slc
logo
Home   |    News
අගෝස්තු 5, 2025
නැගී එන දෙදින ක්‍රිකට් ආරම්භක දිනයේම ශතක හයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (05) ආරම්භ වු අවුරුදු 23න් අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේම පිතිකරුවන් හයදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වද්දී පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාලමින් දක්ෂතා දැක්වූහ.

වැලිසර දී පැවැති හලාවත මේරියන්ස් සහ නාවික හමුදාව අතර තරගයේ දී මේරියන්ස් කණ්ඩායමේ දර්ශික සංදීප ලකුණු 131ක් ද (පන්දු 123යි හතරේ 18යි හයේ දෙකයි) එම කණ්ඩායමේ ම සකුන ලියනගේ ලකුණු 111ක් ද  (පන්දු 156යි හතරේ දහයයි හයේ දෙකයි) රැස් කිරීමෙන් මේරියන්ස් කණ්ඩායමට ලකුණු 379ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. පිළිතුරු ලෙස ප්‍රථම දින තරගය නිම වන විට නාවික හමුදාව කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු 12කි.

 මීට අමතරව නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජයේ පුළිඳු පෙරේරා කොළඹ මැලේ ක්‍රීඩා සමාජය සමග පන්දු 240ක දී හතරේ 14ක් හයේ හතරක් සමග ලකුණු 151ක් ද එන්.සී.සී. නායක ජීවක ශෂින් සෙබස්ටියනයිට්ස් සමග පන්දු 146ක දී හතරේ තුනක් හයේ දෙකක් සමග ලකුණු 105ක් ද බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න කැන්ඩි කස්ටම් සමග පන්දු 215ක දී හතරේ 21ක් සමග නොදැවී ලකුණු 158ක් ද පොලිස් ක්‍රීඩා සමාජයේ රශ්මික හිරුෂාන් පෙරේරා එස්.එස්.සී. සමග පන්දු 152ක දී හතරේ 13ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 118ක් ද රැස් කළහ.

 පිත්තෙන් දස්කම් දැක් වු මීගමුව කණ්ඩායමේ නායක කවීෂ ප්‍රනාන්දු ලකුණු 99ක් (පන්දු 151යි හතරේ දහයයි හයේ තුනයි) රැස් කර දැවී ගියේ ශතකය අභියස සිටිය දී ය.

 පන්දු යැවීමේ දී බී.ආර්.සී. කණ්ඩායමේ තරුක්ෂ අසේල් ලකුණු 63කට යුද හමුදා පිතිකරුවන් හය දෙනෙකු ද ගාල්ල කණ්ඩායමේ රුවිෂාන් පෙරේරා කුරුණෑගල තරුණ කණ්ඩායමේ පිතිකරුවන් හය දෙනෙකු ද දවාලීමට සමත් වද්දී කෝල්ට්ස් කණ්ඩායමේ රයන් දිසානායක ලකුණු 34කට ලියෝ පිතිකරුවන් පස් දෙනෙකු දවාලීය.

 මුවර්ස් සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අමිත දාබරේ (77) සහ මලිත පෙරේරා (73) ආරම්භක කඩුල්ලට රැස් කර ලකුණු ප්‍රමාණය 139කි.

  • යුද හමුදාව – බී.ආර්.සී.  (බී.ආර්.සී. ක්‍රීඩාංගණය)

යුද හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 222යි (පන්දුවාර 63.5යි)

(ෂෙනෙල් සමරතුංග 51, සචිත් දිල්ෂාන් 50, තරිඳු දිලංකා 39, අමිල පෙරේරා 22, අෂාන් සුදර්ශන 19, තරුක්ෂ අසෙල් 63/6, යසිරු රුද්‍රිගෝ 38/1)

බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 4ට 51යි (පන්දුවාර 24යි)

 (තරුක්ෂ අසෙල් 22, සචිර වැලිවත්ත නොදැවී 07, විහංග ඉරන්ජල 9/1, ෂෙනෙල් සමරතුංග 10/1)

  • බදුරලිය – යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය (යුද හමුදා ක්‍රීඩාංගණය)

 බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 253 (පන්දුවාර 63.4යි)

(ෂෙහාන් මධුශංක 61, කවිෂ්ක ඉමේෂ් 57, ශංඛ දේශප්‍රිය 50, යෙනුල දෙව්තිස 22, මානස මධුභාෂණ 15, ෂැරන් අභිෂේක් 14, සදෙව් ගමගේ 35/3, සිතුක ගුණවර්ධන 69/3)

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 5ට 56යි (පන්දුවාර 24.5යි)

 (විරංග යෙෂාන් 24, චන්දූප ද සිල්වා නොදැවී 12,ෂැරන් අභිෂේක් 17/3, බ්‍රයන් හංසජ 17/2)

  • නුගේගොඩ  – මැලේ ක්‍රිකට් සමාජය (කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණය)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය ප්‍රථම ඉනිම සියල්ල දැවී 298යි (පන්දුවාර 88.3යි)

(පුළිඳු පෙරේරා 151, දසිස් මංචනායක 31, අක්රම් මුතාලිබ් 27, අභිෂේක් ජයවීර 22, පසිඳු පැතුම් 18, කවීෂ සත්සර 75/5, නිමන් උමේෂ් 88/2යි)

  •   මොරටුව ක්‍රීඩා සමාජය – මුවර්ස්  (මුවර්ස් ක්‍රීඩාංගණය)

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 293 (පන්දුවාර 65.4)

 (අමිත දාබරේ 77, මලිත පෙරේරා 73, සහන් කෞෂල්‍ය 46, දුමිඳු සෙව්මිණ 39, ඉඳුවර උදේන 15, නෙතුල් අනුහස් 67/3, මල්ෂා තරුපති 77/3, ගරුක සන්කෙත් 44/2)

 මුවර්ස් පළමු ඉනිම කඩුලු 4ට 103 (පන්දුවාර 21.2යි)

 (ඔමේෂ් මෙන්ඩිස් 41,  ඔෂාන් ද සිල්වා නොදැවී 17, විෂාර ප්‍රනාන්දු 17, අභිෂේක් ලියනආරච්චි 12, උෂාන් සත්සර 28/2)

  • හලාවත මේරියන්ස් – නාවික හමුදාව  (වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය)

 හලාවත මේරියන්ස් පළමු ඉනිම 379 (පන්දුවාර 76.1යි)

(දර්ශක සංදීප 131, සකුන ලියනගේ 111, මෙලන් හංසක 32, යසිරු ලක්ෂාන් 26, තිමිර ඉරුෂික 20, ජනිත් ප්‍රනාන්දු 76/4, ඉෂාන් අනුරුද්ධ 69/2, රුවින් සංකල්ප 72/2

නාවික හමුදාව පළමු ඉනිම කඩුලු 1ට 12යි (පන්දුවාර 6.4යි)

 (ගීතික ද සිල්වා 3/1යි)

  • එන්.සී.සී. – සෙබස්ටියනයිට්ස් (එන්.සී.සී. ක්‍රීඩාංගණය)

 එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 9ට 323 (පන්දුවාර 76.5යි)

 (ජීවක ශෂින් 105, ගවිරු සෙන්හස් 53, නෙලුක හෙෂාන් 40, උවින් පෙරේරා 32, සරිත් සුධීර 29, දුනෙත් ගුණවර්ධන 24, විනුක රූබසිංහ 23, අනුක් දේවනාරායන 79/3, ලක්මික පෙරේරා 27/3)

සෙබස්ටියනයිට්ස් ප්‍රථම ඉනිම කිසිවකු නොදැවී 51යි (පන්දුවාර 11යි)

(මනුක මින්තක නොදැවී 33)

  • ලියෝ ක්‍රිකට් සමාජය – කෝල්ට්ස් (කෝල්ට්ස් ක්‍රීඩාංගණය)

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 140 (පන්දුවාර 42යි)

 (නෙත්ම කරුණාරත්න 27, ගිත්මින් කොළඹගේ 27, විශ්ව රාජපක්ෂ 22, ස්ටීවන් ප්‍රනාන්දු 18, පූර්ණ කල්හාර 16, රයන් දිසානායක 34/5, කවීෂ ලියනආරච්චි 39/3යි)

කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 5ට 154යි (පන්දුවාර 42.4)

 (රන්දුනු ගංගානාත් නොදැවී 65, හිරුණ ගාල්ලගේ 36, රුසඳ ගමගේ 24, විශ්ව රාජපක්ෂ 23/2)

  • මීගමුව ක්‍රිකට් සමාජය – සී.සී.සී (සී.සී.සී. ක්‍රීඩාංගණය)

 මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 181යි (පන්දුවාර 57.2යි)

 (කවීන් ප්‍රනාන්දු 99, හසිඳු සෙව්මිණ 25, තත්සර එසාන් 15, සෙත්රු ප්‍රනාන්දු 58/4, ඉනුක කරන්නාගොඩ 27/3)

 සී.සී.සී. පළමු ඉනිම කඩුලු 3ට 144 (පන්දුවාර 32යි)

 (අංජල බණ්ඩාර නොදැවී 58, පවන් සංදේශ් 47, සහන් කෝසල නොදැවී 16, ෂහේන් අවිශ්ක 19/2)

  • කුරුණෑගල තරුණ කණ්ඩායම – ගාල්ල ක්‍රිකට් සමාජය (වෙලගෙදර ක්‍රීඩාංගණය)

කුරුණෑගල තරුණ කණ්ඩායම පළමු ඉනිම සියල්ල දැවී 270යි (පන්දුවාර 71.4යි)

 (වතිල උදාර 76, ලක්වින් අබේසිංහ 55, කෞෂික කුමාරසිංහ 38, රශ්මික මධුශංක 23, රුවිෂාන් පෙරේරා 65/6, චමත් දිල්සර 52/2)

 ගාල්ල ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 2ට 33යි (පන්දුවාර 12)

 (චමත් දිල්සර 16, නිකිල් ජයවීර 12, දිනුක තෙන්නකෝන් 10/2)

  • බ්ලුම්ෆීල්ඩ් – කැන්ඩි කස්ටම් – (බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය)

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 9ට 318යි (පන්දුවාර 75)

 (මිනෙත් ප්‍රේමරත්න නොදැවී 158, සවිඳු රුද්‍රිගෝ 39, තරිඳු හර්ෂණ 36, දුලාජ් සමුදිත 22, හසිත අමරසිංහ 14, ෂොන් රුද්‍රිගෝ 51/4, අර්ෂාන් ජෝශප් 29/1)

 කැන්ඩි කස්ටම් කඩුලු 4ට 23 (පන්දුවාර 8යි)

 (තරිඳ ගුරුගේ 4/1, දුලාජ් සමුදිත 1/1)

  • පොලීසිය – එස්.එස්.සී. (පොලිස් ක්‍රීඩාංගණය – බම්බලපිටිය)

 පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 220 (පන්දුවාර 56.2)

 (රශ්මික හිරුෂාන් පෙරේරා 118, ඉරුෂ ආකාෂ් 24, ධනුජ ඉඳුවර 13, දිනුර කළුපහන 41/3, ගිහාන් බාලසූරිය 47/2, නිම්නක ජයතිලක 53/2)

 එස්.එස‍්.සී. පළමු ඉනිම කඩුලු 5ට 79යි (පන්දුවාර 23යි)

 (සදීෂ රාජපක්ෂ නොදැවී 38, ෂෙහාන් හසරංග 16, නිපුන් ප්‍රේමරත්න 31/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee