සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ සටන්කාමී ශකයක් වාර්තා කිරීමට සමත් වූවේය.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබාගත් අතර වමත් පිතිකරු සොනාල් දිනූෂ ලකුණු 105ක් ලබා ගත්තේය. 24 හැවිරිදි සොනාල් දිනූෂ පන්දු 148කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 10ක් තම ඉනිමට ඇතුලත් කළේය.
ළහිරු උදාර සහ කමිල් මිෂාර ඉනිම ආරම්භ කළ අතර, 10 වැනි ඕවරයේ කමිල් මිෂාර ලකුණු 12කට දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 18ක් වෙද්දී ළහිරු උදාර ලකුණු 5ක් ලබා සිටියදී දැවී ගියේය. නුවනිඳු ප්‍රනාන්දු එක් අන්තයක් ආරක්ෂා කරමින් නායක පසිඳු සූරියබණ්ඩාර සමඟ 3 වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 76කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 34ක් ලබාගත් අතර, පසිඳු සූරියබණ්ඩාර පන්දු 71කදී ලකුණු 20ක් වාර්තා කළේය.
ලකුණු 89දී ශ්‍රී ලංකා 5 වැනි කඩුල්ල ලෙස පවන් රත්නායක ලකුණක් ලබා සිටියදී දැවීගිය අතර, අනතුරුව විශාද් රන්දික ලකුණු 27කට දැවී ගියේය. දිනයේ හොඳම ලකුණු සබඳතාව ගොඩනැගූ ඉසිත විජේසුන්දර හා සොනාල් දිනූෂ 7 වැනි කඩුල්ලට ලකුණු 77ක් එක්කර සිටියදී ඉසිත විජේසුන්දර පන්දු 67කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 33කට දැවී ගියේය.
එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී සොනාල් දිනූෂ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථා ලබා පන්දුවට පහරදීමේ ප්‍රතිළුලයක් ලෙස ප්‍රමෝද් මදුශාන් ලකුණු 8කට දැවී යද්දී 8 වැනි කඩුල්ලට ලකුණු 35ක් හා මොහොමඩ් ෂිරාස් ලකුණු 1කට දැවී යද්දී 9 වැනි කඩුල්ලට ලකුණු 20ක් එක් කිරීමට සමත් විය.
තරගයේ දෙවැනි දිනය (14) හෙටයි.
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 272 (ඕවර් 82)
කමිල් මිෂාර 12, නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, අතිරේක 25 (ලියම් ස්කොට් 27/2, හෙන්රි ටොරොන්ටොන් 31/2, නේතන් මැක්ස්වෙනි 51/2)






