slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2025
පුළිඳුගේ ශතක ගොන්නට තවත් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (12) ආරම්භ වු අර්ධ අවසාන පූර්ව වටයේ තරග හතර අතුරින් වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම අතර තරගයේ දී නුගේගොඩ කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා නොදැවී ලකුණු 110ක් රැස් කරමින් දිනයේ එකම ශතකය වාර්තා කළේය.

 මේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටිමින් මූලික වටය නිම වන විට පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානයේ සිටින මේ තරුණ පිතිකරුවා අද දියේදී නොදැවී ලකුණු 110ක් රැස් කළේය. පන්දු 171කට මුහුණ දුන් පුළිඳු තම ඉනිම සදහා හතරේ පහර 14ක් සහ හයේ පහරක් එල්ල කළේය. එස්.එස්.සී. කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 127ට පිළිතුරු ලෙස නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය දිනය නිම වන විට කඩුලු දෙකකට ලකුණු 186ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසු විය.

නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් මෙදින දක්ෂ පන්දු යැවීමක නිරත වු අබ්දුල් හකීම් ශිරාඩ් ලකුණු 65කට කඩුලු පහක් දවාලමින් එස්.එස්.සී. ඉනිම ලකුණු 127ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට මුල් වූවේය. එස්.එස්.සී. ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියල් පමණක් ලකුණු 54ක් (පන්දු 60යි හතරේ අටයි) ලබා ලකුණු අතර පසු විය.

  එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අර්ධ අවසාන පූර්ව තරගයේ දී නිගම්බු ක්‍රිකට් සමාජයේ නායක ආරම්භක පිතිකරු කවීන් ප්‍රනාන්දු හලාවත මේරියන්ස් සමග පන්දු 155ක දී හතරේ නවයක් සමග ලකුණු 91ක් ද සාෆ්නි ඩීන් නොදැවී ලකුණු 63ක් ද (පන්දු 130යි හතරේ නවයයි) රැස් කිරීමෙන් නිගම්බු කණ්ඩායමට ප්‍රථම ඉනිමේ දී ලකුණු 286ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ දිලන දම්සර ලකුණු 67කට කඩුලු හතරක් දවාලීමට සමත් විය.

දිනයේ (12) හොඳම පන්දු යැවීම  තෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ  ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව තර වැදි බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ දුලාජ් සමුදිත වාර්තා කළේය. ඔහු  ලකුණු 53කට පිතිකරුවන් හයක්ම දවාලූවේය. දුලාජ්ගේ දස්කම් මත ඒස් කැපිටල් ඉනිම 171කට සීමා විණි. බ්ලුම්ෆීල්ඩ් ප්‍රබල පිළිතුරක් සැපයුවේ කඩුලු හතරකට ලකුණු 132ක් රැස් කරමිනි. මෙහිදී මිනෙත් ප්‍රේමරත්න ලකුණු 52ක් රැස් කළේ පන්දු 82ක දී හතරේ පහර හයක් එල්ල කරමිනි.

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් – සී.සී.සී. අතර  සිව් වන අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ (ලකුණු 54ට කඩුලු 4යි) සහ තිසරු වන්නිනායක (ලකුණු 71කට කඩුලු 4යි) දවාලීමෙන් මුවර්ස් ප්‍රථම ඉනිම 235ක දී නිමාවට පත්විණි.

මුවර්ස් වෙනුවෙන් දක්ෂ ලෙස පන්දුවට පහර දුන් මොහොමඩ් තාබිත් පන්දු 118ක දී හතරේ හතක් හයේ පහරක් සමග අගනා ලකුණු 89ක් ලැබීය.

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය (නුගේගොඩින් ප්‍රබල පිළිතුරක්)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 127යි (පන්දුවාර 29.2යි)

 (ෂෙවෝන් ඩැනියල් 54, චමිඳු වික්‍රමසිංහ 24, ශෙහාන් හසරංග 19 අබ්දුල් හකීම් ශිරාඩ් 65/5, නිර්මල රත්නායක 14/3, අභිෂේක් ආනන්දකුමාර 9/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 2ට 186යි (පන්දුවාර 58යි)

 (පුළිඳු පෙරේරා නොදැවී 110,  කවිෂ්ක බොතේජු නොදැවී 40, අභිෂේක් ආනන්දකුමාර 26, චමිඳු වික්‍රමසිංහ 23/1)

  • නිගම්බු ක්‍රිකට් සමාජය – හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (නිගම්බු නායකයාගේ හපන්කම්)

නිගම්බු ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 286යි (පන්දුවාර 80.2යි)

 (කවීන් ප්‍රනාන්දු 91, සාෆ්නී ඩීන් නොදැවී 63, තත්සර එෂාන් 33, හසිඳු කෙව්මිණ කවිරත්න 30, වගීෂ පෙරේරා 14, ශෙහාන් ප්‍රමෝද් 14, දිලන දම්සර 67/4, තිමිර ඉරුෂික 65/2, මෙලන් හංසක 99/2)

 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 29යි (පන්දුවාර 7යි)

 (තරිඳු අමරසිංහ 19, හංසජ හිරුණ 18/1)

  • ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (තියුණු සටනක්)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 171යි (පන්දුවාර 46.5යි)

 (රනේෂ් සිල්වා නොදැවී 51, විනුෂ්ක සිල්වා 36, ළහිරු අබේසිංහ 16, පවන් පතිරාජ 14, තිසර ඒකනායක 14, දුලාජ් සමුදිත 53/6, තරිඳු නිර්මාල් ගුරුගේ 50/2)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 4ට 132යි (පන්දුවාර 40යි)

 (මිනෙත් ප්‍රේමරත්න 52, සවිඳු රොද්‍රිගෝ 44, භවන්ත ජයසිංහ නොදැවී 26, ට්‍රවීන් මැතිව් 40/2, තිසර ඒකනායක 8/1, වනුජ සහන් 49/1)

  • මුවර්ස් ක්‍රීඩා සමාජය – සී.සී.සී. ක්‍රීඩා සමාජය (කරට කර තරගයක)

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 235යි (පන්දුවාර 65.2යි)

 (මොහොමඩ් තාබිත් 89, ඔමේෂ් මෙන්ඩිස් 32, හසිඳු පෙරේරා 27, විශාර ප්‍රනාන්දු 26, දිනාල් අනුරාධ 20, මල්ෂා තරුපති 18, ඉනුක කරන්නාගොඩ 54/4, තිසරු වන්නිනායක 71/4)

සී.සී.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 2ට 88යි (පන්දුවාර 19යි)

 (අරෝෂ සිතුමිණ නොදැවී 38, පවන් රත්නායක නොදැවී 23, දුල්නිත් සිගේරා 23, ළහිරු අමරසේකර 27/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee