slc
logo
Home   |    News
අගෝස්තු 30, 2025
සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව 50 වැනි එක්දින ජය සනිටුහන් කරයි

sinhala editor

හය වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 128 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 10 ක් තරමට අඩු කරමින්  සිම්බාබ්වේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සිකන්දර් රාසා සහ ටෝනි මිනුයොංගා සමත් වුවද අවසන් පන්දුවාරය යැවීමට සඳහා පන්දුවට අතට ගත් ඩිල්ෂාන් මදුශක කඩුලු ත්‍රිත්වයක්ද සමගින් එම පන්දුවාර ලකුණු 02 කට සීමා කිරීමට සමත්වීම නිසා ලකුණු 07 ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාමට අවස්ථාව උදාවිය. ඒ සමඟම තරග 2 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව දැන් පරාජය නොවන මායිමකමට අවතීර්ණව සිටියි.

හරාරේහී පැවැති මෙම තරගයේදී සත්කාරක පිතිකරුවෝ තර්ජනාත්මක හඹා යෑමක නිරත වෙමින් ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 299 කරා යන ගමනේදී 29 වැනි පන්දුවාරය අවසනදී ලකුණු 189 ක් රැස් කරමින් ජයග්‍රහණය සදහා ලකුණු 10 ක පරතරයකින් සිටියේය.

ඒ අනුව පන්දු යැවූ ඩිල්ෂාන් මදුශංක එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙරාතුව පළමු පන්දුවාරයේ පළමු පන්දු  3 දී සිකන්දර් රාසා, බ්‍රෑඩ් එවන්ස් සහ රිචඩ් න්ගරාවාගේ කඩුලු දවා ගනිමිනි. මෙය ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද 8 වැනි පන්දු යවන්නා බවට පත්විය. ඩිල්ෂාන්ට පෙර චමින්ද වාස් දෙවතාවකදී (2001, 2003), ලසිත් මාලිංග තෙවතාවකදීද (2007, 2011, 2011) ෆර්වීස් මහරූෆ් (2010), තිසර පෙරේරා (2012), වනිඳු හසරංග (2017), ෂෙහාන් මදුශංක (2018) සහ මහීෂ් තීක්ෂණ (2025) එක් වතාව බැගින් කඩුලු ත්‍රිත්ව ලබා සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වෙති.

පන්දුවාරයකට ආසන්න ලකුණු 06 ක වේගයක් රඳවා ගෙන ලකුණු රැස් කිරීමේ අභියෝගය සමග පන්දුවට පහර දීමට පැමිණි සිම්බාබ්වේ පිලේ පළමු කඩුලු 2 ම ලකුණු ලබා ගැනීමට පෙරාතුව දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වූවේය. එහෙත් බෙන් කරන් (70) ක් සහ ෂෝන් විලියම්ස් (57) දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක් එක් කරමින් ශක්තිමක් අඩිතාලමක් එක් කළහ.

එහෙත් 6 වැනි කඩුල්ලට එක් වුණු රාසා පන්දු 87 කදී ලකුණු 92 ක්ද, ටෝනි පන්දු 52 කදී නොදැවී ලකුණු 43  ක්ද රැස් කිරීමට සමත්වීම නිසා තරගයේ ජය දෙපිළටම විවෘත විය. වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දීමට පිතිකරුවන් සමත්වීම නිසා ලකුණු 300 ක් ආසන්නයට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන නොයන්නට මෙම තත්ත්වය හාත්  පසින්ම වෙනස් වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් අතිරේක ලකුණු 20 ක් ප්‍රතිවාදීන්ට පිරිනමා තිබිණ.

මදුශංකගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 291 ක් ලෙස නතර වද්දී එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලියැවුණේ සිම්බාබ්වේට එරෙහිව වාර්තා කරන ලද 50 වැනි එක්දින තරග ජයග්‍රහණය ලෙසිනි. දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ තරග 65 ක් පවත්වා තිබෙන අතර ඉන් තරග 50 ක ජය ශ්‍රී ලංකාව සතු වද්දී සිම්බාබ්වේ පිල අවස්ථා 12 කදී ජයග්‍රහණය වාර්තා කරගෙන තිබේ. තරග 3 ක් විසඳුම් රහිතව අවසන්ව තිබේ.

සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුනු 161 කදී දවා ගනිමින් සත්කාරකයින් පීඩනයක් එල්ල කළේය. එහෙත් 6 වැනි කඩුල්ලට එක් වුණු ජනිත් ලියනගේ සහ කමිදු මෙන්ඩිස් එක්ව පන්දු 83 කදී ගොඩනංවන ලද ලකුණු 137 ක සම්බන්ධතාව ප්‍රධාන කොටා නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 කට ලකුනු 298 ක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු ඉහළ කඩුලු සම්බන්ධතාව වූ මෙම සම්බන්ධතා සදහා හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කිරීමට පිතිකරුවන් යුගලය වග බලා ගත්හ. පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක පිටියෙන් ඉවතට යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 09 ක් ලෙසිනි. එතැන් පටන් වගකීම කරට ගත් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක් එක් කළහ.

වෙනදා මෙන් නොව තරමක තැන්පත් ලීලාවෙන්  පන්දුවට පහර දුන් මෙම පිතිකරුවන් යුගලින් පැතුම් මුහුණ දුන් පන්දු 63 වැනි පන්දුවේදී තම 17 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. දැවී යන විටත් පන්දු 92 කට මුහුණ දී සිටි පැතුම් ලබා ගත් ලකුණු 76 සඳහා හතරේ පහර 12 ක් එල්ල කළේය. ඔහුගේ අනෙක් සගයා වුණු කුසල් මේනඩිස් පන්දු 63 කදී ලකුණු 38 ක් ලබා ගත්තේය.

ශ්‍රි ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 298 යි – (පැතුම් නිස්සංක 76, නිශාන් මදුෂ්ක 00, කුසල් මෙන්ඩිස් 38, සධීර සමරවික්‍රම 35, චරිත් අසලංක 06, ජනිත් ලියනගේ 70, කමිඳු මෙන්ඩිස් 57, රිචඩ් න්ගරාවා 34/2)

සිම්බාබ්වේ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 292 යි – (බෙන් කරන් 70, ෂොන් විලියම්ස් 57, සිකන්දර් රාසා 92, ටෝනි මුන්යොංගා 43*, අසිත ප්‍රනාන්දු 50/3, ඩිල්ෂාන් මදුශංක 62/4)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee