slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2025
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක පරාජයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 5 ක ජයක් අත්කරගත් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කර ගත්තේය. විස්සයි-20 අන්තර්ජාතික ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගත් දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු අද රැස් කර ගන්නා ලද ලකුණු 80 ක ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දුවාර 14.2 කදී කඩුලු 5 ක් දැවී තරගය ජයග්‍රහණය කළහ.

ඉලක්කය කුඩා වුවද ධෛර්යවන්ත ලෙසින් පන්දු යැවූ දුෂ්මන් චමීර ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් ප්‍රතිවාදීන් අසීරුතාවයට පත් කළද පිතිකරුවන් විසින් ලබා දී තිබුණු ලකුණු 80 තරගයක් දීමට කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය. එම පන්දු යැවීම ප්‍රධාන කොට සත්කාරක කණ්ඩායමේ කඩුලු 5 ක් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ නමුදු රයන් බර්ල් සහ ටශින්ගා මුසේකිවා පිළිවෙලින් ලකුණු 20 සහ 21 වශයෙන් ලකුණු රැස් කරමින් සිම්බාබ්වේ පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මීට පෙර විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ 2024 වසරේදී ඇමරිකාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ දැවී ගිය ලකුණු 77 විය.

කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනර කර සිටි අතර එහි සාර්ථක ප්‍රතිඵල අත්කර සිම්බාබ්වේ පන්දු යවන්නෝ පළමු කඩුලු 5 ම ලකුණු 38 ක් ඇතුළත බිඳ හෙළා ගත්හ. බ්‍රෑඩ් එවන්ස් සහ සිකන්දර් රාසා එක්ව දැවී ගිය කඩුලු 10 න් 6 ක්ම සමව හිමිකම් කියද්දී ශ්‍රී ලංකා ඉනිම තවත් පන්දුවාර 2 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී නිමාවට පත්විය. මෙම තරගයේදී සත්කාරක කණ්ඩායමේ පන්දු රැකීමද අති විශිෂ්ඨ මට්ටමේ පැවැතීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකා ඉනිම පැත්තෙන් සඳහන් කිරීමට විශේෂිත වූ දස්කමක් වාර්තා නොවිණ. වසර 3 කට පසු කණ්ඩායමට පැමිණි කමිල් මිශාර රැස් කරන ලද ලකුණු 20 හැර ශ්‍රී ලංකා පිලේ එකම පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට අපොහොසත් වූහ එපමණක් නොව ඉලක්කම් දෙකකින් ලිවිය හැකි මට්ටමේ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට රැඳවීමට සමත් වූවේද චරිත් අසලංක (18) සහ දසුන් ශානක (15) පමණි.

ශ්‍රී ලංකාව පන්දුවාර 17.4 කදී සියලු දෙනා දැවී ලකුණු 80 යි – කමිල් මිශාර 20, චරිත් අසලංක 18, දසුන් ශානක 15, පැතුම් නිස්සංක 08, කුසල් මෙන්ඩිස් 01, නුවනිඳු ප්‍රනාන්දු 01, කමිඳු මෙන්ඩිස් 00, දුෂාන් හේමන්ත 07, දුෂ්මන්ත චමීර 00, මහීෂ් තීක්ෂණ 06, බිනුර ප්‍රනාන්දු 00, බ්‍රෑඩ් එවන්ස් 15/3, සිකන්දර් රාසා 11/3, බ්ලෙසිං මුසරබානි 14/2, ෂෝන් විලියම්ස් 19/1)

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 84 යි – (බ්‍රයන් බෛනට් 19, ටඩිවංශේ මරුමානි 17, ෂෝන් විලියම්ස් 00, සිකන්දර් රාසා 02, රයන් බර්ල් 20*, ටෝන් මුන්යොන්ගා 03, ටශිංගා මුසෙකිවා 21*, දුෂ්මන්ත චමීර 19/3, මහීෂ් තීක්ෂණ 28/1, බිනුර ප්‍රනාන්දු 14/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee