slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2025
කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යයි

sinhala editor

මේ මස 30 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28 දා) පෙරවරුවේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුක්තව අද පිටත්වුණු කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.

13 වැනි වතාවටත් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇත. අද පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නම් කරන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර එක්දින ජාත්‍යන්තර තරග 5 කට අඩුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවන් ඇතුළත්ව ඇත්තේ සිව් දෙනෙකු පමණි.  මල්කි මදාරා (5), ඉමේෂා දුලානි (5) දෙව්මි විහංගා (4) සහ පියුමි වත්සලා (2) එම ක්‍රීඩිකාවෝ වෙති. එම ක්‍රීඩිකාවන් සිවු දෙනා අතරින් දෙව්මි සහ පියුමි කණ්ඩායමට එක්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසිනි.

ඉහත ක්‍රීඩිකාවන් සිව්දෙනා හැරුණු කොට කණ්ඩායමට නම් කොට ඇති අනෙක් සියලුම ක්‍රීඩිකාවන් එවම වශයෙන් එක්දින ජාත්‍යන්තර තරග 25 කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවෝ වීම කැපී පෙනෙයි. එහෙත් ඒ අතරින් කාන්තා එක්දින ලෝක කුසලානයකට ක්‍රීඩා කර ක්‍රීඩිකාවන් ඇතුළත්ව සිටින්නේ පස් දෙනෙකු පමණි. නායිකා චමරි අතපත්තු හැරුණු කොට, හර්ෂිතා සමරවික්‍රම, උදේශිකා ප්‍ර බෝධනී, ඉනෝකා රණවීිර සහ හසිනි පෙරේරා එම ක්‍රීඩිකාවෝ වෙති.

කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවන් අතරින් පිතිකාරිණියන් 7 දෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහ පන්දු යවන්නියන් සිව් දෙනෙකු ඇතුළත්ව සිටිති.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්වෙනු ඇත. සම සත්කාරකයින් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සැප්තැම්බර් 30 වැනිදා ගුවාතිහි පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග 2 කට ශ්‍රී ලංකාවේදී සහභාගිවූ අතර එහිදී පාකිස්තානයට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වුවද බංග්ලාදේශයට එරෙහි තරගය තියුනු තරගයක් දී එක් ලකුණකින් පරාජයට පත්විය.

කාන්තා කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටය යටතේ තරග 7 කට ක්‍රීඩා කරනු ඇත. එම තරග 7 න් තරග 5 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගිවන අතර අනෙක් තරග දෙක ගුවාතිහි සහ බංග්ලාදේශයට එරෙහි තරගය මුම්බායිහිදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය

  1. චමරි අතපත්තු (නායිකාව)
  2. හසිනි පෙරේරා
  3. විශ්මි ගුණරත්න
  4. හර්ෂිතා සමරවික්‍රම
  5. කවීෂා දිල්හාරි
  6. නිලක්ෂි ද සිල්වා
  7. අනුෂ්කා සංජීවනී (උප නායිකාව)
  8. ඉමේෂා දුලානි
  9. දෙව්මි විහංගා
  10. පියුමි වත්සලා
  11. ඉනෝකා රණවීර
  12. සුගන්දිකා කුමාරි
  13. උදේශිකා ප්‍රබෝධනී
  14. මල්කි මදාරා
  15. අචිනි කුලසූරිය

තරග කාලසටහන

සැප්තැම්බර් 30 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවාතිහිදී

ඔක්තෝම්බර් 04 – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 11 – ශ්‍රී ලංකාවහ සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 14 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී

ඔක්තෝම්බර් 17 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ඔක්තෝම්බර් 20 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මුම්බායිහිදී

ඔක්තෝම්බර් 24 – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar