ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වීමට නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සමත්වූවේය. යුද හමුදාවට එරෙහිව දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේදී පුළිඳු පෙරේරා විසින් ලකුණු 223 ක් රැස් කිරීමට සමත්වූවේය.
පන්දු 241 කට මුහුණ දුන් වමතින් පිත්ත හසුරුවන පුළිඳු තම ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් කළේය. 20 හැවිරිදි වියේ පසුවන පුළිඳු මහනුවර ධර්මරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශිෂ්ඨ වි සිටියි. ඔහු ගෙවී ගිය 2024 වසරේදීද වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය.
මීට අමතරව ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවන සංගීත් ෂෙහාර (143) සහ ධනුජ ඉඳුවර (138) ගාලු කණ්ඩායමට එරෙහිව ශතක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූහ මෙහිදී මොවුන් දෙදෙනා එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 264 ක් එක් කිරීමද කැපී පෙනිණ. මෙහිදී සංගීත් ෂෙහාර තම ලකුණු 143 සඳහා පන්දු 183 කට මුහුණ දුන්නේ ඊට හතරේ පහර 15 ක් ද එල්ල කරමිනි. ඔහුගේ අනෙක් ශතක ලාභී සගයා වූ ධනුජ ඉඳුවර පන්දු 183 කට මුහුණ දී ලබා ගත් ලකුණු 138 සඳහා හතරේ පහර 18 ක් එල්ල කර තිබුණේය.
මීට අමතරව ඒස් කැපිටල් සහ බී.ආර්.සී. අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායමේ රනේෂ් සිල්වා ලකුණු 111ක් රැස් කර ශතකය අභිබවා ගියේ පන්දු 89ක දී හතරේ 12ක් සහ හයේ පහරක් ද සමගය. ඔහුට අමතරව දිනයේ අනෙක් ශතක ලාභියා වූ යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ තරිඳු ප්‍රදීප්ත මැලේ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 206ක දී හතරේ 18ක් සහ හයේ පහරක් සමග ලකුණු 114ක් ලැබීය.
පන්දු යවන්නන් අතර දක්ෂතම පන්දු යැවීම වාර්තා වුයේ මොරටුව ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. අතර තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ශක්ති උදාර ලකුණු 63කට කඩුලු හයක්ම දවාලීමෙනි. මීට අමතරව යුද හමුදාවේ නවීන් පෙරේරා නුගේගොඩ සමග ලකුණු 56කට කඩුලු හතරක් ද සෙබස්ටියනයිට්ස් සමග තරගයේ දී නාවික හමුදාවේ රිතිල් සුරවීර ලකුණු 59කට කඩුලු 4ක් ද එස්.එස්.සී. – කැන්ඩි කස්ටම් තරගයේ දී කැන්ඩි කස්ටම් කණ්ඩායමේ වෙන්කට් රාජේන්ද්‍රන් ලකුණු 53කට කඩුලු හතරක් ද දවාලුහ.
- ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. ක්‍රීඩා සමාජය (බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 6ට 355යි (පන්දුවාර 70යි)
(රනේෂ් සිල්වා 111, විනුෂ්ක සිල්වා 80, පවන් පතිරාජ 70, රවීන් ද සිල්වා නොදැවී 48, වනුජ සහන් 15, ආකාෂ් බාලක්‍රිෂ්ණන් 72/3, තාරුෂ්ක අසේල් 99/2)
බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 4ට 65යි (පන්දුවාර 18යි)
(ඉසුරු ප්‍රනාන්දු 16, සචිර වැලිහින්න 15, තනුග පළිහවඩන නොදැවී 14, වනුජ සහන් 30/3, දනාල් හේමානන්ද 23/1)
- නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය – යුද හමුදා ක්‍රීඩා සමාජය (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 346යි (පන්දුවාර 82යි)
(පුළිඳු පෙරේරා 223, කවිෂ්ක බොතේජු 78, දහම් නිර්මාල් නොදැවී 20, නවීන් පෙරේරා 56/4, ශෙනෙල් සමරතුංග 126/3)
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 1ට 11යි (පන්දුවාර 5යි)
(අශාන් සුදර්ශන නොදැවී 09, සෙනුර ගිහාන් 4/1)
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 278යි (පන්දුවාර 79.2යි)
(තමිඳු ප්‍රදීප්ත 114, පසිඳු සංජාන් 58, කවීෂ කල්පන 27, කවිත් ප්‍රනාන්දු 26, විරංග යෙෂාන් 15, නිමන් උමේෂ් 56/3, කෙවින් සැමුවෙල් 31/2, කවිෂ් සත්සර 52/2)
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 24යි (පන්දුවාර 08යි)
(නිමන් උමේෂ් නොදැවී 20, හිරන්ත ජයසිංහ නොදැවී 04)
- මොරටුව ක්‍රීඩා සමාජය – එන්.සී.සී. ක්‍රිකට් සමාජය (මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී)
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 189යි (පන්දුවාර 55.2යි)
(ලසෙන් ගුණරත්න 29, විදුර ලක්ෂාන් 25, සහන් කෞෂල්‍ය 24, සසිඳු බැට්ටගේ 20, අමිත දාබරේ 19, උපේක සෙනෙවිරත්න 19, මනේන්ද්‍ර ජයතිලක 19, මලිත පෙරේරා 17, ශක්ති උදාර 63/6, දසුන් ගුණසිංහ 8/1)
එන්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජය කඩුලු 3ට 118යි (පන්දුවාර 34යි)
(ජීවක සෂින් නොදැවී 41, ගවිරු සෙන්හස් නොදැවී 33, සරිත් සුදීන 17, දිලාල් අමරසිංහ 15, ෂෙහාන් කෞෂල්‍ය 22/3)
- සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය (නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 231යි (පන්දුවාර 56.2යි)
(චාරුක පීරිස් 59, ලෂ්මික පෙරේරා 37, තාරුක සූරියආරච්චි 31, නුවන් දිනෙත් 29, කවිඳු ගයත්‍ර 20, රුසිරු විලෝචන 16, රිතිල් සුරවීර 59/4, දිනෝෂ් ගමගේ 23/2, ජනිත් ප්‍රනාන්දු 44/2, හංසජ ජයසිංහ 49/2)
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 5ට 91යි (පන්දුවාර 29යි)
(දිනෝෂ් ගමගේ නොදැවී 30, හිරුන ප්‍රනාන්දු නොදැවී 15, සුමල්ක ප්‍රනාන්දු 13, අෂේන් පෙරේරා 18/2, තරුෂ අමරසිංහ 24/2)
- කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය (කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී)
කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 7ට 207යි (පන්දුවාර 59.1යි)
(අමීෂ් තෙන්නකෝන් 59, ලක්වින් අබේසිංහ 52, වතිල උදාර නොදැවී 28, ගයාන් වීරසිංහ 14, විශ්ව ධනංජය 39/4, කළණ ලියනගේ 61/3)
- පොලිස් ක්‍රීඩා සමාජය – ගෝල් ක්‍රිකට් සමාජය (කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ට 344යි (පන්දුවාර 75යි)
(සංගීත් ෂෙහාර 143, ධනුජ ඉඳුවර 138, රශ්මික පෙරේරා 27, කවීන් රුක්ෂාන් 102/3, මනීෂ රශ්මික 59/2, යුරි කොට්ටිගොඩ 63/1)
ගෝල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කිසිවෙකු නොදැවී 39යි (පන්දුවාර 13යි)
(නිකිල් ජයවීර නොදැවී 20, චමත් දිල්සාර නොදැවී 18)
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය (එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී)
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 219යි (පන්දුවාර 53යි)
(ෂෙවොන් ඩැනියල් 75, දිනුර කළුපහන 41, නදීෂ ආකාෂ් 40, සදීෂ රාජපක්ෂ 18, කෙනුල ද සොයිසා 13, වෙන්කට් රාජේන්ද්‍රන් 53/4, ෂොන් රොද්‍රිගෝ 35/2, නඳුන් අසේල සිල්වා 47/2)
කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ට 92යි (පන්දුවාර 36.5යි)
(නඳුන් අසේල සිල්වා 36, චෙහාන් සුබසිංහ 17, කවීෂ ඉඳුවර නොදැවී 12, සදීෂ රාජපක්ෂ 30/3, දිනුක වන්නිආරච්චි 19/2)





