slc
logo
Home   |    News
ජූලි 28, 2025
ගාල්ල බාළිකාවියන්ගේ දෙවැනි ශූරතා සිහිනය කොළඹ බාළිකාවෝ බිඳ දමයිද…?

sinhala editor

එළැඹෙන අවුරුදු 19 න් පහළ බාළිකා යොවුන් ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දක්ෂයන් සොයා යෑමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (29 වැනිදා) ප්‍රභල ගාල්ල සහ කොළඹ බාළිකා කණ්ඩායම් අතර කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අද (28 වැනිදා) අවසන් වූ අතර එහිදී මුණ ගැසුණු අවසන් මහ තරග ලාභීන් අතරින් අද දිනයේදීද ජය වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණුු 95 ක ඉලක්කය හඹා ගිය ගාල්ල ක්‍රීඩිකාවෝ පන්දුවාර 14.1 කදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

ඒ අනුව ගාල්ල කණ්ඩායම අද ලබා ගන්නා ලද්දේ මෙවර තරගාවලියේ මූලික වටයේ යටතේ ඔවුන් සහභාගිවූ තරග 6 න් පිට පිටම ලද 5 වැනි ජයග්‍රහණය විය. තරගාවලිය ආරම්භ කරමින් දඹුලු කණ්ඩායමට පමණක් පරාජයට පත්වූ ගාල්ල ක්‍රීඩිකාවෝ ඉකුත් වසරේ ශූරතාව දිනා ගැනීමට සමත් කණ්ඩායමද වෙයි. ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජයතු නිලවීර ද කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද පෙරේරා, ද කටයුතු කරයි. කොළඹ කණ්ඩායමේ සහාය පුහුණුකාරිණිය ලෙස රන්දිකා ගල්හේණගේද කළමනාකාරිණී ලෙස රොසෑන් තයිල් ද කටයුතු කරද්දී ගාල්ල කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තරිඳු තෙබුවනද කලමනාකාරිණී ලෙස මධුරි සමුද්ධිකාද කටයුතු කරති.

මෙහිදී ගාල්ල කණ්ඩායම රිෂ්මි සංජනා විසින් මෙහෙවනු ලබන අතර ඇය මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නීය. මෙවර තරගවාරයේ තරග 6 කට සහභාගිවූ දකුණත් පිට දඟ පන්දු යවන්නිය කඩුලු 11 ක් බිඳ හෙලා සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 8.72 ක් රඳවා තබා ගනිමිනි. ඇයගේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායිකාව වන ලිමී තිලකරත්න තරග 6 කදී කඩුලු 6 ක්  බිද හෙළා සිටින්නීය.

මූලික වටයේ දක්වන ලද දක්ෂතා සංසන්දනය කිරීමේදී කොළඹ කණ්ඩායමට වඩා ගාල්ල කණ්ඩායම ඉදිරියෙන් සිටින බව පැහැදිළිය. ඒ මන්ද යත් පන්දු යැවීම හැරුණු කොට පන්දුවට පහර දීම අතින් ගෙන බැලීමේදීද, එම පළමු ස්ථානය දෙකේම රැඳී සිටින්නේ සංජනා කාවින්දි (175) සහ නෙතඟි ඉසුරාංජලී (124) වේ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් සාර්ථක වුණු ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි පන්දු 32 කදී ලකුණු 30 ක් ලබා ගත් අතර සෙසු ආරම්භක පිතිකාරිණිය වන සෙත්මි නෙහාරා පන්දු 29 කදී ලකුණු 27 ක් ලබා ගත්තාය. හතරේ පහර 3 බැගින් ඇතුළතු වුණු මොවුන් දෙදෙනා අතර වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 58 කදී ලකුනු 65 ක් විය.

කොළඹ කන්ඩායම වෙනුවෙන් යෙසලි ජිතාරා (25), ශෂිනි පෙරේරා (20) සහ නෙතුකි කුඩලිගම (10) පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී චමෝදි හේරත් ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත් අතර රශ්මි නේත්‍රාංජලී, අප්සරා මදුමාලි, සහ රිෂ්මි සංජනා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

මේ අතර අද මූලික වටය යටතේ අද පැවැති අනෙක් තරගය වූ මහනුවර සහ දඹුල්ල අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කොළඹ කන්ඩායම – උමයංගනා පීරිස්, යෙසලි ජිතාරා, ලිහංසා ද සිල්වා, ලිමී තිලකරත්න (නායිකා), නිතුකි කුඩලිගම, ශෂිනි පෙරේරා, ඔනාලි අදීෂා, නෙත්මි ප්‍රනාන්දු, හසිනි විජේසිංහ, විනෝෂා රොද්‍රි ගෝ, විනුදි වීරසූරිය,ඩාරියා දිසානායක, දිනිති නාගසිංහ, රෂ්මි ෂෙහාරා, යෙවදි වැනීසා.

ගාල්ල කණ්ඩායම – සංජනා කාවින්දි, නෙතඟි ඉසුරාංජලී, සෙත්මි නෙහාරා, ලක්නි නිම්සරා, හිරුණි හංසිකා, රිෂ්මි සංජනා (නායිකා), රශ්මි නේත්‍රාංජලී, චමෝදි හේරත්, අප්සරා මදුමාලි, එස්. වර්ෂනී, දිනිති ප්‍රතිභාෂිනී, ෂෙහාරා ඉඳුවරී.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar