slc
logo
Home   |    News
ජූලි 20, 2025
නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි ශතකයත් වාර්තා කරයි

sinhala editor

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (20 දා) ඩාර්වින්හිදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුනු 263 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කල නුවනිඳු ප්‍රනාන්දු යළිත් සාර්ථක වෙමින් පන්දු 234 කදී ලකුණු 102 ක් රැස් කරමින් කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වූවේය. ඔහු රැස් කරන ලද ලකුණු 102 ට හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණු අතර අනෙක් ලකුණු 68 ම කඩුලු අතර දිව යමින් රැස් කරන ලකුණු විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ළහිරු උදාර ලකුණු 10 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණද දෙවැනි කඩුල්ලට එක් වුණු කමිල් මිශාර සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 116 ක් එක් කරමින් ශ්‍රී  ලංකා පිල ස්ථාවරත්වයකට කැඳවාගෙන ආහ. නුවනිඳු මෙම තරගාවලිය යටතේ වාර්තා කරන ලද දෙවැනි ශතකය ලෙසින් අද වාර්තා කරන ලද ශතකය සටහන් විය. මීට පෙර ඔහු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 104 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පරාජයෙන් මුදවා ාගත්තේය. ඔහු එම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 34 ක් ලබා ගනිමින් පිතෙන් දායකත්වය දැක්වූවේය.

මෙහිදී කමිල් මිශාර පන්දු 131 කදී ලකුණු 81 ක් රැස් කර ගත්තේ තම ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් කර ගනිමිනි. නුවනිඳු ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පිතිකරු ලෙසින් දැවි යන විට මුලු ලකුණු සංඛයාව 245 ක් ලෙසින් පුවරුවේ සටහන්ව තිබිණ.

නායක පසිඳු සූරියබණ්ඩාරට රැස් කර ගත හැකි වූයේ ලකුණු 08 ක් පමණක් වුවත්, අනතුරුව පිටියට පිවිසි පවන් රත්නායක පන්දු 82 කදී ලකුණු 43 ක් සහ සොනාල් දිනූෂ පන්දු 15 කදී ලකුණු 5 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ‘  පන්දුවාර 90 කදී කඩුලු 4 ට ලකුණු 263 යි – නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 81, පසිදූ සූරියබණ්ඩාර 08, පවන් රත්නායක 43*, සොනාල් දිනූෂ 05, ළහිරු උදාර 10, මිචෙල් පෙරී 51/1, ලියම් ස්කොට් 25/1, හෙන්රි ත්‍රොන්ටන් 31/1, සෙන්ඩන් ජේ 63/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee