ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානනය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් පිතිකරුවන් 6 දෙනෙකු ශතක වාර්තා කළහ. මිනෙත් ප්‍රේමරත්න, පුලීෂ තිලකරත්න, පසිඳු පැතුම්, රශ්මික මදුශංක, රුවින් ෆොන්සේකා සහ කෙවින් සැමුවෙල් එසේ ශතක වාර්තා කරන ලද පිතිකරුවෝ වූහ.
මේ අඅතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මිනෙත් ප්‍රේමරත්න වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වීම කැපී පෙනිණ. පන්දු 160 කට මුහුණ දුන් මිනෙත් තම ලකුණු 134 ක ඉනිම සදහා හතරේ පහර 15 ක් එල්ල කළේය. ඔහුට අමතරව අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පුලීෂ තිලකරත්න පන්දු 114 කට මුහුණ දෙමින් හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 107 ක් ලබා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 243 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
බදුරලියට එරෙහි තරගයේ දී නුගේගොඩ කණ්ඩායමේ පසිඳු පැතුම් පන්දු 189 කදී ලකුණු 107 ක්ද, මුවර්ස්ට එරෙහි තරගයේ නාවික හමුදාවේ රුවින් ෆොන්සේකා පන්දු 243 කදී ලකුණු 110 ක්ද, බී.ආර්.සී. ට එරෙහි තරගයේ මැලේ කණ්ඩායමේ කෙවින් සැමුවෙල්ස් පන්දු 255 කදී ලකුණු 138 ක්ද, එස්.එස්.සී. ට එරෙහි තරගයේදී කුරුණෑගල තරුණ කණ්ඩායමේ රශ්මික මදුශංක පන්දු 181 කදී ලකුණු 122 ක්ද වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනුණහ.
බ්ලුම්ෆීල්ඩ් සහ පොලීසිය අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම කඩුල්ලකට ලකුණු 300ක් රැස් කළේය. එම ඉනිමේ දෙවන කඩුල්ලට මිනෙත් ප්‍රේමරත්න (නොදැවී 134) සහ පුලීස තිලකරත්න (නොදැවී 107) පන්දුවාර 42.5ක දී නොදැවී ලකුණු 243ක සබඳතාවයක් තබා ගැනීමට සමත් වුහ.
සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (12) ආරම්භ වු එස්.එස්.සී. – කුරුණෑගල තරුණ කණ්ඩායම අතර තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායම සියල්ල දැවී ලකුණු 273ක් රැස් කළේය. දිනය නිම වන විට එස්.එස්.සී. කඩුලු තුනක් දැවී ලබා සිටියේ ලකුණු 19කි. (පන්දුවාර 11යි)
- යුද හමුදාව – ඒස් කැපිටල් – (ඒස් කැපිටල්ට පළමු ඉනිමේ ජය)
යුද හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 68 (පන්දුවාර 24.2)
(අෂාන් සුදර්ශන 18, ෂෙනෙල් සමරතුංග 13, සමිත් දිල්ෂාන් නොදැවී 08, දනාල් හේමානන්ද 34/5, වනුජ සහන් 19/5)
ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 3ට 131 (පන්දුවාර 16යි)
(රනේෂ් සිල්වා නොදැවී 52, පවන් පතිරාජ නොදැවී 28, ටනුජ රාජපක්ෂ 21, ළහිරු දෙවටගේ 20, දිමන්ත අරූෂ 28/2යි)
යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 7ට 50යි (පන්දුවාර 15යි)
(තරිඳු දිලංක 14, ෂෙනෙල් සමරතුංග 09, වනුජ සහන් 27/4, දනාල් හේමානන්ද 13/2)
- කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. – (තරගයේ විසඳුමක් නෑ)
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7ට 308 (පන්දුවාර 79.3යි)
(කෙවින් සැමුවල් 128, හිරන්ත ජයසිංහ 73, දිමිතප්‍රබංක 37, විදුනෙත් විල්සන් 23, ධනංජය එදිරිසිංහ නොදැවී 23, විග්නේෂ්වරන් ආකාෂ් 56/3, චාමික හීනටිගල 75/2)
බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 5ට 112යි (පන්දුවාර 28යි)
(චාමික හීනටිගල නොදැවී 33, දිනුරු අබේවික්‍රම 21, තරුක්ෂ අෂේල් 16, ඉසුරු ප්‍රනාන්දු 12, නිමන් උමේෂ් 43/4)
- නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය – බදුරලිය ක්‍රීඩා සමාජය – (නුගේගොඩට පළමු ඉනිමේ ජය)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 9ට 290 (පන්දුවාර 90යි)
(පසිඳු පැතුම් 107, පුළිඳු පෙරේරා 88, අභිෂේක් ජයවීර 28, දසිස් මංචනායක 23, අක්රම් මුතාලිබ් 16, සෙනුර ගිහාන් නොදැවී 15, කවිඳු වික්‍රමසිංහ 44/4, මනස මධුභාෂණ 73/2, ෂාරොන් අභිෂේක් 83/2)
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 192 (පන්දුවාර 59.2යි)
(ජනෙත් කෞෂල් 55, යෙනුල් දෙව්තිසා 32, කොවිඳු වික්‍රමසිංහ 30, මනස මධුභාෂණ 18, විරාන් චමුදිත 23, පුළිඳු පෙරේරා 34/4, පසිඳු පැතුම් 15/2යි)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 12යි (පන්දුවාර 3.4)
- මුවර්ස් – නාවික හමුදාව – (නාවික හමුදාවට පළමු ඉනිමේ ජය)
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 128 (පන්දුවාර 38.2යි)
(රවිෂාන් ද සිල්වා 60, හිවින් කෙනුල 13, විෂාර ප්‍රනාන්දු 12, මල්ෂා තරුපති 12, ළහිරු අමරසිංහ 11, ඉෂාන් අනුරාධ 32/6, රිද්ම කොළඹගේ 48/2)
නාවික හමුදාව පළමු ඉනිම කඩුලු 7ට 309යි (පන්දුවාර 90යි)
(රුවින් ෆොන්සේකා 110, හංසජ ජයසිංහ 59, චාමික රණසිංහ 28, ජනිත් ප්‍රනාන්දු නොදැවී 27, සුමල්ක ප්‍රනාන්දු 26, හිවින් කෙනුල 26/3, ළහිරු අමරසේකර 72/2යි)
මුවර්ස් දෙවන ඉනිම කඩුලු 6ට 229යි (පන්දුවාර 45යි)
(ඔමේෂ් මෙන්ඩිස් 77, විෂාර ප්‍රනාන්දු නොදැවී 69, රවිෂාන් ද සිල්වා 40, මල්ෂා තරුපති 27, හංසජ ජයසිංහ 58/3, ඉෂාන් අනුරාධ 91/2)
- මීගමුව ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් – (මීගමුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7ට 314 (පන්දුවාර 86.4යි)
(අමිත පෙරේරා නොදැවී 85, හසිඳු සෙව්මිත කවිරත්න 67, මොහමඩ් මුර්ෂාඩ් 38, වගීෂ පෙරේරා 34, සෆ්නි ඩීන් 30, හංසජ හිරුණ 18, තත්සර එෂාන් 17, රයන් දිසානායක 95/4, අනුර රණසිංහ 21/1යි)
කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 236 (පන්දුවාර 62.1යි)
රන්දුනු ගංගානාත් 85, රුසඳ ගමගේ 31, හිරුන ගාල්ලගේ 34, කවිජ ගමගේ 28, රයන් දිසානායක 14, අමිත පෙරේරා 77/5, ෂෙහාන් ප්‍රමෝද් 93/4යි)
මීගමුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 1ට 16යි (පන්දුවාර 6යි)
(කවීන් ප්‍රනාන්දු නොදැවී 14, රයන් දිසානායක 2/1)
- රාගම ක්‍රිකට් සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – (ජය පරාජ නෑ)
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 1ට 53 (පන්දුවාර 12.3යි)
(ෂෙවාන් මෝසස් නොදැවී 27, අනුෂ් පොලොන්නෝවිට නොදැවී 21, සෙනෙෂ් සෝලංගආරච්චි 13/1)
- ටැමිල් යුනියන් – ගෝල් ක්‍රිකට් සමාජය – (තරගයේ විසඳුමක් නෑ)
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 289යි (පන්දුවාර 59.3යි)
(ෂරුජන් ෂන්මුගනාදන් 81, නරේන් මුරලිදරන් 45, හසිඳු වික්‍රමාරච්චි 37, සිනෙත් ජයවර්ධන 35, ෂානුක ගලගොඩ 20, විහස් තෙව්මික 20, මානස රාජපක්ෂ 61/5, රුසිරු ලියනගේ 54/2, හංසමාන ද සිල්වා 59/2)
ගෝල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 8ට 283 (පන්දුවාර 82.3යි)
(හංසිත සුරංග නොදැවී 58, චමත් දිල්සර 54, දුල්සිත් දර්ශන 41, හංසමාන ද සිල්වා 37, සංදේව් ඉඳුවර 33, කවිඳු නිර්මාණ 52/3, මෙවන් දිසානායක 52/2)
- පොලිස් ක්‍රීඩා සමාජය – බ්ලුම්ෆීල්ඩ් – (බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ ජය)
(පොලීසිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 211 (පන්දුවාර 62.3යි)
(නිපුන් ප්‍රේමරත්න 50, සුපුන් ප්‍රනාන්දු 42, සංගීත් ෂෙහාර 30, දමිත් කැප්පගොඩ 21, ඉරුෂ ආකාෂ් 19, නිසල අබේරත්න 26/3, තරිඳ ගුරුගේ 43/3, චතුම් කුලසේකර 33/2)
බ්ලුම්ෆීල්ඩ් කඩුල්ලක් දැවී 300යි (පන්දුවාර 50යි)
(මිනෙත් ප්‍රේමරත්න නොදැවී 134, පුලීස තිලකරත්න නොදැවී 107, හසිත අමරසිංහ 42, නිපුන් ප්‍රේමරත්න 46/1යි)
පොලීසිය දෙවන ඉනිම කඩුලු 5ට 88 (පන්දුවාර 20යි)
(අවීෂ ෂමාෂ් 24, සංගීත් ෂෙෂාර 18, රශ්මික පෙරේරා 17, තරිඳ ගුරුගේ 25/3, නිසල අබේරත්න 17/2)
- කුරුණෑගල – එස්.එස්.සී. – (සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී)
(කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 273යි (පන්දුවාර 77.3යි)
(රශ්මික මධුශංක 123, අමේෂ් තෙන්නකෝන් 34, ගයාන් වීරසිංහ 26, ලක්වින් අබේසිංහ 24, සේනක දංගමුව 20, දිනුර කළුපහන 49/4, ගිෂාන් බාලසූරිය 42/2, නිමන්ක ජයතිලක 61/2)
එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 3ට 19යි (පන්දුවාර 11යි)
(දිනුක තෙන්නකෝන් 10/2)





