slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2025
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා බාළිකා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය ‘මැලිබන්‘ වෙතින්

sinhala editor

සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන මැලිබන් ආයතනය ඉදිරිපත්ව සිටියි. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පිරිනමනු ලබන ප්‍රධාන අනුග්‍රාහකත්වයට අමතරව ශ්‍රී ලංකා අවුරුදු 19 න්  පහළ බාළිකා කණ්ඩායමද සවිබල ගැන්වීම සඳහා මැලියන් ආයතනය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ කල් පවතින සන්නාමයක් වන මැලිබන් ආයතනය, මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය සඳහා ඉදිරිපත්ව සිටින්නේ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වයස් කාණ්ඩ මට්ටමේ සිට ජාතික සහ ජාත්‍යන්තර මට්ටම දක්වා ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බැවිනි.

‘මැලිබන් කුසලාන‘ වෙනුවෙන් කණ්ඩායම් දෙකම උරෙනුර ගැටෙන මෙම ක්‍රිකට් තරගාවලිය යටතේ පන්දුවාර විස්සයි-20 තරග 5ක් සහ එක් එක්දින තරගයක් පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි අංශ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ “අපගේ තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විශාල නිරාවරණයක් ලබා දෙන මෙම වැදගත් තරගාවලිය සඳහා මැලිබන් කණ්ඩායම අප සමඟ එක්වීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තරය පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බැවින්, මෙම හවුල්කාරිත්වයෙන් මැලිබන් සමාගමටද විශේෂ වටිනාකමක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙනි.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ජාතික කණ්ඩායමට ලබා දෙන මෙම සහාය, මැලිබන් සමාගම ක්‍රීඩක සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කරනවා පමණක් නොව, ශූරතා බිහිකිරීම හා රටේ කාන්තා ක්‍රීඩාවේ තවදුරටත් දියුණුවටද විශාල දායකත්වයක් ගෙන එනු ලබයි.

“මැලිබන් හි, අපි සැමවිටම විශ්වාස කරන්නේ සැබෑ වර්ධනය ඊළඟ පරම්පරාව පෝෂණය කිරීම තුළ ඇති බවයි. ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස එක්වීමෙන් අපි සියලුදෙනා ආදරය කරන මෙම ක්‍රීඩාවට සහාය දීම පමණක් නොව, අපේ රටේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීමට ද දායක වන්නෙමු.

මෙම තරුණ ක්‍රීඩිකාවන් ධෛර්යය, ආශාව සහ අසීමිත හැකියාව නියෝජනය කරන අතර, ඔවුන් තම සිහින සාර්ථක කර ගනිමින් ගමන් කරන අවස්ථාවේ ඔවුන් අසල සිටීම අපගේ විශාල වරප්‍රසාදයකි. මේ හවුල්කාරිත්වය හරහා තරුණියන් සවිබල ගැන්වීම, නව අවස්ථා නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නව යුගයකට දිරිගැන්වීම සඳහා මැලිබන් සමාගමේ කැපවීම නැවත තහවුරු කරනු ඇත” යි මැලිබන් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් තරග වදිනු ලබන මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එම සියලුම තරග මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව විවෘත කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ. ඊට අමතරව දෙරට අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් යූටියුබ් චැලනය සහ ටැලන්ට් ටීවී ඔස්සේ සජීවී විකාශයද සිදුකෙරෙනු ඇත.

තරගාවලිය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරග 5 සැප්තැම්බර් 20, 21, 24, 26, 28 යන දිනවලදීද පළමු සහ එකම එක්දින තරගය සැප්තැම්යර් මස 30 වැනිදා ද පැවැත්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar