ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි චමරි අතපත්තු ප්රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල අද පැවැති තරගයකදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල වෙතින් ලැබූ ලකුණු 91ක පරාජය හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි තැනට වැටුණි.
හංසිමා කරුණාරත්න ප්රමුඛ ජයග්‍රාහී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපරාජිතව ලකුණු සටහනේ පළමු තැනට පත්ව සිටී.
අද පැවැති තරගවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 91ක්, කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිලේ විශ්මි ගුණරත්න ලකුණු 77ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලේ මල්ෂා ෂෙහානි නොදැවී ලකුණු 51ක් හා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ නිලක්ෂිකා සිල්වා ලකුණු 60ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිලේ ලක්ෂි අබිමානී ලකුණු 17කට කඩුලු 4ක් හා බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලේ සෙව්මිණි සශිකලා ලකුණු 32කට කඩුලු 4ක් බිදහෙලා ගත්හ.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා කළේය.නාවික හමුදා පිලේ හර්ෂිතා සමරවික්‍රම පන්දු 111කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 91ක් ලබාගත් අතර, හංසිමා කරුණාරත්න සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 92කදී ලකුණු 97ක සබඳතාවක් ගොඩනැංවුවාය.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5ක් දැවී ලකුණු 219 (50)
හසිනි පෙරේරා 15, නිලක්ෂනා සඳමිණි 18, හර්ෂිතා සමරවික්‍රම 91, දැහැමි සෙනෙත්මා 21, හංසිමා කරුණාරත්න නොදැවී 48, සත්‍යා සන්දීපනී 12, අතිරේක 11 (කාව්‍යා කාවින්දි 25/2)
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 128 (38.4)
චමරි අතපත්තු 24, ඉමාෂා දුලනී 25, සුමුදු නිසංසලා 21, සචිනි නිසංසලා 21, දෙව්මි විහංගා 13, අතිරේක 14 (උදේශිකා ප්‍රබෝධනී 35/2, ඉනෝකා රණවීර 20/3,සත්‍යා සන්දීපනී 26/2)
ගුවන් හමුදාවට ලකුණු 31ක ජයක්
දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8කට ලකුණු 148 (50)
හිරුෂි පීරිස් 37, රුචිනි සමරසිංහ 24, මල්ෂා ෂෙහානි නොදැවී 51, හර්ෂණී විජේසූරිය 11, අතිරේක 13 (රන්දි ප්‍රේමරත්න 25/2, සුගන්ධිකා කුමාරි 33/2)
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 117 (41.2)
ඉමල්කා මෙන්ඩිස් 15, නිලූකා කුෂාන්ති 14, නිලක්ෂිකා සිල්වා 60, අතිරේක 13 (ඉනෝෂි ප්‍රනාන්දු 23/2, තාරුකා ෂෙහානි 29/3, මල්ෂා ෂෙහානි 12/2)
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 1ක ජයක්
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 164 (44)
විශ්මි ගුණරත්න 77, යශෝධා සේනාරත්න 28, සවනි කුරේ 18, අතිරේක 15 (සෙව්මිණි සශිකලා 32/4, විහාරා සෙව්වන්දි 12/3, උමයංගනා පීරිස් 27/2)
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 165 (45.1)
විහාරා සෙව්වන්දි 15, ඉරේෂා දමයන්ති 19, උමයංගනා පීරිස් 31, රශ්මිකා නේත්‍රාංජලී 41, හිරුණිකා නිවර්තනා නොදැවී 13, අතිරේක 30 (නෙත්මි විදුෂිකා 37/2, සවින්දි කුරේ 28/3, මල්ෂා නිරාෂා 25/2)
සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 72 (41.1)
සන්සලා වනිගසේකර 38, අතිරේක 15 (ලක්ෂි අබිමානී 17/4, සනුකි පතිරගේ 9/2චමෝදි ප්‍රබෝදා 14/2, )
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5කට ලකුණු 74 (25.2)
ඉරේෂා ශ්‍යාමලී 11, හෝප් ද සිල්වා 10, ලක්ෂි අභිමානි නොදැවී 11, චතුරි ගුණවර්ධන නොදැවී 10, අතිරේක 14 (දේවාගී ජෙගනාදන් 24/2)
පානදුර පිලට කඩුලු 6ක ජයක්
පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 100 (39.4)
නිලක්ෂි කාවින්ද්‍යා 10, චමෝදි දේවින්ද්‍යා 16, වගීෂා ජයවර්ධන 13, අතිරේක 34 (චේතනා විමුක්ති 12/2, රශ්මි සන්ජනා 18/2, යසන්ති හේරත් 9/2)
පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4කට ලකුණු 101 (27.5)
සඳලි වීරසිංහ 13, අශිනි කෞෂල්‍යා 25, රශ්මිකා සෙව්වන්දි 17, නවෝද්‍යා නෙත්මිණි 21, පියුමි වත්සලා නොදැවී 7, අතිරේක 17 (නිලක්ෂි කාවින්ද්‍යා 27/2)




