slc
logo
Home   |    News
ජූලි 23, 2026
විමත් – වැකුණගොඩ සබඳතාව ශ්‍රී ලංකාවට ජීවය දෙයි

sinhala editor

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (22) අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 155ක් රැස් කරමින් තවමත් ලකුණු 317ක් පිටුපසින් පසුවිය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය යෞවනයෝ ලකුණු 411ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි. තෙවැනි දිනයේ උදෑසන ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම නැවත ආරම්භ කළේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියදීය.

නොදැවී පිටියේ රැඳී සිටි ගිම්හාන් මෙන්ඩිස් දිනයේ පස්වැනි පන්දුවේදීම දැවී ගිය අතර, අවසන් කඩුල්ල ද ඉක්මනින් බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 148කට සීමා විය. එහිදී සෙත්මික සෙනෙවිරත්න පන්දු 70කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 25ක් රැස් කරමින් අවසන් දක්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය.

ඉන්දීය පන්දු යවන්නන් අතර රෝහිත් යාදව්, චිගුරපාටි වෙන්කටා, ප්‍රණව් රඝවේන්ද්‍ර සහ ජේ. හේමචුදේසන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර, කාව්‍ය පටේල් එක් කඩුල්ලක් දවා ගත්තේය.

පළමු ඉනිමේ වාසිය ලකුණු 263ක් දක්වා ඉහළ නැංවූ ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වේගවත් ලෙස ගොඩනඟමින් කඩුලු 3ක් දැවී ලකුණු 208ක් ලබා ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 472ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.

එම ඉනිමේ කැපී පෙනෙන දස්කම දැක්වූයේ ආරම්භක පිතිකරු ලක්ෂ්‍ය රායිචන්දනිය. පළමු ටෙස්ට් තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ 17 හැවිරිදි ඔහු මෙවරත් සිය විශිෂ්ට පිතිහරඹය ඉදිරියට ගෙන යමින් පන්දු 116කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 100ක් රැස් කළේය.

ඔහු සිව්වැනි කඩුල්ල සඳහා මනාල් චෞහාන් සමඟ නොබිඳුණු ලකුණු 95ක සබඳතාවක් ගොඩනැඟූ අතර, මනාල් චෞහාන් පන්දු 46කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කවිජ ගමගේ ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර, විග්නේශ්වරන් ආකාශ් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 472ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනයෝ මුල් කඩුලු කිහිපය ඉක්මනින් අහිමි කරගත්තද, සෙනුජ වැකුණගොඩ සහ නායක විමත් දින්සර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 98ක සබඳතාව ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දුන්නේය.

ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ සෙනුජ වැකුණගොඩ පන්දු 52කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 64ක් රැස් කළ අතර, විරාන් චමුදිත පන්දු 30කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 31ක් ලබා දුන්නේය.

දිනය නිමාවන විට නායක විමත් දින්සර පන්දු 91කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 55ක් ලබා සිටි අතර, කවිජ ගමගේ නොදැවී එක් ලකුණක් ලබා ඔහුට සහාය දක්වමින් පිටියේ රැඳී සිටියේය.

ඉන්දීය පන්දු යවන්නන් අතර චිගුරපාටි වෙන්කටා ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළ අතර, යශ්බර්ධන් චෞහාන් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) දිමන්ත මහවිතාන 24, විරාන් චමුදිත 21, දුල්නිත් සිගේරා 31, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 25, ප්‍රනාව් රඝවේන්ද්‍ර 28/2, චිගුරපති වෙන්කට 27/2, ජේ. හේමචුදේසන් 34/2, රෝහිත් යාදව් 14/2

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 208 (40.2) ලක්ෂ්‍යා රායිචන්දනී 100*, යශ්බර්ධාන් චෞහාන් 20, මනාල් චෞහාන් 51*, කවීජ ගමගේ 42/2

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 155 (36.0) විරාන් චමුදිත 31, සෙනුජ වැකුණගොඩ 64, විමත් දින්සර 55*, චිගුරපති වෙන්කට 25/3

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee