ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රමගේ ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 253ක දැවැන්ත ජයක් වාර්තා කළේය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4ක් දැවී ලකුණු 302ක් ලබාගත් අතර, බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා ලකුණු 49කට දැවී ගියහ. තාරිකා සෙව්වන්දි කඩුලු 4ක් හා ඉනෝකා රණවීර කඩුලු 2ක් බිඳහෙලීමට සමත් වූහ.
හර්ෂිතා සමරවික්‍රම පන්දු පන්දු 131කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 140ක් ලබාගත් අතර, හංසිමා කරුණාරත්න සමග එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 128කදී ලකුණු 139ක සබඳතාවක් ගොඩනැංවූහ. හංසිමා නොදැවී ලකුණු 73ක් ලබා ගත්තාය.
අද දිනයේ පැවැති තරගවලදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රිෂාන්ති සඳමාලි, නිලක්ෂිකා සිල්වා, හලාවත මේරියන්ස් පිලේ චමරි අතපත්තු, සුමුදු නිසංසලා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4ක් දැවී ලකුණු 302 (50)
හසිනි පෙරේරා 44, හර්ෂිතා සමරවික්‍රම 140, සත්‍යා සංදීපනී 12, හංසිමා කරුණාරත්න නොදැවී 73 ( විහාරා සෙව්වන්දි 47/2)
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 49 (23.2)
හිරුණි හංසිකා 12, අතිරේක 8 (තාරිකා සෙව්වන්දි 27/4, ඉනෝකා රණවීර 1/2)
ගුවන් හමුදාවට කඩුලු 9ක ජයක්
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවෝ මුලින් පන්දුවට පහරදීමට තීරණය කළහ.
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 75 (30.4)
ඉරේෂා ශ්‍යාමලී 11, රංගිකා ප්‍රනාන්දු 19, අමා කාංචනා 15, අතිරේක 15 (මල්කි මදාරා 18/2, ඉනෝෂි ප්‍රනාන්දු 7/3, ශනිල්කා සත්‍යාංගනී 17/2)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 1ක් දැවී ලකුණු 76 (16.4)
යශෝධා මෙන්ඩිස් 20, හිරූෂි පීරිස් නොදැවී 19, මල්ෂා සෙහානි නොදැවී 26 (අශෙනි තලගුණේ 8/1)
හලාවත මේරියන්ස් පිලට කඩුලු 2ක ජයත්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් යුද හමුදා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 223 (50)
නිලූකා කුෂාන්ති 19, ඉමල්කා මෙන්ඩිස් 42, ක්‍රිෂාන්ති සඳමාලි නොදැවී 56, නිලක්ෂිකා සිල්වා 55, සුගන්ධිකා කුමාරි 12, අයේෂා චන්ද්‍රසිරි නොදැවී 10 (දෙව්මි විහංගා 38/2, සඳුනි නිසංසලා 32/2)
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 226 (48.4)
චමරි අතපත්තු 57, ඉමේෂා දුලනි 36, සුමුදු නිසංසලා 54, කාව්‍යා කාවින්දි 28, සචිනි නිසංසලා නොදැවී 17, සඳුනි නිසංසලා නොදැවී 13, අතිරේක 10 (නිලූකා කුෂාන්ති 40/2, සුගන්ධිකා කුමාරි 30/3, නිමාෂා මධුෂාණි 42/2)
කෝල්ට්ස් කාන්තාවන්ට ලකුණු 53ක ජයක්
කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් ක්‍රීඩිකාවෝ මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් කාන්තා පිලට ආරාධනා කළහ.
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 231 (50)
නිලක්ෂි කාවින්ද්‍යා 39, එරන්දි වර්ණකුලසූරිය 16, කළණි යාපා 30, නෙත්මි උපේක්ෂා 14, සයනී සේනාරත්න නොදැවි 48, නිකේෂා විජේසේකර 33, අතිරේක 33 (දේවගි ජෙගනාතන් 32/3)
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9ක් දැවී ලකුණු 178 (50)
යෙනුලි සත්නදී 11, මල්ෂා මධුෂානි 30, තිවියාංජලී 30, සන්සලා වනිගේකර 16, ජනාදි අනලී 19, හසිනි ඉන්ද්‍රජිත් 28, අතිරේක 30 (නෙත්මි සන්ජනා 20/2)





