල් සහ පානදුර යන ක්‍රීඩා සමාජ මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 10 වෙති.
ලීග් ක්‍රමය යටතේ හෙටින් ආරම්භ වන මෙම තරගාවලිය ලබන අගෝස්තු මස 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම 2025 වසරේ ශූරියන් ලෙසින් කිරුළු පළඳිනු ඇත. ඒ අනුව සෑම කණ්ඩායමක්ම ලීග් ක්‍රමය යටතේ තරග 9 කට බැගින් ක්‍රීඩා කරනු ඇත.
ගිය වසරේ ශූරියන් බවට පත් වූ චිලව් මේරියන්ස් සහ අනුශූරියන් බවට පත් වුණු යුධ හමුදා කණ්ඩායම් සමඟින් තරගාවලියේ සමාරම්භක දිනයේදී තරග වදිති.






