slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2025
පැතුම්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගයත් ජය ගනියි

sinhala editor

පැතුම් නිස්සංක ලබාගත් අගනා ශතකය ප්‍රධාන කොට සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව අගෝස්තු 31 වැනිදා පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 5 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළේය.

ලකුණු 278 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී එය සපුරා ගන්නා විට කඩුලු 5 ක් අත ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන්  පන්දු 12 දී ජයග්‍රාහී ඉලක්කය ලකුණු 12 ක් වූ අතර ඒ අතරතුරදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක චරිත් අසලංක ලකුණු 71 කට දැවී ගියේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් එල්ල කරන ලද හතරේ පහර නිසා ශ්‍රී ලංකාවට අවසන් පන්දු 6 දී ජයග්‍රාහී ඉලක්කය බවට පත්වූයේ ලකුණු 02 කි.

ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කාරය බවට පත්වුණු පැතුම් නිස්සංක සිය අර්ධ ශතකය පන්දු 54 කදී සපුරා ගනිමින් ශ්‍රී ලංකාවට ශක්තියක් ගෙන දුන්නේය. කෙසේ වෙතත් සිම්බාබ්වේ පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකර පන්දුවට පහර දුන් පැතුම් තම හත්වැනි එක්දින අන්තර්ජාතික ශතකය මුහුණ දුන් 130 වැනි පන්දුවේදී සටහන් කර ගත්තේය. අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පන්දු රැකීමට පැමිණි වෙස්ලි මදව්රේගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ පැතුම් දැවී යන විටත් පන්දු 136 කදී ලකුණු 122 ක් ලබා සිටියේය. ඒ ඊට හතරේ පහර 16 ක් ද ඇතුළත් කර ගනිමිනි.

කුසල් මෙන්ඩිස් (05), සහ නුවනිඳු ප්‍රනාන්දු (14) අඩු ලකුණු වලට දැවී ගියද සධීර සමරවික්‍රම සමඟ එක්වුණු පැතුම් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 78 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවරත්වයකට රැගෙන ආහ. එතැනින් නොනැවතුණු දකුණත් පිතිකරුවා නායක චරිත් අසලංක සමග එක්ව  පන්දු 87 කින් ලකුණු 90 ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මාවත පෙනෙන මායිමට යෑමට සාර්ථක තල්ලුවක් ලබා දෙමිනි.

නායක්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් ලබාගත් ලකුණු 71 සඳහා පන්දු 61 කට මුහුණ දී තිබුණේ ඉන් 7 වතාවත්ම පන්දුව හතරේ සීිමාවට යවමිනි. ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වනවිට කමිඳු සමග අනෙක් අන්තයේ රැදී සිටි ජනිත් ලියනගේ පන්දු 16 කදී ලකුණු 19 ක් ලබා සිටියේය.

පළමුව  පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බෙන් කරන් (79) සහ සිකන්දර් රාස් (59*) රැස් කරන ලද අර්ධ ශතක හේතුවෙන් සත්කාරකයින්ට ලකුණු 250 සීමාවෙන් ලකුණු පුවරුවේ රැඳවීමට අවස්ථාව උදාවිය. මේ නිසා නියමිත පන්දුවාර 5- අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව උදාවිය.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 55 ක වේගවත් ආම්භයක් ලබා දීමට බ්‍රයන් බෙනට් සහ බෙන් කරන් දෙදෙනා සමත්වූහ.

පන්දු 95 කට මුහුණ දුන් බෙන් කරන් ලබා ගත් ලකුණු 79 සඳහා හතරේ පහර 9 ක් එල්ල කළේය. කරන්ගේ දැවී යෑමෙන් පසු වගකීඹ කරට ගත් සිකන්දර් රාසා සිය අර්ධ ශතකය සපුරා ගන්නා ලද්දේ පැතුම් නිස්සංකගේ අතින් අත හැරුණු උඩ පන්දුවේද සහයෝගය සමගිනි. ලෝන් ඕන් හිට සිට දිව ගිය පැතුම් උඩ පන්දුව ආසන්නයට පැමිණි නමුත් ඔහුගේ දෑතින් උඩ පන්දුව ගිලිහී ගියේය.

සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 277 යි – (බ්‍රයන් බෙනට් 21, බෙන් කරන් 79, බ්‍රෙන්ඩන් ටේලර් 20, සෝන් විලියම්ස් 20, සිකන්දර් රාසා 59, ටෝනි මුන්යොංගා 10, ක්ලයිව් මඩාන්ඩේ 36, අසිත ප්‍රනාන්දු 67/2, ඩිල්ෂාන් මදුශංක 57/1, දුෂ්මන්ත චමීර 52/3, ජනිත් ලියනගේ 36/1)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 278 යි – (පැතුම් නිස්සංක 122, නුවනිඳු ප්‍රනාන්දු 14, සධීර සමරවික්‍රම 31, චරිත් අසලංක 71, ජනිත් ලියනගේ 19, රිචඩ් එන්ගරාවා 53/2, බ්‍රෑඩ් එවන්ස් 54/2, අර්නස්ට් මසුකු 32/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee