slc
logo
Home   |    News
ජූලි 21, 2025
පවන් රත්නායකත් ශතකයක් වාර්තා කරයි

sinhala editor

නුවනිඳු ප්‍රනාන්දු නතර කළ තැනින් පටන් ගත් පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ දෙදෙනා ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමට එරෙහිව ඩාර්වින්හි පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ. එම සම්බන්ධතාව පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 485 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය.

ඒ අනුව දිනය අවසන් වීමට මත්තෙන් යවන ලද පන්දුවාර 21 කට මුහුණ දුන් ඔස්ට්‍රේලියානු ඒ පිතිකරුවන් ලකුණු 76 ක් එකතු කර ගන්නා අතරවාරයේදී එක් කඩුල්ලක් බිඳ හෙළීමට නිශාන් පීරිස් සමත්වූවේය. ජේක් වෙදරල්ඩ් ලකුණු 45 ක් සහ කර්ටිස් පැටර්සන් ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

අද දිනයේදී කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ පවන් රත්නායක ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම වෙනුවෙන් දෙවැනි ශතක වාර්තා කරන ලද පිතිකරුවා බවට පත්විය. ඔහුට පෙර නුවනිඳු ප්‍රනාන්දු පළමු දිනයේදී ලකුණු 102 ක් ලබා ගනිමින් මෙම තරගයේ පළමු ශතකය වාර්තා කළේය.

පන්දු 223 කට මුහුණ දුන් දකුණත් පිතිකරු පවන් ලබාගත් ලකුණු 122 සඳහා ඔහු හතරේ පහර 16 ක් එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සොනාල් දිනූෂ පන්දු 191 කදී ලකුණු 88 ක් ලබා ගත්තේ හතරේ පහර 4 ක් ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 415 ක්ව තිබියදී පවන් රත්නායක දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි සොහාන් ද ලිවේරා පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් ලබා ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය. ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම අතර මඟ නතර කර දමනා විට ශිරාන් ප්‍රනාන්දු ලකුනු 04 ක් ලබා  කඩුල්ලේ රැඳී සිටියේය.  

ශ්‍රී ලංකා ‘ඒ‘  පන්දුවාර 157 කදී කඩුලු 6 ට ලකුණු 485 යි – පවන් රත්නායක 122, නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 81, සොනාල් දිනූෂ 88, සොහාන් ඩි ලිවේරා 50*, පසිදූ සූරියබණ්ඩාර 08, ළහිරු උදාර 10, ශිරාන් ප්‍රනාන්දු 04*, මිචෙල් පෙරී 61/1, ලියම් ස්කොට් 28/1, හෙන්රි ත්‍රොන්ටන් 39/1, සෙන්ඩන් ජේ 132/3)

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 21 කදි කඩුල්ලක් දැවී ලකුණු 76 යි – (ජේක් වෙදරල්ඩ් 45*, කර්ටිස් පැටර්සන් 19*, නේතන් මැක්ස්වීන් 12, නිශාන් පීරිස් 18/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee