slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2025
පාකිස්තානය සමඟ තරගයටත් වර්ෂාව බාධා කරයි

sinhala editor

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය වර්ෂාව හේතුවෙන් නවතා දමා පාකිස්තානයට හා ශ්‍රී ලංකාවට එක් ලකුණ බැගින් පිරිනැමීමට තීරණය විය. ඒ අනුව ශ්‍රී ලංකා  පිල ලකුණු 5ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ ගිය අතර, පාකිස්තානය ලකුණු 3ක් ලබා බංග්ලාදේශය පසු කොට 7 වැනි ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැති ලෝක කුසලාන තරග 11 අතුරින් අතහැර දමන ලද 5 වැනි තරගය ලෙසින් අද තරගය සටහන් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගය වර්ෂාව හේතු‍වෙන් පන්දුවාර 34කට සීමා කළද පන්දුවාර 4.2ක් යවා තිබියදී පස්වරු 6.30ට පමණ වර්ෂාව ඇඳ හැලීමෙන් තරගය නවතා දැමීමට සිදුවිය. එවිට පාකිස්තාන පිල කිසිවෙකු නොදැවී ලකුණු 18ක් ලබා තිබිණි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිට පිට කාසියේ වාසිය 6 වැනි වරටත් දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය. කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 10 ක් පම ඉහතදී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භය පමා විය. අනතුරුව ප.ව. 5.00 ට ක්‍රීඩාංගණය නිරීක්ෂණ කළ තරග විනිසුරුවරියෝ තරගය යළිත් ප.ව. 5.40 ට පන්දුවාර 38 ක තරගයක් ලෙසින් ආරම්භ කරනු ලබන බවයි. එහෙත් මිනිත්තු කීපයකට පසුව නැවතත් වර්ෂාවෙනා බාධා ඇතිවීම නිසා යළි තරගය පන්දුවාර 34 ක සීමා කරමින් ප.ව. 6.45 ට ආරම්භ කළ නමුත් තරගය පැවැත්විය හැකි වූයේ මිනිත්තු කීපයක් පමණි. අනතුරුව මුලු ක්‍රීඩාංගණයම වැසි ආවරණ වලින් වසා තැබීමට කටයුතු යෙදූ අතර රාත්‍රී 8.00 වන විට අකුණු ගැසීම ආරම්භ කළ නිතා තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරිය සහ විනිසුරුවරියෝ තීරණය කළහ.

වර්ෂාවෙන් පසු යළි තරගය ආරම්භ කිරීම උදෙසා ක්‍රීඩාංගණය ‍යෝග්‍ය තත්තවයක තිබේද යන්න රාත්‍රී 8ට විනිසුරුවරියන් පරික්ෂා කළ අතර, එහිදී තීරණය වූයේ ක්‍රීඩා පිටියේ ජලය රැදී ඇති බැවින් තරගය නවතා දැමීමටය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිල තරග 7කට මුහුණදී එක් තරගයක් ජයගත් අතර, තරග 3ක් පරාජයවී තරග තුනක් විසඳුමකින් තොරව නිමා වූවේය. පාකිස්තානය මෙතෙක් සහභාගීවූ තරග 7න් 4ක් පරාජයවී තරග 3ක් විසඳුමකින් තොරව නිමා වූවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar