slc
logo
Home   |    News
අගෝස්තු 12, 2025
දේශීය ක්‍රිකට් තරග ටැලන්ට් TV‘ ඔස්සේ

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේ මෙන්ම නැගීඑන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග වදිනු ලබන තරගාවලි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලිවල නිල විකාශන සහ ඉසව් අයිතිය හිමි තින්කියුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම විසින් තරග විකාශය කරනු ලබන රූපවාහිනී සහ ඩිජිටල් වේදිකාවන් වන ටැලන්ට් TV (Talent TV) නාළිකාව ඔස්සේ විකාශනය කෙරෙනු ඇත.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් අද පැවැති අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ තරග සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපෝන්සු, ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක සහ කාන්තා නායිකා චමරි අතපත්තු මෙන්ම තින්කියුබ් කලමනාකාර අධ්‍යක්ෂ දමත කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

දේශීය වශයෙන් සංවිධානය කෙරෙන සියලුම පිරිමි කණ්ඩායම්වල දේශීය ක්‍රිකට් තරග වලට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම, නැගීඑන කණ්ඩායම සහ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ තරග වදිනු ලබන සියලුම තරගාවලි විකාශන කටයුතු සිදුකෙරෙනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමේ සහ අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී තරග වදිනු ලබන තරගාවලිද මෙම විකාශනය කෙරෙන තරගාවලිවලට ඇතුළත්වෙති.

එසේ විකාශය කරනු ලබන ක්‍රිකට් තරග තින්ක්යූබ් සිස්ටම්ස් පෞද්ගලික සමාගමේ නිල නාළිකාව වන ටැලන්ට් ටීවී (Talent TV) නාළිකාව ඔස්සේ නොමිලේ විකාශය කෙරෙනු ඇත. අන්තර්ජාලයේ OTT වේදිකාවක් වන www.talenttv.lk ඔස්සේ සජීවීව සහ පටිගත කරන ලද වැඩසටහන් මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ.

ඊට අමතරව UHF  නාළිකා 47 (දිවයින පුරා), UHF නාළිකා 22 (කොළඹ), UHF නාළිකා 28 (දකුණු පළාත), UHF නාළිකා 32 (කරගහතැන්න) සහ UHF නාළිකා 56 (රත්නපුර) සංඛ්‍යාත හරහා දිවයින පුරා ටැලන්ට් රූපවාහිනියට ප්‍රවේශ විය හැකිය.

මෙම නාළිකාව ප්‍රසිද්ධියට පත් කිරීම අද දිනයේදී සිදු වුවද දෙපාර්ශ්වය යටතේ වන හවුල්කාරිත්වයේ ආරම්භක අදියර යටතේ, ප්‍රධාන තරඟාවලි කිහිපයක් දැනටමත් සාර්ථකව විකාශනය කොට අවසන් කර තිබේ. එමෙන්ම ජාතික කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ක්‍රියාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියද ටැලන්ට් ඨීවී ආයතනය ඔස්සේ මේ දිනවල සජීවීව විකාශය කරමින් සිටින අතර එම තරගාවලියේ අවසන් මහ තරගය ලබන අගෝස්තු 16 වැනිදා ප.ව. 1.30 ට පැවැත්වෙනු ඇත. ඊට අමතරව අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 තරගාවලිය, අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර 50 තරගාවලි‍ය, අන්තර් සමාජ ටියර් බී කොටසේ පන්දුවාර විස්සයි-20 තරගාවලිය සහ පන්දුවාර 50 තරගාවලිය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලීන් ටැලන්ට් ටීළුී ඔස්සේ මේ වන විටත් විකාශය කොට අවසන් කර ඇති තරගාවලි වෙති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee