slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2025
වාර්තාගත හඹා යෑමෙකින් පසු විස්සයි-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

sinhala editor

විස්සයි-20 තරග ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමෙන්  පැය 24 ක් ගතවීමට මත්තෙන් යළිත් දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හරාරේ නුවරදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-2 තරගයෙන් කඩුලු 8 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළහ. මෙය ශ්‍රී ලංකාවේ විස්සයි-20 තරග ඉතිහාසයේ ලියැවෙන්නේ දෙවැනි සාර්ථකම හඹා යෑඹ වශයෙනි.

මේ සමඟම සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ලකුණු 192 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දුවාර 2 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී රැස් කර ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. මෙම තරගයට පෙර ශ්‍රී ලංකාවේ සාර්ථකම විස්සයි-20 හඹා යෑම ලෙසින් සනිටුහන් වන්නේ 2018 වසරේදී බංග්ලාදේශ කන්ඩායමට එරෙහිව මීර්පූර්හිදී හඹා ගොස් ජය වාර්තා කරන ලද ලකුණු 194 ක ඉලක්කයයි.

ඉහතින් සඳහන් කළාක් මෙන් ලකුණු 80 කට දැවී ගොස් තිබියදී ගැටලු දාහයක් මධ්‍යෙය් තෙවැනි තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ වඩා සාර්ථක සැලසුමක නිරත වෙමින් ඉලක්කය කරා පැමිණියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවන් යුගලය වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනා ලකුණු 76 ක් වන විට පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වේගවත් ආරම්භය ලබා දෙමිනි. මොවුන් දෙදෙනා අතරින් පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සග පන්දු 20 කදී ලකුණු 33 ක් ද කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 17 කදී ලකුණු 30 ක්ද රැස් කළහ.

ඒ අනුව තෙවැනි කඩුල්ලට එක් වුණු කමිල් මිශාර සහ කුසල් පෙරේරා පන්දු 63 කදී ලකුණු 117 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ කරා රැගෙන ගියහ. මෙහිදී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ කෝඩුකාර කමිල් මිශාර මුහුණ දුන් 30 වැනි පන්දුවේදී මංගල අන්තර්ජාතික අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

පළමුව පානදුර මහානාම විදුහලෙන් සහ පසුව කොළඹ රාජකීය විදුහලින් සිය පාසල් ගමන හමාර කළ කමිල් වමතින් පන්දුවට පහර දෙයි. තවමත් 24 වැනි වියේ පසුවන අද දිිනයේදී රැස් කරන ලද ලකුණු 73 සදහා පන්දු 43 කට පමණක් මුහුණ දුන්නේය. ඔහු ඒවායින් පහර 3 ක් හතරේ සීමාවට ඉහළින්ද පහර 6 ක් හතරේ සීමාවට එපිටින්ද යැවීමට සලස්වා තිබිණ.

පළමු තරගයේදී අසාර්ථක වීම නිසා දෙවැනි තරගයේදී ස්ථානය අහිමිවූ කුසල් පෙරේරාව තීරණාත්මක තෙවැනි තරගයේදී යළිත් කණ්ඩායමට කැඳවා තිබිණ. තේරීම් කමිටුව සහ කණ්ඩායම් නායකයා බලාපොරොත්තු තබා තිබූ ලෙසටම තම වගකීම ඉටු කළ කුසල් තම ආධුනික ක්‍රීඩකයාට වැඩි පුර ලකුණු ලබා ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් පන්දුවට පහර දුන් අයුරු කැපී පෙනුණු නමුත්, මන්ට ලද අවස්ථාවේදීද මනාව පිත්ත හැසිරවූ වමත් කස කරුවා මුහුණ දුන් පන්දු 26 න් ලකුණු 46 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්තේය

ඉනිමේ අවසන් පන්දු වාරය යැවූ මතිෂ පතිරණ එය ලකුණු 06 කට සීමා නොකරන්නට සිම්බාබ්වේ කන්ඩායමට අද දිනයේදී පහසුවෙන්ම ලකුණු 200 සීිමාව ඉක්මවා යෑමට අවස්ථාව තිබිණ. නියමිත පන්දුවාර 20 අවසනදී ලකුනු 191 ක් ලකුණු පුවරුවේ රැඳවීමට සිම්බාබ්වේ පිල සමත්වීමත් සමග එය දෙරට අතර විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

පවර් ප්ලේ පන්දුවාර 6 ට හිමි අවස්ථාවේදී එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් තිබියදී ඔවුහු ලකුණු 58 ක් රැස් කර ගැනීමට සමත්ව සිටිය. තඩිවංශේ මරුමානි රැස් කරන ලද අර්ධ ශතකය හැරුනු කොට සිම්බාබ්වේ පිතිකරුවන්ට ලකුණු 30 සිමාව ඉක්මවා යෑමට නොහැකි වූ නමුත් ඔවුන්ගේ ප්‍රහාරාත්මක වේගය ලකුණු 100 ඉක්මවා පැවැතීම මෙතරම් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඔවුන්ට මඟ විවර විණ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය පිළිබඳව යළිත් සලකා බැලිය යුතු බව අද තරගයේදීද පැහැදිළිවම පෙන්නුම් කෙරුණු කරුණක් බවට පත්වූයේ පන්දු යවන ලද නායක චරිතඅ සලංක හැර අනෙක් සෑම පන්දු යවන්නෙකුටම ලකුණු 8 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්ව සිටීමය. මේ අතරින් වඩාත්ම ප්‍රහාරයට ලක් වු පන්දු යවන්නා වූයේ බිනුර ප්‍රනාන්දු වන අතර ඔහුගේ පන්දුවාාර 4 දී ලකුණු 48 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ රැස් කර ගැනීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ දුෂාන් හේමන්ත වන අතර ඔහු තම පන්දුවාර 4 ද ීලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තේය. මෙම තරගයේ වීරයා සම්මානයෙන් අර්ධ ශතක ලාභී කමිල් මිශාර ද තරගාවලියේ වීරයා ලෙස වේග පන්දු යවන දුෂ්මන්ත චමීරද සම්මාන දිනාගත්හ.

සිම්බාබ්වේ කණ්ඩායම  පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 191 යි – (බ්‍රයන් බෙනට් 13, තඩිවංශේ මරුමානි 51, ෂෝන් විලියම්ස් 23, සිකන්දර් රාසා 28, රයන් බර්ල් 26, ටහිංග මුසෙකිවා 18, ටෝනි මුන්යොංගා 13*, දුෂාන් හේමන්ත 38/3, දුෂ්මන්ත චමීර 33/2, මතීෂ පතිරණ 40/1, බිනුර ප්‍රනාන්දු 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 17.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 193 යි – (පැතුම් නිස්සංක 33, කුසල් මෙන්ඩිස් 30, කුසල් පෙරේරා 46*, කමිල් මිශාර 73*, බ්‍රෑඩ් එවන්ස් 28/1, සිකන්දර් රාසා 29/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee