slc
logo
Home   |    News
අගෝස්තු 19, 2025
හිවීන් කෙනුලගෙන් කඩුලු ත්‍රිත්වයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු කඩුලු ත්‍රිත්තවය වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ හිවින් කෙනුල සමත්විය. සෙබස්තියනට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කෙනුල මෙම දක්ෂතාවය දැක්වීය.

සෙබස්තියනයිට්ස් දෙවැනි ඉනිමේ දෙවැනි පන්දුවාරයේ පස්වැනි සහ හය වැනි පන්දු වලදී මානස ද සිල්වා සහ නුවන් දිනෙත්ව දවා ගත් කෙනුල අනතුරුව යවන ලද සිව්වැනි පන්දුවාරයේ පළමුවැනි පන්දුවෙන් මනුප මන්මිත දවා ගනිමින් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේය. දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන කෙනුල පළමු ඉනිමේදීද ලකුණු 16 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව සමස්ථ තරගයේදීම ඔහු ලකුණු 40 කට කඩුලු 8 ක් දවා ලූවේය. කලුතර සිරිකුරුස විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨවී සිටින කෙනුල වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

මේ අතර දිනයේදී ශතක 2 ක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ අසිත වන්නිනායක සහ එස්. එස්. සී. කණ්ඩායමේ තිමිර කුමාරගේ සමත්වූහ. කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව පන්දු 192 කට මුහුණ දුන් අසිත තම ලකුණු 123 ක ඉනිම සදහා හතරේ පහර 12 ක් එල්ල කර තිබුණි. ගාලු කණ්ඩායමට එරෙහිව පන්දු 185 කට මුහුණ දුන් තිමිර ලබා ගත් ලකුණු 102 සඳහා හතරේ පහර 11 ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණේය.

මේ අතර පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට යුනයිටඩ් සදර්න් කණ්ඩායම සමත්විය. පළමු ඉනිමේදී පසුපසින් සිටියද දෙවැනි ඉනිමේදී වඩාත් දස්කම් අතරට පිවිසි යුනයිටඩ් සදර්න් ක්‍රීඩකයින් අතරින් කැපී පෙනුණු සසංක නිර්මාල් පළමු ඉනිමේදී දවා ගන්නා ලද කඩුලු 5 ට අමතරව දෙවැනි ඉනිමේදීද ලකුණු 20 කට කඩුලු 5 ක් දවාලූවේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදීම ලකුණු 41 කට කඩුලු 10 ක් දවාලමින් දස්කම් දැක්වීය.

මේ අතර පන්දු යැවීමේදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ තිමිර ඉරුෂික සහ බී.ආර්.සී. කණ්ඩායමේ දමිත අබේසිංහ කඩුලු 6 බැගින් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනෙද්දී, යුද හමුදා ක්‍රීඩා සමාජයේ විහඟ ඉරංජන, මැලේ කණ්ඩායමේ නිමන් උමේෂ් සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ බ්‍රයන් හංසක කඩුලු 5 බැගින් දවාලූහ.

  • බී.ආර්.සී. – බදුරලිය – (තරගයේ විසඳුමක් නෑ)

 බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 292 (පන්දුවාර 91.1යි)

 (කුසල් විජේතුංග 69, විශ්ව සුපුන් 66, දිනුරු අබේවික්‍රමසිංහ 64, සචිර වැලිවත්ත 29, තනුග පළිහවඩන 26, බ්‍රයන් හංසජ 88/5, මනස මධුභාෂණ 25/2, යෙනුර දෙව්තිසා 37/2)

 බදුරලිය පළමු ඉනිම කඩුලු 7ට 254යි (පන්දුවාර 90යි)

 (ශානික්‍ය දේශප්‍රිය 74, කවිශ්ක ඉමේෂ් 53, ජනෙත් කෞෂාල් නොදැවී 35, යෙනුල දෙව්තිසා 27, ශෙහාන් මධුශංක 24, ෂරොන් අභිෂේක් නොදැවී 18, දිමත් අබේසිංහ 105/6)

  • හලාවත මේරියන්ස් – එන්.සී.සී. (හලාවත මේරියන්ස්ට පළමු ඉනිමේ ජය)

 හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 296 (පන්දුවාර 77යි)

 (දිලන දම්සර කුමාර 141, දර්ශක සංදීප් නොදැවී 59, තිමිර ඉරුෂික 19, තරිඳු අමරසිංහ 12, ගවිරු සෙන්හස් 20/3, මතීෂ පතිරණ 43/2, ශක්ති උදාර 69/2යි)

 එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 189යි (පන්දුවාර 52.4)

 (දිනෙත් ගුණවර්ධන 79, විනුක රූබසිංහ 72, ජීවක ශෂින් 13, තිමිර ඉරුෂික 48/6, මෙලාන් හංසක 69/2)

 එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 2ට 42යි (පන්දුවාර 13යි)

 (ගවිරු සෙන්හස් නොදැවී 23, විනුක රූබසිංහ නොදැවී 13, තිමිර ඉරුෂික 10/2)

  • මුවර්ස් – සෙබස්ටියනයිට්ස් (මුවර්ස්ට පළමු ඉනිමේ ජය)

 මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 238 (පන්දුවාර 62.1)

 (මල්ෂා තරුපති 68, ඔමේෂ් මෙන්ඩිස් 57, ඔෂාන් ද සිල්වා 44, රවිෂාන් ද සිල්වා 22, මහීෂ් ද සිල්වා 13, නුවන් දිනෙත් 56/5, චාරුක පීරිස් 74/3යි)

සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම සියල්ල දැවී 151 (පන්දුවාර 60.2)

 (චමිඳු පෙරේරා 43, කවිඳු ගයත්‍ර 38, ලස්මික පෙරේරා 16, තාරුක සූරියආරච්චි 15, හිවින් කෙනුල 16/5, කවිඳු කෞශල්‍ය 27/3, ළහිරු අමරසේකර 36/2)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 6ට 113 (පන්දුවාර 16)

 (ඔෂාන් ද සිල්වා 54, විෂාර ප්‍රනාන්දු 19, ඔමේෂ් මෙන්ඩිස් 16, නුවන් දිනෙත් 14/2)

 සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම කඩුලු 6ට 84යි (පන්දුවාර 25යි)

 (ලස්මික පෙරේරා 31, මනුක මන්මිත 22, තාරුක සූරියආරච්චි නොදැවී 17, හිවින් කෙනුල 24/3)

  • පාණදුර – සී.සී.සී. (විසඳුමක් නෑ)

 පාණදුර පළමු ඉනිම කඩුලු 9ට 339 (පන්දුවාර 100.5යි)

 (සළිඳු මල්ෂාන් 88, චාර්ය පරණවිතාන 80, කවිඳු අමානෙත් 66, යසාන් අවිශ්ක 38, දුරන්ක සිල්වා 33, තිසරු වන්නිනායක 83/4, ඉනුක කරන්නාගොඩ 43/2, සිතුම් විහංග සත්සිඳු 69/2)

සී.සී.සී. පළමු ඉනිම කඩුලු 3ට 188 (පන්දුවාර 51යි)

 (අංජල බණ්ඩාර නොදැවී 83, සෙත්රු ප්‍රනාන්දු 38, පවන් සංදේශ් 22, සහන් කෝසල නොදැවී 17, සහන් මිහිර 42/1, විශ්ව ළහිරු කුමාර 35/1)

  • ටැමිල් යුනියන් – කැන්ඩි කස්ටම් (කැන්ඩි කස්ටම්ට පළමු ඉනිමේ ජය)

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 314 (පන්දුවාර 56.3)

 (සිනෙත් ජයවර්ධන 100, විහස් තෙව්මික 90, කවිඳු නිර්මාණ 26, රන්ජිත් කුමාර නිව්ටන් 23, ෂානුක ගලගොඩ 22, නඳුන් සිල්වා 63/4, වෙන්කට් රජේන්ද්‍රන් 52/2, ෂොන් රුද්‍රිගෝ 71/2යි)

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම කඩුලු 9ට 324 (පන්දුවාර 104.5යි)

 (නඳුන් අසේල 62, සුධීර වීරරත්න 60, ප්‍රමේෂ් මධුභාෂණ 55, අර්ෂාන් ජෝශප් 38, මිහිඳු සිල්වා 22,  කළණ ලියනගේ 71/3, රන්ජිත් කුමාර නිව්ටන් 30/2, නිමේෂ් සිල්වා 74/2)

  • ගෝල් ක්‍රීඩා සමාජය – එස්.එස්.සී. (එස්.එස්.සී.ට පළමු ඉනිමේ ජය)

ගෝල් පළමු ඉනිම සියල්ල දැවී 249යි (පන්දුවාර 68.5යි)

 (සදෙව් ඉඳුවර 59, නිකිල් ජයවීර 55, හසිත සුරංග 33, මනිත රාජපක්ෂ 25, දුල්සිත් දර්ශන 17, යුරි කොට්ටිගොඩ 16, ගිෂාන් බාලසූරිය 34/5, තෙමිර කුමාරගේ 19/2, නෙෂාන් ඩයස් 50/2යි)

 එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී 261 (පන්දුවාර 69.1යි)

 (තෙමිර කුමාරගේ 102, සදීෂ රාජපක්ෂ 33, කෙනුල් ද සොයිසා 30, නෙෂාන් ඩයස් 22, ශෙහාන් හසරංග 18, නදීෂ ආකාෂ් 17, රුවිෂාන් පෙරේරා 52/4, හසිත සුරංග 26/3, අරෝෂ උදයංග 25/2යි)

ගෝල් දෙවන ඉනිම කඩුලු 5ට 125 (පන්දුවාර 26යි)

 (දුල්සිත් දර්ශන නොදැවී 62, චමත් දිල්සර 27, සදීෂ රාජපක්ෂ 23/2යි)

  • කුරුණෑගල තරුණ සමාජය – බ්ලුම්ෆීල්ඩ් (බ්ලුම්ෆීල්ඩ්ට පළමු ඉනිමේ ජය)

 කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 225 (පන්දුවාර 63.5යි)

 (ගයන වීරසිංහ 53, වතිල උදාර 46, සේනුක දංගමුව 39, රශ්මික මධුශංක 33, ලක්වින් අබේසිංහ 17, දුලාජ් සමුදිත 54/5, තරිඳ ගුරුගේ 34/4)

 බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 9ට 316 (පන්දුවාර 82යි)

 (අසිත වන්නිනායක 123, තරිඳු හර්ෂණ 62, හසිත අමරසිංහ 57, නිසල අබේරත්න නොදැවී 20, දිනුක තෙන්නකෝන් 53/3, ගයන වීරසිංහ 45/2, ඕලිත නෙරංජන් 56/2)

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම කඩුලු 1ට 20යි (පන්දුවාර 10යි)

 (ගයන වීරසිංහ නොදැවී 08, මිනෙත් ප්‍රේමරත්න 9/1යි)

  • ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – යුනයිටඩ් සදර්න් (යුනයිටඩ් සදර්න් කඩුලු තුනකින් ජය ගනී)

 ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 143යි (පන්දුවාර 34.2යි)

 (ළහිරු දෙවටගේ 41, සුපුන් වඩුගේ 33, රනේෂ් සිල්වා 25, රවීන් ද සිල්වා 19, තනුජ රාජපක්ෂ 13, සසංක නිර්මාල් 19/5, සිතුක ගුණවර්ධන 37/4යි)

 යුනයිටඩ් සදර්න් පළමු ඉනිම සියල්ල දැවී 126යි (පන්දුවාර 30.5)

 (ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 47, සෙනිර ලිත්මින් 42, පෙසඳු සන්ජන් 11, වනුජ සහන් 55/6, දනාල් හේමානන්ද 33/3)

 ඒස් කැපිටල් දෙවන ඉනිම සියල්ල දැවී 86යි (පන්දුවාර 21.4යි)

 (ටනුජ රාජපක්ෂ 20, රවීන් ද සිල්වා 17, දනාල් හේමානන්ද 08, සසංක නිර්මාල් 22/5, හිමල් රවිහංස 30/3යි)

යුනයිටඩ් සදර්න් දෙවන ඉනිම කඩුලු 7ට 104 (පන්දුවාර 20.1යි)

 (තරුෂ් දමිඳු 49, සසංක නිර්මාල් නොදැවී 13, විරංග යෙෂාන් 14, පෙසඳු සංජාන් 07, වනුජ සහන් 39/4, දනාල් හේමානන්ද 29/2යි)

  • කෝල්ට්ස් – රාගම ක්‍රිකට් සමාජය (ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

 කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 7ට 310 (පන්දුවාර 71.5)

 (හිරුන ගාල්ලගේ 78, හිරුන් කපුරුබණ්ඩාර 71, අනුරාධ රණසිංහ නොදැවී 50, රිෂ්මා අමරසිංහ 43, රයන් දිසානායක 24, හරින් අචින්ත 22, දසිත් ගුණතිලක 61/4, මලීෂ සිල්වා 65/3)

 රාගම පළමු ඉනිම කඩුලු 5ට 43 (පන්දුවාර 13යි)

 (සනිතු අමරසිංහ 21, අනුෂ් පොලොන්නෝවිට 08, රයන් දිසානායක 9/3යි)

  • යුද හමුදාව – කොළඹ මැලේ ක්‍රීඩා සමාජය (පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

යුද හමුදාව පළමු ඉනිම සියල්ල දැවී 66යි (පන්දුවාර 36.5යි)

 (සමිත් දිල්ෂාන් 25, අෂාන් සුදර්ශන 11, නිමන් උමේෂ් 28/5, කවීෂ් සත්සර 24/3)

කොළඹ මැලේ ක්‍රීඩා සමාජය කඩුලු 9ට 67යි (පන්දුවාර 25යි)

 (දිනිත ද සිල්වා 25, වෝෂිත අමරසිංහ 17, පුලස්ති අතපත්තු 08, විහංග ඉරන්ජල 28/5, උමේෂ් ද සිල්වා 15/3)

යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 2ට 95 (පන්දුවාර 25යි)

 (තරිඳු දිලංක නොදැවී 56, ශානිත් දිල්ෂාන් නොදැවී 14, අෂාන් සුදර්ශන 13, කවීෂ් සත්සර 34/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar