slc
logo
Home   |    News
ජූලි 15, 2025
තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්

sinhala editor

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රවේශපත් කවුලු අතර රැස් නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත කාරුණිකව දැනුම් දී සිටියි.
මේ වන විටත් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අය වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා වන දොරටු ප.ව. 4.30 සිට විවෘත වු ඇත.
තරග දිනයේදී ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, වාහන අවසර පත් (Car Pass) ලබාගෙන ඇති වාහන මාලිගාවත්ත බාබාපුල්ලේ මාවත හරහා ක්‍රීඩාංගණයට ඇතුළු විය යුතුය.
එසේම, නාමික වාහන සඳහා පමණක් ක්‍රීඩාංගණය තුළ නවතා දැමීමේ අවසරය හිමි වන අතර, සෙසු අවසර පත්‍ර ලාභී වාහනථ ඇපල්වත්ත වාහන අංගනය භාවිත කළ හැක. වාහන අවසර පත් නොමැති ක්‍රීඩා ලෝලීන්ට තම වාහන කෝවිල් පාරේ පිහිටි වාහන ගාල් කිරීමේ ස්ථානයේ ගාල් කළ හැකිය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar