slc
logo
Home   |    News
අගෝස්තු 3, 2025
කෝල්ට්ස් ලකුණු 26කට දවාගත් යුද හමුදාවට ලකුණු 62ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල ලකුණු 26කට දවාගත් යුද හමුදා කාන්තාවෝ තරගය ලකුණු 62කින් ජය වාර්තා කළහ.

‍දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා ක‍ළ හෙයින් කඩුලු 9ක් දැවී ලකුණු 88ක් ලබාගත් අතර, කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල ඕවර් 17.2කදි දැවී ගියේය. කෝල්ට්ස් පිලේ කඩුලු 4ක් ලකුණු 8කට දවා ගැනීමට නිලූකා ක්‍රිෂාන්ති සමත් වූ අතර, සුගන්දිකා කුමාරි ලකුණු 8කට කඩුලු 3ක් බිදහෙලා ගත්තාය. කෝල්ට්ස් පළමු කඩුල්ල ලකුණු බින්දුවේදී දැවී ගිය පසු දෙවැනි කඩුල්ලට කළණි යාපා හා නිලක්ෂි කාවින්ද්‍යා ගොඩනැගූ ලකුණු 11ක සබඳතාව හොදම අවස්ථාව වූ අතර, ක්‍රීඩිකාවෝ 8ක්ම ලකුණු 2ට අඩුවෙන් දැවී ගියහ.

අද පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලේ මල්කි මදාරා කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිලේ කඩුලු 4ක්  ලකුණු 17කට බිදහෙළූ අතර,  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යශෝධා ‍මෙන්ඩිස් පන්දු 74කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 68ක් හා හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු පන්දු 74කදී හයේ 2ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවි ලකුණු   76ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල  කඩුලු 9ක් දැවී ලකුණු 88 (32)

ක්‍රිෂාන්ති සඳමාලී 21, අචිනි කුලසූරිය 25, සුදර්ශිකා බණ්ඩාරණායක නොදැවී 13 (සජින්තිනී සත්සිකුමාර් 21/2, නෙත්මි සංජනා 18/3, නිලක්ෂි කාවින්ද්‍යා 8/2)

කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල  සියලු දෙනා දැවී ලකුණු 26 (17.2)

 නිලක්ෂි කාවින්ද්‍යා 6, ඉනෝෂි ප්‍රනාන්දු 5, අතිරේක 4 (සුගන්දිකා කුමාරි 8/3, නිලූකා ක්‍රිෂාන්ති 8/4)  

පානදුර කඩුලු 4ක ජයක්

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර  කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා ක‍ළේය.

බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 75 (26.5)

ඉරේෂා දමයන්ති 11, උමයංගනා පීරිස් 12, රශ්මි නේත්‍රාංජලී නොදැවී 20, අතිරේක 14 (ප්‍රමුදි මෙත්සරා 5/3, යසන්ති ‍හේරත් 12/2, පියුමි වත්සලා 1/2)  

පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 79 (20.2)

ලක්ණි නිම්සරා 10,  නවෝද්‍යා නෙත්මිණි 23, අතිරේක 17 (සෙව්මිණි සශිකලා 28/3, හිරුණිකා නිවරතනී 25/2)

හලාවත මේරියන්ස් පිලට කඩුලු 7ක් ජයක්

එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට එස්එස්සී පිලට ආරාධනා ක‍ළේය.

සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 121 (40.4)

ඉ‍රේෂා ශ්‍යාමලී  39, ලිහිනි අප්සරා 15, රංගිකා ප්‍රනාන්දු 12, චතුරානී ගුණවර්ධන 14, අතිරේක 17 (කාව්‍යා කාවින්දි 17/3,චමරි අතපත්තු 32/2, දෙව්මි විහංගා 20/3)

හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 3ක් දැවී ලකුණු 122 (28.2)

චමරි අතපත්තු නොදැවි 76,මනුදි නානායක්කාර නොදැවී 12, ශශිනි ගිම්හානි 21, අතිරේක 10 (අමා කාන්චනා 20/1, චමෝදි හේරත් 20/1, චමරි ලක්ෂාණී 31/1)

ගුවන් හමුදාවට ලකුණු 85ක ජයක්

සීසීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා ක‍ළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 176 (33)

යශෝධා ‍මෙන්ඩිස් 68, මල්ෂා ෂෙහානි 23, රුචිනි සමරසිංහ 15, අයේෂා කීර්තිරත්න නොදැවී 34, මල්කි මදාරා නොදැවී 13, අතිරේක 11 (සවින්දි කුරේ 24/2)  

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 91 (25.3)

සුභද්‍රා සවනී 11, කෞෂණී නුත්‍යාංගනී 33, නෙත්මි ගුණරත්න 10, අතිරේක 10 (මල්කි මදාරා 17/4, මල්ෂා ෂෙහානි 22/2, තාරුකා ෂෙහානි 11/3)

නාවික හමුදාවට කඩුලු 8ක ජයක්

කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා ක‍ළේය.

ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 6ක් දැවී ලකුණු 78 (22)

යෙනුලි සත්නදී 20,  හසිනි ඉන්ද්‍රජිත්  34, අතිරේක 8 (උදේශිකා ප්‍රබෝදනී 9/2, රශ්මි සිල්වා 19/2)

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2ක් දැවී ලකුණු 80 (10)

හසිනි පෙරේරා 30, හර්ෂිතා සමරවික්‍රම ‍නොදැවී 21, නිලක්ෂනා සඳමිණි 21, සත්‍යා සංදීපනී නොදැවී 5 ( දේවාගි ‍ජෙගනාතන් 16/2) ො

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee