slc
logo
Home   |    News
අගෝස්තු 11, 2025
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සිව්වැනි තැනට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථාන 4 දෙනා දක්වා ඉදිරියට පැමිණ සිටියි. ප්‍රසාද ලකුණු 103 ක් ලබා සිටින ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු 10 වැනිදා සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව පාකිස්තානු කණ්ඩායම අභිබවා යෑමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර ඔවුන් ප්‍රසාද ලකුණු 102 ක් ලබා ගනිමින් පස්වැනි ස්ථානයට පත්ව සිටියි.

ප්‍රසාද ලකුණු 124 ක් ලබා සිටින ඉන්දියාව තවදුරටත් එම පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිද්දී නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 109 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවෙයි. එහෙත් දශම ස්ථාන සංසන්දන කිරීමේදී නවසීලන්තය ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටීම නිසා නවසීලන්තයට එම සටහනේ දෙවැනි ස්ථානය ලියැවී තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානයේදී, ඇෆ්ගනිස්තානය 7 වැනි ස්ථානයේදී. එංගලන්තය 8 වැනි ස්ථානයේදී, බටහිර ඉන්දීය කොදෙව් 9 වැනි ස්ථානයේදී සහ බංග්ලාදේශය 10 වැනි ස්ථානයේද රැඳී සිටිති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee