slc
logo
Home   |    News
ජූලි 8, 2025
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු නොකර අවතීර්ණ වද්දේ බංග්ලාදේශ කණ්ඩායම එක් වෙනසක් සහිතව තරක බිමට පිවිස සිටියි.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවැනි තරගයෙන් බංග්ලාදේශ පිල ජය ගත්තේය. එබැවින් දෙපිළම අද තරගයට අවතීර්ණ වන්නේ තරගාවලිය 1-1 ක් ලෙස කරට කර සිටිමිනි. මේ තත්ත්වය මත අද පැවැත්වෙන තරගයේ  ප්‍රතිඵලය මත තරගාවලියේ ජයග්‍රාහකයින් තීරණය වනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායම අද තරගයේදී දෙවැනි තරගයේදී විවේක ගැන්වුණු වේග පන්දු යවන ටස්කින් අහමඩ්ව නැවත කැඳවා තිබෙන බැවින් එම තරගයට ක්‍රීඩා කල හසන් මහමූද්ට ස්ථානය අහිමිව තිබේ.

මෑතකදී අභාවප්‍රාප්ත වූ ICC ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක් වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරිට ගෞරවයක් වශයෙන්, අවසන් එක්දින තරගය සඳහා තරඟ නිලධාරීන් කළු අත් පටි පැළඳ තරගයට අවතීර්ණව සිටිති.

ශ්‍රී ලංකාව – 1 නිශාන් මධුෂ්ක, 2 පැතුම් නිශ්ශංක, 3 කුසල් මෙන්ඩිස්, 4 කමිඳු මෙන්ඩිස්, 5 චරිත් අසලංක (නායක), 6 ජනිත් ලියනගේ, 7 දුනිත් වෙල්ලාලගේ, 8 වනිඳු හසරංග, 9 මහේෂ් තීක්ෂණ 10 දුෂ්මන්ත චමීර,  11. අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශය – 1. පර්වේස් හොසේන් එමෝන්, 2 ටැන්සිඩ් හසන්, 3 නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4. තව්හිඩ් රිඩෝයි, 5 ශමීම් හොසේන්, 6 මෙහෙදි හසන් මිරාස් (නායක), 7 ජේකර් අලී, 8 ටන්සිම් හසන් සකීබ්, 9ටස්කින් අහමඩ්, 10. ටන්වීර් ඉස්ලාම්, 11 මුස්ටෆිසූර් රෙහ්මාන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar