slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2025
නුගේගොඩ – සී.සී.සී., නිගම්බු – බ්ලුම්ෆීල්ඩ් අවසන් පූර්ව තරග වටයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගැනීමට නුගේගොඩ, සී.සී.සී., නිගම්බු  සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අද (13 දා) සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව එම අවසන් පූර්ව තරග මේ මස 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇත.

එම පළමු අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. කණ්ඩායම කොළඹ එස්. එස්. සී පිටියේදීද නිගම්බු සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය එන්.සී.සීි. ක්‍රීඩා පිටියේදීද පැවැත්වෙනු ඇත. මෙම තරග වලින් ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 සහ 24 යන දෙදින පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අද නිමාවට පත් වුණු අර්ධ අවසන් පූර්ව තරග වලදී නුගේගොඩ ක්‍රීඩා සමාජය එස්. එස්. සී. කණ්ඩායමට වඩා  ලකුණු 208කින් ඉදිරියෙන් සිටි අතර තියුනු තරගාවසානයක් දුටු නිගම්බු ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් අතර තරගයෙන් නිගම්බු කණ්ඩායම ලකුණු තුනකින් පළමු ඉනිමේ ඉදිරියට පැමිනිණ.

මෙම තරගයේදී නිගම්බු ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 286 හඹායද්දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ අංක අට පිතිකරු යසිරු ලක්ෂාන් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට ගෙන යාමට බලවත් උත්සාහයක නිරතව නොදැවී ලකුණු 89ක් රැස් කරමින් සාර්ථක සබඳතා තුනකින් ලකුණු 283ක් රැස් කරන තුරුම සටන් වැදිණි. අවසාන කඩුල්ලට යසිරු අංක එකොළහ පිතිකරු ගීතික ද සිල්වා ලකුණු 05යි  පන්දුවාර 11.5ක දී ලකුණු 24ක් රැස් කළත් ඔවුනට අවසාන පූර්ව තරගයට යාමට අවස්ථාව උදා නොවීය.

 මේ අතර බ්ලුමෆීල්ඩ් සහ ඒස් කැපිටල් අතර අර්ධ අවසාන පූර්ව ගැටුමේ දී බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී ලකුණු 138කින් ද සී.සී.සී. – මුවර්ස් අර්ධ අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී. පහසුවෙන්ම පළමු ඉනිමේ දී ලකුණු 224කින් ද ඉදිරියෙන් සිටිමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලදහ.  

 අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී අද (13) දිනයේ කැපී පෙනුණු පිතිකරුවන් වු සී.සී.සී. කණ්ඩායමේ පවන් රත්නායක පන්දු 208ක දී හතරේ 22ක් සහ හයේ පහරක් සමග ලකුණු 194ක් රැස් කළේය. සී.සී.සී. අංක පහ පිතිකරු නායක අංජල බණ්ඩාර ද මෙදින පන්දු 178කට මුහුණ දී හතරේ 15ක් සහ හයේ තුනක් සමග ලකුණු 156ක් ලැබීය. සී.සී.සී. සිව්වන කඩුල්ලට පවන් සහ අංජල පන්දුවාර 52.3ක දී එක් කළ සබඳතාව ලකුණු 260කි.

 නුගේගොඩ සුබ සාධක සමාජය සහ එස්.එස්.සී. අතර තරගයේ දී නුගේගොඩ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා අද දිනයේ ලකුණු 178කට දැවී ගියේ පන්දු 235කට මුහුණ දී හතරේ පහර 26ක් සහ හයේ පහර දෙකක් ද එල්ල කර සිටියදීය. එස්.එස්.සී. ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියල් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 100ක් රැස් කළේ පන්දු 79ක දී හතරේ පහයි හයේ පහර හතක් සමගිනි.

 ඒස් කැපිටල් – බ්ලුම්ෆීල්ඩ් තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායමේ ට්‍රෙවීන් මැතිව් නැවත වරක් පන්දු යැවීමේ දී දස්කම්පාමින් ලකුණු 63කට කඩුලු 4ක් දවාලුවේය.

 හලාවත මේරියන්ස් පන්දුවට පහරදෙන අවස්ථාවේ නිගම්බු කණ්ඩායමේ හංසජ හිරුන් (92/4) සහ අමිත සංදීප් පෙරේරා (88/4) දක්ෂතා දැක්වීය

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය (නුගේගොඩ ප්‍රථම ඉනිමේ ඉදිරියෙන්)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 127යි (පන්දුවාර 29.2යි)

 (ෂෙවෝන් ඩැනියල් 54, චමිඳු වික්‍රමසිංහ 24, ශෙහාන් හසරංග 19 අබ්දුල් හකීම් ශිරාඩ් 65/5, නිර්මල රත්නායක 14/3, අභිෂේක් ආනන්දකුමාර 9/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී  355යි (පන්දුවාර 98.3යි)

 (පුළිඳු පෙරේරා 178,  අභිෂේක් ජයවීර 53, කවිෂ්ක බොතේජු 42, දහම් නිර්මාල් 28, අභිෂේක් ආනන්දකුමාර 26, චමිඳු වික්‍රමසිංහ 36/3, දිනුර කළුපහන 56/2, රනුද සෝමරත්න 19/1)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 4ට 202යි (පන්දුවාර 27යි)

 (ෂෙවෝන් ඩැනියල් නොදැවී 100, චමිඳු වික්‍රමසිංහ 44, දිනුර කළුපහන 29, කෙනුල ඩි සොයිසා 14, පුළිඳු පෙරේරා 43/2, නිර්මල රත්නායක 85/2)

  • නිගම්බු ක්‍රිකට් සමාජය – හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (නිගම්බු ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දිරියෙන්)

නිගම්බු ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 286යි (පන්දුවාර 80.2යි)

 (කවීන් ප්‍රනාන්දු 91, සාෆ්නී ඩීන් නොදැවී 63, තත්සර එෂාන් 33, හසිඳු කෙව්මිණ කවිරත්න 30, වගීෂ පෙරේරා 14, ශෙහාන් ප්‍රමෝද් 14, දිලන දම්සර 67/4, තිමිර ඉරුෂික 65/2, මෙලන් හංසක 99/2)

 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 283යි (පන්දුවාර 89.3යි)

 (යසිරු ලක්ෂාන් නොදැවී 89, තෙවින් අරමසිංහ 34, සකුන ලියනගේ 33, තරිඳු අමරසිංහ 31, හිරාන් ජයසුන්දර 26, දර්ශක සංදීප් 22, හංසජ හිරුණ 92/4, අමිත සංදීප පෙරේරා 88/4)

  • ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (බ්ලුම්ෆීල්ඩ් සුවිශේෂ දක්ෂතා පෙන්වයි)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 171යි (පන්දුවාර 46.5යි)

 (රනේෂ් සිල්වා නොදැවී 51, විනුෂ්ක සිල්වා 36, ළහිරු අබේසිංහ 16, පවන් පතිරාජ 14, තිසර ඒකනායක 14, දුලාජ් සමුදිත 53/6, තරිඳු නිර්මාල් ගුරුගේ 50/2)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 309යි (පන්දුවාර 87.3යි)

 (පැතුම් රත්නායක 64, මිනෙත් ප්‍රේමරත්න 52, තරිඳ නිර්මාල් ගුරුගේ 47, සවිඳු රොද්‍රිගෝ 44, භවන්ත ජයසිංහ 44, තරිඳු හර්ෂණ 24, ට්‍රවීන් මැතිව් 63/4, වනුජ සහන් 82/2, දනාල් හේමානන්ද 87/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 4ට 120යි (පන්දුවාර 27යි)

(තනුජ රාජපක්ෂ නොදැවී 52, රනේෂ් සිල්වා 24, වනුජ සහන් 16, රවීන් ද සිල්වා නොදැවී 13, මිහිරංග නිම්සර සිල්වා 16/2, දුලාජ් සමුදිත 20/1)

  • මුවර්ස් ක්‍රීඩා සමාජය – සී.සී.සී. ක්‍රීඩා සමාජය (සී.සී.සී. පළමු ඉනිමේ ඉදිරියෙන්)

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 235යි (පන්දුවාර 65.2යි)

 (මොහොමඩ් තාබිත් 89, ඔමේෂ් මෙන්ඩිස් 32, හසිඳු පෙරේරා 27, විශාර ප්‍රනාන්දු 26, දිනාල් අනුරාධ 20, මල්ෂා තරුපති 18, ඉනුක කරන්නාගොඩ 54/4, තිසරු වන්නිනායක 71/4)

සී.සී.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 7ට 459යි (පන්දුවාර 92යි)

 (පවන් රත්නායක 194, අංජල බණ්ඩාර 156, අරෝෂ සිතුමිණ 50, දුල්නිත් සිගේරා 23, ළහිරු අමරසේකර 139/3, හසිඳු පෙරේරා 57/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar