slc
logo
Home   |    News
අගෝස්තු 15, 2025
ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා බාළිකා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්

sinhala editor

අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලිවල ක්‍රීඩාංගණයේ වෙනසක් සිදුකර ඇත.

මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සියලුම තරග, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එළැඹෙන 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී මැලේසියාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ බාළිකා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් යොදා ගැනීමට නියමිත දෙරට අතර මෙම තරගාවලිය යටතේ යොවුන් බාළිකා විස්සයි-20 තරග 5 ක් සහ එක් යොවුන් එක්දින තරගයක් පැවැත්වෙනු ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනිදා පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වන අතර එම 30 වැනිදා පැවැත්වීමට නියමිත පළමු සහ එකම යොවුන් බාළිකා එක්දින තරගයෙන් පසු නිමාවට පත් වනු ඇත. සැප්තැම්බර් 21, 24, 26 සහ 28 යන දිනයන්හිදී පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි විස්සයි-20 තරග පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 20 – පළවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය සැප්තැම්බර් 21 – දෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය සැප්තැම්බර් 24 – තෙවැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය සැප්තැම්බර් 26 – සිව්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය සැප්තැම්බර් 28 – පස්වැනි යොවුන් බාළිකා විස්සයි-20 තරගය සැප්තැම්බර් 30 – යොවුන් බාළිකා එක්දින තරගය

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee