slc
logo
Home   |    News
සැප්තැම්බර් 22, 2025
පිට පිටම තෙවැනි වතාවටත් සී.සී.සී. පිල අන්තර් සමාජ කිරුළක් අභියස

sinhala editor

ගෙවී ගිග වසරකට ආසන්න කාලය තුළ පිට පිටම අන්තර් සමාජ ක්‍රිකට් ශූරතා දෙකක්ම දිනා සිටින මේට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රිකට් සමාජය මේ මස 23 සහ 24 දිනවල ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් අවසාන මහා තරගයේද ශූරතාව දිනා ගනිමින් මේ වසරේ පිට පිටම තෙවැනි වතාවටත් අන්තර් සමාජ ශූරතාවක් දිනා ගැනීමේ ආසන්නම අවස්ථාවකට පිවිස සිටියි.

ඒ අනුව ඔවුන් හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග එම අවසන් මහ තරගයට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදී සහභාගිවනු ඇත. මෙම අවසන් මහ තරගයේදී සී.සී.සී නායකත්වය අංජල බණ්ඩාර විසින් සහ බ්ලූම්ෆීල්ඩ් නායකත්වය මිනෙත් ප්‍රේමරත්න විසින්ද උසුලනු ලබති.

සී.සී.සී නැගී එන කණ්ඩායම් මෙම අවසන් මහ තරගයද ජය ගතහොත් ගෙවී ගිය මාස තුනකුත් දින දහයක් තුළ පිට පිටම දිනා ගන්නා තෙවැනි අන්තර් සමාජ ශූරතාවය ලෙසින් මෙය සනිටුහන් වනු ඇත.

මේ වසරේ (2025) ජුනි 15 වැනිදා පැවති අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගයේදී පානදුර ක්‍රීඩා සසමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් එම ශූරතාව දිනා ගැනීමට සමත්විය. එමතරගයේදී පළමුව පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8 ක් දැවී රැස් කරන ලද ලකුණු 172 හඹා ගිය සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 17.4 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසු කර ගියේය. එම අවසන් මහ තරගය සුවිශේෂී වූයේ සී.සී.සී ක්‍රීඩා පිටියට විදුලි ආලෝක කුළුනු සවි කිරීමෙන් පසු පවත්වන ලද පළමු විස්සයි-20 තරගය බවටද පත්වීමෙනි.

අනතුරුව පැවැතියේ අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය විය. 2025 ජූලි මස 30 වැනිදා පැවැති මෙම තරගයේදී සී.සී.සී. පිලේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ පොලිස් ක්‍රීඩා සමාජය වන අතර එහිදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුනු 187 ක දැවැන්ත තරග ජයක් සමගින් ශූරතාව දිනා ගනු ලැබීය. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සී. සී. සී. කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ට ලකුනු 387 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට සමත්වූ අතර පොලිස් කණ්ඩායමට පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුනු 200 ක් පමණි.

සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් දෙක අවුරුදු 23 න් පහළ තරගාවලියක දී අවසාන වරට තරග වැදුණේ 1991 වසරේ දී ය. එවර දුමින්ද පෙරේරාගේ නායකත්වයෙන් යුත් බ්ලූම්ෆීල්ඩ් ශූරතාව දිනාගත් අතර නිසිත රූපසිංහගේ නායකත්වයෙන් සී.සී.සී අනු සූරයෝ බවට පත් විය.

මෙවර (2025) සී.සී.සී කණ්ඩායම අවසාන පූර්ව තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පරාජය කරමින් ද බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අවසාන පූර්ව තරග‍යේ දී නිගම්බු ක්‍රිකට් සමාජය පරාජය කරමින් ද අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. මේ තරග දෙකටම වර්ෂාවෙන් වරින් වර බාධා ඇතිවිණි.

මේ වසරේ තරගාවලියට කණ්ඩායම් 26 ක් ඉදිරිපත් වූ අතර ඒ, බී, සී සහ ඩී යනුවෙන් කොටස් හතරකට කණ්ඩායම් බෙදා මූලික තරග පැවැත්විණි.

අවසාන තරගයට සහභාගී වන සී.සී.සී කණ්ඩායම – අංජල බණ්ඩාර (නායක) අරෝෂ සිතුමිණ, දුල්නිත් සිගේරා, පවන් සංදේශ්, පවන් රත්නායක, සහන් කෝසල, ඉනුක කරන්නාගොඩ, හිරුෂ දෙව්මික, දුවිඳු රණතුංග, තිසරු වන්නිනායක, ඉසුරු කොතලාවලගේ

අවසාන තරගයට සහභාගී වන බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම – සිනෙත් ප්‍රේමරත්න (නායක) හසිත අමරසිංහ, සවිඳු රුද්‍රිගෝ, අසිත වන්නිනායක, බවන්ත ජයසිංහ, කවීෂ පියුමල්, තරිඳු හර්ෂණ, පැතුම් රත්නායක, තරිඳු නිර්මාල් ගුරුගේ, දුලාජ් සමුදිත, මිහිරංග නිම්සර සිල්වා සහ නිසල අබේරත්න.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee