slc
logo
Home   |    News
අගෝස්තු 10, 2025
අභිෂේක් සහ අනුක් ප්‍රථම දිනයේ දී දස්කම් දක්වති

sinhala editor

මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වු අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයේ මොරටුව ක්‍රීඩා සමාජයේ අභිෂේක් ලියනආරච්චි (ලකුණු 73) සහ සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා සමාජයේ අනුක් දේවනාරායන (ලකුණු 54ට කඩුලු හයයි) දස්කම් දැක් වුහ.

 මේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මොරටුව ක්‍රීඩා සමාජය සිය ප්‍රථම ඉනිමේ දී සියල්ල දැවී ලකුණු 177ක් රැස් කළ අතර එම ඉනිමේ කැපී පෙනුණු පිතිකරුවා වු අංක තුන පිතිකරු අභිෂේක් ලියනආරච්චි පන්දු 117ක දී හතරේ පහර හයක් හයේ පහර තුනක් සමග ලකුණු 73ක් රැස් කළේය.

  එම ඉනිමේ දී ප්‍රබල පන්දු යැවීමක නිරත වු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ අනුක් දේවනාරායන ලකුණු 54කට කඩුලු හයක් දවාලුවේය.

 එම ඉනිමේ හොඳම සබඳතාවය වුයේ ආරම්භක කඩුල්ලට මලිත පෙරේරා (30) සහ අමිත දාබරේ (22) පන්දුවාර 13.5ක දී රැස් කළ ලකුණු 51 වේ.

 ප්‍රථම දින තරගය නිම වන විට සෙබස්ටියනයිට්ස් සිය පළමු ඉනිමේ දී පන්දුවාර 36ක් අවසානයේ කඩුලු අටකට ලකුණු 110ක් ලබා සිටියේය.

 සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු විසිපහ ඉක්මවීමට අවස්ථාව නොලැබිණි. මොවුනගේ පළමු කඩුලු හතර දැවී ගියේ ලකුණු 17ක් පමණක් රැස් කර සිටියදීය.

 වැඩිම ලකුණු ලාභියා වු අංක හය පිතිකරු සනේෂ හෙට්ටිආරච්චි ලකුණු 25ක් රැස් කළේ පන්දු 56කට මුහුණ දී හතරේ පහර දෙකක් සමගය.

 මොරටුව ක්‍රීඩා සමාජයේ ලසෙන් ගුණරත්න සහ උෂාන් සත්සර කඩුලු තුන බැගින් දවාලුහ.

 මොරටුව ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 177 (පන්දුවාර 53.5යි)

 (අභිෂේක් ලියනආරච්චි 73, මලිත පෙරේරා 30, අමිත දාබරේ 22, මනීද්‍ර ජයතුංග 22, අනුක් දේවනාරායන 54/6, නුවන් දිනෙත් 33/3)

 සෙබස්ටියනයිට්ස් කඩුලු 8ක් දැවී 110යි (පන්දුවාර 36යි)

 ෂෙනෙස හෙට්ටිආරච්චි 25, ලස්මිත පෙරේරා නොදැවී 24, කවිඳු ගයත්‍ර 20, ආකාෂ් ප්‍රනාන්දු 17, මනස ද සිල්වා 10, ලසෙන් ගුණරත්න 23/3, උෂාන් සත්සර 34/3යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee