යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අගෝස්තු මස 24 වැනිදා පිටත්ව යෑමට නියමිතය.
විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය යටතේ තරග වදින සියලුම තරග ඇන්ටිගුවාහිදී පැවැත්වේ. මෙහිදී පළමු එක්දින තරග 4 කූලිජ් ක්රිකට් ක්රීඩාංගණයේදීද අවසන් තරග 3 ශ්රීමත් විවියන් රිචර්ඩර්ස් ක්රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.
අගෝස්තු මස 30 වැනිදා පළමු එක්දින තරගය පැවැත්වෙන අතර සැප්තැම්බර් 15 වැනිදා අවසන් තරගය පැවැත්වෙනු ඇත. ශ්රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය හමාර කොට සැප්තැම්බර් 16 වැනිදා නැවතත් ශ්රී ලංකාව බලා පැමිණීමට නියමිතය.
| ශ්රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායමේ බ.ඉ.කොදෙව් සංචාරය – තරග කාලසටහන | ||
| දිනය | තරගය | ක්රීඩාංගණය |
| අගෝස්තු 30 | පළමු එක්දින තරගය | කූලිජ්හිදී |
| සැප්තැම්බර් 02 | දෙවැනි එක්දින තරගය | කූලිජ්හිදී |
| සැප්තැම්බර් 04 | තෙවැනි එක්දින තරගය | කූලිජ්හිදී |
| සැප්තැම්බර් 07 | සිව්වැනි එක්දින තරගය | කූලිජ්හිදී |
| සැප්තැම්බර් 09 | පස්වැනි එක්දින තරගය | ශ්රීමත් විවියන් රිචර්ඩ්ස් |
| සැප්තැම්බර් 12 | හයවැනි එක්දින තරගය | ශ්රීමත් විවියන් රිචර්ඩ්ස් |
| සැප්තැම්බර් 15 | හත්වැනි එක්දින තරගය | ශ්රීමත් විවියන් රිචර්ඩ්ස් |
| සැප්තැම්බර් 16 | ශ්රී ලංකාව බලා පැමිණීම |





