ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23 පහළ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙදින තරගාවලියේ අද (28) ආරම්භ වු තරඟ දහයේ දී වැඩි දස්කම් දක්නට ලැබුණේ පන්දු යවන්නන්ගෙනී. පන්දු යවන්නන් හත්දෙනෙකුම අද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලු අතර ශතක වාර්තා වුයේ පිතිකරුවන් දෙදෙනෙකුගෙනි.
ඒස් කැපිටල් සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම් අතර තරඟයේ දී ඒස් කැපිටල් කන්ඩායමේ වනුජ සහන් නොදැවී ලකුණු 119ක් ද (පන්දු 122යි හතරේ 14යි හයේ දෙකයි) ටැමිල් යුනියන් සහ පොලිසිය අතර තරගයේදී ටමිල් යුනියන් කණ්ඩායමේ 19 හැවිරිදි ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 121ක් ද (පන්දු 194යි හතරේ පහර නවයයි ) රුස් කිරීමට සමත් විනි.
මීට අමතරව ලකුණු අතර සිටි තවත් පිතිකරුවන් කිහිපදෙනෙකු වු හලාවත මේරියන්ස් කන්ඩායමේ තරිඳු අමරසිංහ සෙබස්ටියනයිට්ස් සමග පන්දු 129ක දී හතරේ 12ක් හයේ පහරක් සමග ලකුණු 98ක් ද පානදුර කණ්ඩායමේ සසිඳු මල්ෂාන් කෝල්ට්ස් සමඟ පන්දු 132 කට මුහුණ දි හතරේ පහර 11සමඟ ලකුණු 91 ක් ද එස් එස් සී කණ්ඩායමේ දිනුර කළුපහන බ්ලුම්ෆීල්ඩ් සමඟ ලකුණු 85 ක් ද (පන්දු 126 යි හතරේ හතයි හයේ තුනයි) රැස් කළහ.
පන්දු යවන්නන් අතර විශේෂ දක්ෂතා දැක් වු පන්දු යවන්නන් වු කුරුණෑගල තරුණ කණ්ඩායමේ වතිල උදාර කැන්ඩි කස්ටම් සමඟ ලකුණු 30 කට කඩුලු 8 ක්ද මුවර්ස් කණ්ඩායමේ ළහිරු අමරසේකර එන් සී සී සමඟ ලකුණු 38 ක ට කඩුලු හතක්ද බදුරලිය සහ කොළඹ මැලේ අතර තරඟයේදී මැලේ කණ්ඩායමේ කමීෂ් සත්සර ලකුණු 78 කට කඩලු 6ද එස් එස් සී – බ්ලුම්ෆීල්ඩ් තරඟයේදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ තරින්ද ගුරගේ ලකුණු 76 කට කඩුලු 6ද දවා ලීය.
- ඒස් කැපිටල් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය (තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවි 282 යි (පන්දුවාර 64 යි)
(වනුජ සහන් නොදැවී 119, තීරක රණතුංග 55,පවන් පතිරාජ 36, රනේෂ් සිල්වා 34,දනාල් හේමානන්ද 15, නිර්මල රත්නායක 76/5,දහම් නිර්මාල් 75/2 )
නුගේගොඩ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 1ට 47 යි (පන්දුවාර 20 යි)
( පුළිඳු පෙරේරා 35, දනාල් හේමානන්ද 30/1යි )
- බදුරලිය ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ කණ්ඩායම (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9 ට 225 යි (පන්දුවාර 88.2 යි)
(සඳුන් මෙන්ඩිස් 83,ශානික්‍ය ද සිල්වා 41,මනස මදුභාෂණ 25,ෂෙහාන් මධුශංක 19,කවීෂ් සත්සර 73/6 )
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – බී.ආර්.සී. (සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ දී)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවි 241යි (පන්දුවාර 69.3 යි)
( කවින් ෂෙහාර 45,ඩොමිනිත් ප්‍රනාන්දු 45,තමිඳු ප්‍රදීපන 39,කවීෂ කල්පන 37,චන්දුප ද සිල්වා 32, හංස මිහිරංග 16, තනුග පලිහවංන 62/5,තරුක්ෂ අෂේන් 34/2,ළකිඳු සචින් 45/2 )
බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 3 ට 46 යි (පන්දුවාර 18 යි)
(කුසල් විජේතුංග නොදැවී 21, සචිර වැලිවත්ත20,හිමල් රවිහංස 21/2 යි )
- එන්.සී.සී. – මුවර්ස් – (මුවර්ස් ක්‍රීඩාංගණයේ දී)
එන්.සී.සී. ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවි 175 යි (පන්දුවාර 47.1 යි)
(විනුක රූබසිංහ 67,නදීෂ් යසිරු 37,ජීවක ශෂින් 34,ළහිරු අමරසේකර 38/7, හිවින් කෙනුල 21/1)
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 2ට 87 (පන්දුවාර 28යි)
( ඔාෂන් ද සිල්වා නොදැවී 47 ,දනාල් අනුරාධ නොදැවි 21,රනුක මලවිආරච්චි 16/1යි )
- හලාවත මේරියන්ස් – සෙබස්ටියනයිට්ස් (කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී)
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9 ට 300 යි (පන්දුවාර 92 යි)
( තරිඳු අමරසිංහ 98,දලින දම්සර 53,සදෙව් ලියනගේ 51, තෙවිප් අමරසිංහ නොදැවි 45 .හරුන් ජයසුනදර 31 ,නුවන් දිනෙත් 54/3,තරුක සූරියආරච්චි 40/2,මලිත හපුආරච්චි 67/2 )
- පාණදුර ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් (පාණදුර මහජන ක්‍රීඩාංගණයේ දී)
පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම 233 (පන්දුවාර 67 යි)
( සසිධු මල්ෂාන් 91,යෂාන් අවිෂ්ක 58,චාර්ය පරනවිතාන 18,විශ්ව ලහිරු 18,කවිඳු අමාමෙත් 16,තරණ විමලධර්ම 60/5,රයන් දිසානායක 86/3,)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 2 ට 58(පන්දුවාර 20.3 යි)
( හරින් අචින්ත 17,රිෂ්ම අමරසිංහ 15,විශ්ව ලහිරු කුමාර 9/1යි )
- රාගම ක්‍රීඩා සමාජය – සී.සී.සී. (ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9 ට 122 යි (පන්දුවාර 35.2යි)
( දසිත් ගුණතිලක 32යි.මලිෂ සිල්වා 27යි,නිෂලිත සදිව් 16,හිරුෂ දෙව්මිත 23/3,දුමිඳු රණතුංග 34/3,සෙත්රු ප්‍රනින්දු 18/2 )
- ටැමිල් යුනියන් – පොලීස් ක්‍රීඩා සමාජය (පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී)
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවි 351 (පන්දුවාර 87.2 )
( ෂාරුජන් ෂන්මුගනාදන් 121,ෂානුක ගලගොඩ 71,විහස් තෙව්මික 65,නරේන් මුරලිදරන් 23 ,ඉසිවර දිසානායක 20,කවිඳු නිර්මාන 16,භාතිය සංදීප 67/4, රශ්මික පෙරේරා 51/2, සදීප රත්නායක 69/2)
- එස්.එස්.සී. – බ්ලුම්ෆීල්ඩ් (එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී)
එස්.එස්.සී ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවි 223 (පන්දුවාර 55 යි)
(දිනුර කලුපහන 85,නදීෂ ආකාෂ් 36,සදීෂ රාජපක්ෂ 24,රනුක් ජයසූරිය 22,චමිඳු වික්‍රමසිංහ 22,ගිෂාන් ප්‍රනාන්දු 15.තරිඳු ගුරුගේ 76/6,දුලාජ් සමුදිත 38/2, මිහිරංග නිම්සර 43/2 )
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 3 ට 133 (පන්දුවාර 27 යි)
( සවිඳු රුද්‍රිගෝ 57,අසිත වන්නිනායක නොදැවි 37,හසිත අමරසිංහ 29, සදීෂ රාජපක්ෂ 17/1, ෂෙහාන් හසරංග 16/1 )
- කැන්ඩි කස්ටම් – කුරුණෑගල තරුණ (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවි 154 (පන්දුවාර 48.4 යි)
(සඳුන් අසේල සිල්වා 39, මිනිඳු පහසර සිල්වා 32, ප්‍රෙම්ශ් මධුභාෂණ 31,වෙන්කට් රාජේන්ද්‍රන් නොදැවි 17,වතිල උදාර 30/3,සලිත නෙරංජන් 36/1 )
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 3 ට 166 (පන්දුවාර 40 යි)
( චනිරු සේනාරත්න නොදැවි 60,ගයන වීරසිංහ 40 ,අමේෂ් තෙන්නකෝන් 33,රශ්මික මධුශංක නොදැවි 17, නදුන් සිල්වා 23/2 යි )





