slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2025
ඔස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකා බාළිකාවෝ විස්සයි-20 ජය ගනිති

sinhala editor

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය 3-0 ක් ලෙස ජයග්‍රහණය කර ගනිමිනි.

තරගාවලියේ පළමු තරග 2 ම ජයගත් ශ්‍රී ලංකා බාළිකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගයේ ජයත් සමග තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භය ප්‍රමාද වූයෙන් එය පන්දුවාර 16 කට සීමා වෙමින් පැවැත්විණ. ඒ අනුව පළමුව  පන්දුවට පහර දුන් සංචාරක බාළිකාවෝ පන්දුවාර 16 අවසනදී කුණු 100 ක් ලබා ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් එමිලි පවෙල් (32) සහ ලුසී ෆින් (31) දෙදෙනා පමණක් ලකුණු 30 සීමා ඉක්මවා ලමින් ලකුණු රැස් කළහ. ඊට පස් එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ ලකුණු 12 ක් පමණි.

පන්දු යැවීමේදී දඟ  පන්දු යවන ක්‍රීඩිකාවන් වන අසේනි තලගුනේ සහ ලිමන්සා තිලකරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා බාළිකා පිලේ ආරම්භක පිතිකාරිණියන් වන සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී වේගවත් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙහිදී පළමු පිතිකාරිණිය ලෙස විමෝක්ෂා ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියද සිය පිතිහරඹය එලෙසින්ම පවත්වාගෙන ගිය සංජනා පන්දු 36 කින් ලකුණු 36 ක් රැස් කළේ තම ඉනිමට හතරේ පහර 5 ක් ද ඇතුළත් කර ගනිමිනි.

නෙතඟි ඉසුරාංජලී, සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී ලකුණු 5 ක් ඇතුළත බිඳ වැටුණද පස්වැනි කඩුල්ලට එක් වුණු නායිකා මනුදි නානායක්කාර සහ ශෂිනි ගිම්හානි ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියහ. මෙහිදී ගිම්හානි නොදැවී ලකුණු 17 ක්ද මනුදි නොදැවී ලකුණු 04 ක්ද රැස් කරගෙන සිටියහ. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සංජනා කාවින්දි සම්මාන දිනාගත්තාය.

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 6 ට ලකුණු 100 යි – (එමිලි පවෙල් 32, ඊවා බෙයාර්ඩ් 12, ලුසී ෆින් 31, අසේනි තලගුණේ 25/2, ලිමන්සා තිලරත්න 20/2)

ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම පන්දුවාර 15.1 කදී කඩුලු  4 ක් දැවී ලකුණු 101 යි – (සංජනා කාවින්දි 36, විමෝක්ෂා බාලසූරිය 25, නෙතඟි ඉසුරාංජලී 11, ශෂිනි ගිම්හානි 17*, මනුදි නානායක්කාර 04*, ලිලී හැමිල්ටන් 16/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar